ටෙලිකොම් සභාපතිගේ AI නාඩගමට ජනතා මුදලින් රුපියල් ලක්‍ෂ දහසක් කාබාසිනියා කරයි

වත්මන් ටෙලිකොම් සභාපතිවරයා AI ප්‍රවර්ධනයට බව පවසමින් ලක්ෂ ගණනක් වැය කර ජොකරයෙක් ලෙස හැසිරෙන බව වාර්ථාවෙි. ඔහු විසින් මෙම සතිය තුළ දින තුනක් මොබිටෙල් ආයතනයෙහි මුදලින් රුපියල් මිලියන සියයක්(ලක්‍ෂ දහසක්) මෙම නාඩගම වෙනුවෙන් වැය කිරීමට තීරණය කර තිබිණ. මෙපමණ විශාල මුදලක් මොබිටෙල් ආයතනයට දැරිමට අපහසු බැවින් ඉන් සුළු කොටසක් හෝ ලබා ගැනීමට ටෙලිකම් සැපයුම්කරුවන් වෙතදද මෙම සභාපතිවරයා සිඟමනේ ගොස් ඇත.
මෙය ඉරියේදී සැපයුම්කරුවන්ගේ තවත් විශාල දූෂණ සංඛ්‍යාවකට මග පෑදීමක් වනු ඒකාන්තය. මෙම පරිණත නැති සභාපතිවරයාට එවැන්නක්වත් නොතේරෙයි. මෙම නාඩගම සඳහා චීනයෙන් මිලදී ගත් රොබෝට රුපියල් ලක්ෂ එකසිය දහයක පමණ මුදලක් වැය කොට ඇත. රොබෝ එම ස්ථානයේ ඩාන්ස් කරනවා හැරෙන්නට වෙන යමක් කර නැති අතර. ඩාන්ස් කොට රත්වී වැටී විවේක ගෙන ඇත. ටෙලිකොම් සභාපතිවරයාට මේවා මැජික්ය. නිලධාරීන් නියෝජ්‍ය ඇමතිවරයා හා ඇතැම් වෘත්තිය සමතිද ඔහු නටවන බව සභාපතිට නොවැටහේ.
මෙම සභාපතිවරයා පැමිණි දින සිට AI තාක්ෂණය ප්‍රචලිත කිරීමටයයි පවසමින් ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන වල මුදල් කබස්සිනියා කරමින් සිටිති. මෙහි ප්‍රධාන අරමුණ මේ සඳහා අගමැතිතුමිය වැනි ඉහළ රාජ්‍ය නිලධාරීන් ගෙන්වා රටෙහි AI පුනරුදයක් ඇති කිරීමට යන බව මවා පාමින් තමන්ගෙන් ගිලිහීමට යන ටෙලිකම් සභාපතිත්වය රැක ගැනීමය. මීට මාස කීපයකට පෙර පැවති AI නාඩගම සඳහා වියදම් කළ රුපියල් ලක්ෂ සියයකට වැඩි මුදලක් මේ වනතෙක් නියෝජ්‍ය ඇමතිවරයා වන එරංග වීරරත්න මහතා ටෙලිකම් mobitel ආයතන වලට ගෙවා නැත. ඇමතිවරයා සහ සභාපතිවරයා මේ හරහා සිදුකරමින් සිටින්නේ ජනාධිපතිතුමා ඇතුළු ඉහළ දේශපාලනඥයන් රැවටීමයි. සභාපතිවරයා තම දුර්වලතා වසා ගැනීම සඳහාද මෙම නාඩගම සිදුකරන අතර ටෙලිකම් ඉහළ නිලධාරීන් මෙම දුර්වල සභාපතිවරයාව ගොනාට අන්දවමින් තනතුරු තානාන්තර ලබා ගනිති.
