මහනුවර නව නගරාධිපතිට ඔත්තුවක්

මහනුවර මහා නගර සභාවෙි විධායක ශ්‍රේණියේ නිලධාරීන් රාජකාරියේ යෙදෙන බව පවසමින් නගර සභාවෙි විවිධ  දෙපාර්තමේන්තුවලට අයත් සංචිතයේ ඇති වාහන අවභාවිතා කරමින්,රජයේ ඉන්ධන අවභාවිතා කරමින් තම පුද්ගලික කාර්යයන් සඳහා යොදවා ගනිමින් මහජන බදු මුදල් මිලියන ගණනින් වැය කරන බව මහා නගර සභාවට නිලධාරීන් පෙන්වාදෙයි.

මෙම සඳහා සංචිතයේ ඇති  වාහන 10 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ගෙන ඉංජිනේරු,පරිපාලන ,වෛද්‍ය වෘත්තියින් කිසිදු අධීක්ෂණ ක්‍රියාවලියකින් බැහැරව තම අභිමතය පරිදි වාහන පරිහරණය කරන බව වාර්ථාවෙි.

දිනපතා උදෑසන 6.00ට හා 6.30 ට සේවා මුර සඳහා වාර්තා කරන රියැදුරන් අදාළ නිලධාරීන් සංචිතයේ ඇති නමි කරන ලද වාහනය රැගෙන නිලධාරීයාගේ නිවෙසට ගොස් පළමුවෙන්ම ඔවුන්ගේ දරැවන්  නගරයේ පිහිටි පාසැල්වලට ඇරලවයි.දෙවනුව යළි නිලධාරීයාගේ නිවෙසේ එදිනෙදා අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදි ගෙන පෙ.ව.9.00- 9.30ට පමණ මහා නගර සභාවට පැමිණ රාජකාරියට වාර්තා කර යළි ක්ෂේත්‍ර රාජකාරිය සඳහා පැයක පැය දෙකක පමණ කාලයක් ගතකරයි.

දරුවන්ගේ පාසැල් අවසන් වන මොහොත තෙක් අදාළ නිලධාරීනිය සාප්පු සවාරියේ යෑම,බියුටි සැලූන් යාම ඇතුළු පුද්ගලික කාර්යයන් එම වාහන යොදවා ගනියි.

ප.ව.130-3.00 අතර කාලයේ දරුවන් පාසලෙන් වාහනයට ගෙන නිවෙසට ඇරලවීම හෝ උපකාරක පංතියට යොමුකරලීම  වාහනයේ රියැදුරන්ගේ තවත් රාජකාරියකි.

මීට පරිභාහිරව මළගෙදරට යාම,විනෝද චාරිකා යාම ආදියට ද නගර සභා වාහන යොදවා ගනියි.

මෙම සංචිතයේ වාහන අධීක්ෂණය කළයුත්තේ පරිපාලන නිලධාරීන් වුවත්  ඔවුන් මඟහැර ඉතාමත් සැලසුම් සහගතව හා සූක්ෂම ආකාරයෙන් කොමසාරිස්වරියගේ අනුමැතිය ලබාගැනීමට නිලධාරීන් හා රියැදුරන් දක්ෂයෝ වෙති.

ඊට හේතුව වන්නේ කොමසාරිස්වරියගේ හිතෛෂින් වන්නේ රාජකාරි ධූරාවලියට අයත් නිලධාරීන් නොව කනිෂ්ඨ කාර්ය මණ්ඩලය හා එහි රියැදුරන්ය.කණිෂ්ඨ සේවක සේවිකාවන්ගේ හා රියැදුරන්ගේ ඕනෑම ඉල්ලීමක් ඉටුකර ගැනීමට ඔවුන් දක්ෂතාවක් දක්වති.

එසේම මහා නගර සභාවේ සෞඛ්‍යය අංශයේ ප්‍රධානීයෙකුගේ වැටුප ලක්ෂ නවය ඉක්මවන බව සේවකයින් පවසයි.මෙම නිලධාරීයා සෞඛ්‍යය අංශයේ රාජකාරියට අමතරව කොමසාරිස්වරියගේ අනුදැනුම මත නගර සභා පරිඝනක අංශයේ වගකීම් ද භාරගෙන ඇත්තේ ඊට අදාළ සුදුසුකමි සහිත නිලධාරීන් සිටියදිය.ඒ අනුව මෙම නිලධාරීයා තම මාසික වෙිතනය ඉක්මවා මසකට පැය 250/260 අමතර අතිකාල සේවාවන්  ලබාගන්නා බවත් එසේ ලබාගැනීම මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරිමක් බවද වේ.

මෙම පරිඝනක පද්ධතියේ කිසිදු ආරකෂිත බවක් නොමැති බව පවසන එහි වගකිවයුතු නිලධාරීන් පෙන්වාදෙන්නේ නගර සභා ආදායම් වෙනත් ගිනුමිවලට මාරැකර මූල්‍ය වංචා සිදු කල හැකි බවයි.

මෙම තත්ත්වය පිලිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට පැමිණිලි කර ඇතත් මෙතෙක් ඒ ගැන සාධනීය මැදිහත්වීමක් සිදුකර නොමැති බව පෙන්වාදෙන නගර සභා හිතෛෂී නිලධාරීන් කියා සිටින්නේ වත්මන් දේශපාලන අධිකාරියේ අවධානය යොමුකර මූල්‍ය අවභාවිතා වළගක්වා මහජන සේවාවන් විධිමත් ආකාරයෙන් පවත්වා ගෙනයන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *