ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කල අනුර කුමාර දිසානායක මහතා ජයගත් අතර 2024 නොවැම්බර්14 දින පැවති මහමැතිවරණයේ දී ඔහුගේ පක්ෂයට මන්ත්‍රී ආසන 159 ක් ලබා දෙමින් 1977 න් පසුව තනි පක්ෂයක් ලබාගත් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ජනතාව ලබා දුන්නේය. එහෙත් පසුගියදා පැවති පළාත් පාළන මැතිවරණයේදී එය එලෙසම රදවාගෙන ඉදියට යාමට ජනාධිපති ප්‍රමුඛ රජය අසමත් වූයේ ඇයි? රට කෘතිමව විනාෂ කිරීමට විශාල මෙහෙයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඉටුකරමින් සිටීම එයට හේතුවයි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයම පිරී ඇත්තේ හිටපු පොලිස් නිළධාරීන් ගෙනි.
ඇමති ආනන්ද විජේපාල හිටපු උප පොලිස් පරීක්ෂක වරෙයෙකි. අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකි. අමාත්‍යාංශයේ උපදේශක රණවීර හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකි. අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ගජසිංහ හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකි. අමාත්‍යාංශයේම රැදෙමින් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රීලෝඩ් පදනම යටතේ සේවය කරන පියනන්ද හිටපු පොලිස් අධිකාරී වරයෙකි. මෙතරම් පැරණි පොලිස් නිළධාරීන් සිටින අමාත්‍යාංශයක් ජනතාව අතර අසමත් වන්නේ ඔවුන් ඉතිහාසයේ ද අසමත් නිළධාරීන් නිසාද යන්න මේවනවිට ජනතාව අතර මතයක් හට ගෙන ඇත. අදටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පාලනය කරනු ලබන්නේ හිටපු ඇමති ටිරාං අලස්ය. එය හේතු සාධක ඇතිව ඔප්පු කිරීම අපහසු නොවේ.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දෝශ දර්ශනයට ලක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකව සිටි පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ව මාරුකිරීමට නොහැකිව අමාත්‍යාංශයේ ලොක්කන් මාස කීපයක් දැගලුවාය. හිටපු අධ්‍යක්ෂක වෙනුවට පත්කලේද ටිරාං අලස්ගේ සහ වැඩ තහනමට ලක්ව ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ ගෝලයෙකි. ඔහු ඊට කලකට පෙර ලේකම් රවී සෙනවිරත්න බස්නාහිර බුද්ධි අධ්‍යක්ෂක ලෙස සිටින කල සේවය කළ අතර ඔහු මාසික දීමනා එකතුකල අයෙකු බව ප්‍රසිද්ධය. කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස පත්කල ජේෂ්ඨ පොලිස් අධිකාරී ලොකු හෙට්ටි යනු රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් දැනට වැලිකඩ බන්ධනාගාරයේ සිටිය යුතු අයෙකි. ඔහු පිළිබදව වෙනම සාකච්ජා කල යුතුය. නුගේගොඩ හිටපු නියෝජ්‍ය පොලිස්පති වෙනුවට නියෝජ්‍ය පොලිස්පති දෙහිදෙණියව පත්කරන්නේම ටිරාං අලස්ගේ ඉල්ලීමටය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඇමතිවරයා ජන්දයට පෙර ලේකම් රවී සෙනවිරත්නට ආමන්ත්‍රණය කලෙ චීෆ් කියාය. දැන් රවී ලෙස ආමන්ත්‍රණය කරන අතර රවී සර් ලෙස ඔහුට අමතයි. ජන්දයට පෙර ඇමතිවරයාගේ පොලීසියේ සමකාළීනයන් වූ රණවීරට සහ ගජසිංහට ඇමතුවේ මචං කියාය. දැන් දෙන්නාම මචංට සර් කියන අතර සර් දෙන්නාටම නමින් කතා කරයි. පොලිස් දෙපාර්තමේන්තුවේ තත්වයද එසේමය.
වැඩ බලන පොලිස්පතිවරයා සමග අභ්‍යන්තර සාකච්ජා සම්මන්ත්‍රණ වලදී අනෙක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගැටුම් සහ වාදකර ගැනීම් ඒ හරහා සිත් බිඳීම් ඇතිවීම සාමාන්‍යය කාරණය වී ඇත. එයට ප්‍රධාන හේතුව අමාත්‍යාංශයේ නිළතල දරන්නන්ගේ නොගැලපීමයි. කොතරම් අය පෙරුම් පිරුවත් බුදු වෙන්නේ එක් අයෙකි. පෙරුම් පුරපු අය බුදු වූ කෙනාට සහය ලබා දිය යුතුය. එය ලබා නොදෙන්නේ නම් එය ලබා දෙන එලෙසට අන් අයට අවවාද කිරීම පාලකයාගේ වගකීමයි. ඒ වගකීම වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඉටුකරන්නේ නැත. අමාත්‍යාංශයේ ලොකුපුටු වල සිටින අය වැඩ කරන්නේම වත්මන් රජය ක්‍රමානුකූලව අපකීර්තියට පත්කිරීමේ කාර්යයි. ඒ සදහා ඔවුන්ට උපදෙස් ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක අනුර කුමාර දිසානායක බිංදුවට බැස්සීමට අන්තිම සතය දක්වා වියදම් කිරීමට සැදී පැහැදී සිටින කූඨප්‍රකට ව්‍යාපාරිකයකු වන නිශ්ෂංක සේනාධිපති සහ මැදමූලන රාජපක්ෂලා ය.
ගාල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සිටි කෑම කන අතින්ම රාජපක්ෂලා ගේ පශ්චාත් භාගය පිරිසිදු කල සුදත් මාසිංහ නිළධාරියාට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් මුදල් ලබාගැනීම ගැන අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වෙද්දී ( ඔහුගේ පුද්ගලික බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 40 බැරවූ ආකාරය පිළිබදව )එවැනි පරීක්ෂණයන් නොමැති බවට පොලිස් කොමිෂමට දැනුම් දී සුදත් මාසිංහව නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීමට මූලිකව ක්‍රියාත්මක වූයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක රණවීර සහ සම්බන්ධීකරණ ලේකම් ගජසිංහ යන දෙදෙනාය. එය කොතරම්ද කිවහොත් සුදත් මාසිංහට නිළ පලදනා පලදවන්නේ ද ඔවුන් දෙදෙනා වීමයි.
වත්මන් රජය බලයට පත්වූ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාන්තා අධ්‍යක්ෂක වරියක් පත්කල බවට පම්පෝරි ගැසුවාය. නමුත් ඇත්ත එය නොවේ.
2023 දෙසැම්බර් මසදී දේශබන්දු තෙන්නකෝන් හට පොලිස්පති ධූරය ලබා දීමට පෙර ඔහුට එරෙහිව යම් අභ්‍යන්තර පරීක්ෂණයක් තිබේද යන්න ව්‍යවස්ථාදායක සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇත. ඒ වන විටත් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණ 4 ක් පැවැත්වෙමින් තිබූ නිසා ඒ ගැන එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර විසින් ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දීමට සූදානම් වූ විට වහාම ඔහුට නිවාඩු ලබා පිටව යන ලෙසට එවකට ඇමති ටිරාං අලස් දැනුම් දීමෙන් පසුව වැඩ බලන අධ්‍යක්ෂක ලෙසට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කිසිම අභ්‍යන්තර පරීක්ෂණයක් නොමැති බවට ව්‍යවස්ථාදායක සභාවට ලිඛිත දැනුම් දී ඇත්තේ කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල විසිනි.
එයට සැලකීමක් ලෙසට වත්මන් අමාත්‍ය ආනන්ද විජේපාල සහ ලේකම් රවී සෙනවිරත්න විසින් කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත්කලේ ව්‍යවස්ථාදායක සභාවට සත්‍ය ප්‍රකාශ කිරීමට ගිය ජේෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරව කළුතර කොට්ඨාශ භාර නිළධාරියා ලෙස මාරු කරමිනි. රටම භීතියට පත්කරමින් පසුගිය 05 වෙනි දින ගල්කිස්ස දී තරුණයකු ඝාතනය විය. එම ඝාතනයට මූලික හේතුවක් වී ඇත්තේ ගල්කිස්ස කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී භ්‍රාග්මන ගේ විසින් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමයි. ඔහු එක් පාතාල කණ්ඩායකට සහය පලකරමින් ඔහුන්ගෙන් මාසිකව මුදල් සහ අනෙකුත් වරප්‍රසාදය ලබා ගනිමින් අනෙක් පාතාල කණ්ඩායම් වලට එරෙහිව බොරු නඩු දැමීම එම කණ්ඩායමේ සාමාජිකයන් ඝාතය කිරීමට අනුබලදීම සිදු කිරීමයි. ජේෂ්ඨ පොලිස් අධිකාරී භ්‍රාග්මනගේ ගේ ක්‍රියා කලාපය ගැන මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ප්‍රදේශ වාසීන් කොතෙක් දැනුම් දුන්නත් එයට විසදුමක් නැති නිසා එහි ප්‍රතිපලය වූයේ අවුරුදු 19 ක තරුණයකු දඩාවතේ යන බල්ලෙකුටත් වඩා පහත් ආකාරයෙක් ප්‍රසිද්ධියේ ඝාතනය වීමයි. ජේෂ්ඨ පොලිස් අධිකාරී භ්‍රාග්මනගේ ප්‍රසිද්ධියේ කියන්නේ දේශබන්දු තෙන්නකෝන්ට වඩා හොදින් රවී සෙනවිරත්න සහ රණවීර දෙදෙනා තමන්ගේ ආරක්ෂාවට සිටින බවය.
ඉහත කරුණු ගැන මධ්‍යස්ථව පරිශීලනල කලවිට වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පෙනී සිටින්නේ මහජන ආරක්ෂාව වෙනුවෙන් නොව මෙතෙක් කල් පවත්වාගෙන ආ ලූම්පන් පාඩද සමාජ ක්‍රමය වෙනුවෙනි. දහසක් බලාපොරොත්තු සිතැතිව රට වෙනුවෙන් ජාතික ජන බලවේගය වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කල ජනතාවගේ සහ සමාජයේ ආරක්ෂාව සැපයීමට අපොහොසත් වීමනිසා 3% පටංගෙන 43% සිට 62% ක් දක්වා ඉහලට ඔසවා තැබූ ජනතාව විසින්ම මාස 5 කට පසුව එනම් පසුගිය 06 වෙනි දින පැවති පලාත් පාළන මැතිවරණයේදී සමස්ත ප්‍රතිපලය 43% මට්ටමෙන් පහලට ජාතික ජන බලවේගය පත්කරමින් ආණ්ඩුවට රතු එලියක් දල්වා ඇත්තේද මේවැනි කෙරුමි කියුම්වල ප්‍රථිපල නිසාවෙන් බව කිව යුතුය.
(පොලිස් සමුහිකයේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු විද්‍යුත් තෑපෑලට යොමු කළ ලිපියකි.)