ශ්‍රී ලංකා ටෙලිකම් ආයතනයේ පාරිභෝගික සේවා සැපයීම සඳහා අවශ්‍යය උපකරණ කලට වේලාවට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් නැත. එමෙන්ම. AI තාක්ෂණයේ කිසිදු සාධනීය යොදාගැනීමක් සිදු කිරීමට telecom සභාපති මේ වන විටත් අසමත්ව ඇත. එසේ තිබියදී රට තුළ කෙසේ නම් AI පුනරුදයක් ඇති කිරීමට හැකිද. 5g තාක්ෂණය ඔස්සේ පාරිභෝගික සේවා සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 5000 ඉක්මවූ මුදලක් වියදම් කොට බලපත්‍රයක් ගෙන ඇති මුත් වසරකට ආසන්න කාලයක් ගත වී තිබියදීත් මේ දක්වා එකදු බිල් ගෙවන පාරිභෝගිකයෙකු හෝ ලබා ගැනීමට අසමත්ව ඇත.
එදිනම මෙම බලපත්‍රය ලබාගත් ටෙලිකොම් ප්‍රධාන තරගකාරී ආයතනය වන ඩයලොග් ආයතනය මේ වන විට පාරිභෝගිකයෙන් පහළොස් ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා 5G තාක්ෂණය ඔස්සේ සේවා ලබාදී අවසන් කොට ඇත. ටෙලිකොම් සභාපතිවරයා 5G තාක්ෂණයෙන් පාරිභෝගික සේවා ලබාදීම සඳහා උපදෙස් ලබා ගැනීමට යයි පවසමින් විදේශීය සමාගමකට රුපියල් ලක්ෂ 1300කට වැඩි මුදලක් ඩොලර් වලින් ගෙවා ඇත. එම උපදේශන සේවාවද ගඟට ඉනි කැපීමක් බවට පත්ව ඇත. . සේවා සැපයීම් වේගවත් කිරීමට සිටින නිලධාරීන් 200කට වැඩි ප්‍රමාණයක් මාස දෙකකට වැඩි කාලයක් මෙම AI නාඩගම සඳහා යොදා ගැනීම හේතුවෙන් නව තාක්ෂණයන් ඔස්සේ සේවා ලබාදීම තව තවත් ප්‍රමාද වෙමින් පවතී.
සිදුව ඇත්තේ මොබිටෙල් ආයතනයට මුදල් අහිමිවීමක් පමණි. මේ අනුව යම් කණ්ඩායමක් සමග කුමන්ත්‍රණකාරී ලෙස ටෙලිකොම් කඩා බිඳ දැමීමේ වැඩපිළිවෙළක සභාපතිවරයා නිරත වන්නේ යැයිද සේවකයෝ කියති.එපමණක් නොව ප්‍රධාන ජාලධාරිතා වැඩි කිරීමට අනුමැතිය ලබාදී තිබියදීත් ටෙලිකම් සභාපතිවරයා එම සැපයුම්කරුවන් මගහරිමින් ඉහළ ධාරිතාවක් නොමැති හිතවත් සමාගමක් සමග ගිවිසුම් ගතවීමට යන බව දැන ගන්නට ඇත. .
විනය විරෝධී හා දූෂිත චෝදනා ඉදිරිපත්ව ඇති නිලධාරීන්ට හා නිලධාරිනියන්ට පගාවන් ලෙස උසස් වීම් ලබාදෙමින් නිර්ලජ්ජිත ලෙස ටෙලිකොම් සභාපති ධුරයේ රැඳී සිටීමට මෙම සභාපතිවරයා උත්සාහ දරති. ආණ්ඩුවේ ප්‍රතිපත්ති මාලාවට හාත්පසින්ම විරුද්ධ දූෂිතෙන් සුරැකීමේ, දූෂිතයන්ට තනතුරු වරප්‍රසාද පිරිනැමීමේ හා මොබිටෙල්ලෙහි දූෂිත නිලධාරීන් හා දූෂිත අධ්‍යක්ෂවරයා සමඟ එක්ව දූෂිත ගනුදෙනු කිරීමට මෙම සභාපතිවරයා පෙළඹී ඇත. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ. ටෙලිකම් මුදල් කාබාසිනියා කරන ටෙලිකම් විකට සභාපති රාජ්‍ය නායකයින් ඉදිරියේ රොබෝවරයෙක් සුරතල් කරමින් ආතල් ගන්නා ආකාරයයි.රොබෝට මෙන්ම නොබෝ දිනකින් ටෙලිකොම් සභාපතිටද සිදුවන්නේ 5G බඩේ බැඳන් මුහුදට පැනීමටය.
( ටෙලිකොම් සේවක පිරිසක් යොමු කල ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *