ක්‍රීඩා ඇමති සුනිල් කුමාර දැන් හිටපු ක්‍රිකට් පරිපාලකයන්ගේ දොස් දකින්න පටන් අරන් තිබුණත් ක්‍රිකට් පරිපාලනය හරිහැටි දකින්න ගත්තේ ජනාධිපතිවරයා මැදිහත් වීමෙන් පසුවයි.
ඒ වගෙම ඔහු තවමත් පාපන්දුව හා ඔලිම්පික් කමිටුව හරි හැටි දකින්නෙ නැතිව ගහන බයිලා ගැන ක්‍රීඩා ක්ෂෙත්‍රයේ අය පස්සා පැත්තෙන් හිනා වෙනවා.
ක්‍රිකට් වගෙම දූෂිත පාපන්දුවෙ ජස්වර් කියන හොර ගෙඩියා රකින ක්‍රීඩා ඇමතිවරයා ඔහුට ඔලිම්පික් කමිටු නිලවරණයටත් ඉදිරිපත් වෙන්න ඉඩ සැලැස්වා දුන්නේය.
ඔලිම්පික් කමිටු සභාපති ලෙස තේරී පත්වූ අසංග සෙනෙවිරත්නට එරෙහිව තියෙන චෝදනා ගැනත් මේ ක්‍රීඩා ඇමතිවරයා නිහඬයි.
ඔහු සභාපති ධූරය දරණ බේස්බෝල් සංගමය අක්‍රීයයි. පසුගිය කාලය පුරාම එහි දේශීය තරගාවලි පැවැත්වීමටත් ඔහු අසමත් වෙලා තිබෙි.
ඒ මදිවට විදෙස් රටවල පදිංචියට ගොස් ඒ රටවල පුරවැසිභාවය අරන් ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග වලට සහභාගි වෙන ලෙස ඔහු ආරාධනා කර ඇත.
පදක්කමක් දිනා ගත නොහැකි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරට නියෝජනය කරන්නට සැලැස්වීමෙන් වයිල්ඩ් කාඩ් අංශයෙන් ඔලිම්පික් නියෝජනය කරන්නට සුදුසුකම් ලැබිය හැකි ලංකාවේම සිටිමින් පුහුණුවීම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවස්ථාව මේ නිසා අහිමි වන බව මොහුට නොවැටහීම කනගාටුවට කරුණකි.
පාපන්දුවට වෙලා තියෙන්නෙත් එහෙම දෙයක්. ජාතික පිල විදෙස් වල පදිංචි ක්‍රීඩකයන්ගෙන් පුරවා ගැනීම නිසා මෙරට පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටින ක්‍රීඩකයන්ගේ අවස්ථාව අහිමි වීම නිසා ඉදිරියේ දක්ෂ ක්‍රීඩකයන් දේශීය පිටියෙන් සොයා ගත නොහැකි තත්ත්වයක් උදා වනු නියතයි.
තමන් ක්‍රීඩාවේ කෙළ පැමිණි උගතකු බව පෙන්වද්දී තමන් මෝඩයකු බව වැඩි දෙනෙකුට වැටහෙන බව ක්‍රීඩා ඇමතිවරයා තේරුම් ගත යුතුයි.
2026-06-30

