වත්ත බදිදට දී ඇස්සට දත නියවන තෙල් සංස්ථාව

ලංකා  ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතු රටේ එකම  පිරිපහදුව තෙල් සංස්ථාවෙන් වෙන්  වෙන් වූ රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම සහ උපාය මාර්ගික හවුල්කරුවෙක් සමග වැඩිදියුණු කිරීම වෙනුවට ත්‍රිකුණාමල ප්‍රදේශයේ නව ඉන්ධන පිරිපහදුවක් ස්ථාපනය කිරීමට සැලසුම් සකර ඇති බව වාර්ථාවෙි.

 ඊට අදාලව මාර්තු 07 දින බලශක්ති අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට  පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.සපුගස්කන්ද පිරිපහදුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන් වූ රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම අවශ්‍ය කටයුතු මේවන විට සැලසුම් කර තිබෙි.

ඒ මගින් සපුගස්කන්ද පිරිපහදුවේ සමස්ත සේවකයින්ගේ මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳවත් ප්‍රතිිව්‍යුහ ගත කරන ක්‍රියාවලිය තුළින් රටේ ජනතාවට කිසිදු ආර්ථික මය ප්‍රතිලාභයක් මේ වනතුරුත් අත්වී නොමැති බැවින් රජය සතු දේපළ පෞද්ගලික සමාගම්වලට තම අභිමතය පරිදි නතු කිරීම තුළින් ජනතාවගේ මානව හිමිකම් කඩවීමක් සිදුවී ඇති බව පෙන්වා දෙමින් ඒ සඳහා විමර්ශනයක් සිදුකරන ලෙස  මානව හිමිකම් කොමිෂන් සභාව වෙත  HRC  Ho  1637 24 අංක දරණ පැමිණිල්ල යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *