හදිසි අනතුරුවලින් සිදුවන උකුල් ඇට බිඳීයාම් වලදී බද්ධ කිරීම සඳහා මෙයට වසර දහයකටත් එපිට කාලකදී ආනයනය කරන ලද කෘත්‍රිම උකුල් ඇට තොගයක් වසර දහයකට වැඩි කාලයක් එය ප්‍රමිතියට නොමැති නිසා භාවිතා කිරීමට නොහැකිව වෛද්‍ය සැපයුම් අංශයේ පළමු මහලේ ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ විවේක කාමරය ඉදිරිපස කොටසේ ලී පෙට්ටි දෙකක අසුරා ගබඩා කර සඟවා තිබෙන බව වාර්ථා වේ.
මෙම උපකරන කුමණ රටකින් ,කුමන කාලයක කවුරුන් විසින් ආනයනය කළේද යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති අතර ඊට අදාළ ලිපි ලේඛණ මේ වන විට විනාශ කර දමා ඇති බවද වාර්ථා වේ.
මෙරට ජනතාවට ශරීර ප්‍රමාණයට සරිලන උකුල් ඇට ආසියාතික රටවලට නිපදවන ඒවා වියයුතු වුවත් එසේ ආනයනය කර ඇති ඒවා ප්‍රමාණයෙන් විශාල නිසා මෙරටදී භාවිතා කිරිමට නොහැකි බව සදහන් වේ. ඉතා මිල අධික ලෝහයක් වන ටයිටෙනියම් වලින් නිපදවා ඇති ඒවා එම පෙට්ටි දෙකේ තුන්සියකට වැඩි ප්‍රමාණයක් ඇති බව විශ්වාස කෙරෙයි.
මෙම උකුල් ඇට අද සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රධාන සහකාර අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කරන උපාලි රණතුංග එකල ගබඩා පාලක වරයෙකු ලෙස කටයුතු කරන සමයේදී ඇනවුම් කර ඔහු සේවය කළ ගබඩාවට පැමිණ ඇති අතර, ඒවා පැමිණි අවස්ථාවේදීම ඒවාට අදාළ ලියකියවිලි සමග පරික්ෂා කර බලා ප්‍රමිතියට නොගැලපේ නම් ප්‍රතික්ෂේප කළ හැකිව තිබුණත් ඒ වෙනුවට එවකට එම ගබඩාවේ ප්‍රධාන ගබඩා පාලක වූ වත්මන් සහකාර අධ්‍යක්ෂ උපාලි රණතුංග විසින් සිදුකර ඇත්තේ එම ලියකියවිලි විනාශ කර දමා උකුල් ඇට තොගය මෙසේ සඟවා සිදුවීම යටගසා දැමීමයි. වරින්වර මේ පිළිබඳ ඉස්මතු වන විටදීද අදාළ සහකාර අධ්‍යක්ෂ වරයා විසින් මේ උකුල් ඇට තොගය වෙනත් ගබඩා වල සැඟවීමට උත්සාහ දරණ බවත් වාර්ථා වේ. කොන්ද පණ තියෙන ඇමතිවරයෙක් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හා සෞඛ්‍ය ලේකාම්වරයාට ඊට වගකිව යුත්තන් සොයා ගැනිමට හැකි බවද පෙන්වා දිමට කැමැත්තෙමු.