බත්තරමුල්ලේ පිහිටි බස්නාහිර පළාත් සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම ආශ්‍රිත ක්‍රියාවලිය අවිධිමත් හා දූෂණයෙන් පිරුණද ඒවා කාලයේ වැලිතලාවෙන් වැසි ගොස් තිබෙනවා. පළාත් සභාව යටතේ ඉංජිනේරු කාර්යාංශයක් තිබුණද ප්‍රධාන කාර්යාලය ඉදිකිරීම පැවරුණේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියටයි.
එම අධිකාරිය යනු අතිශය දූෂිත එකක්. එය විවෘත කිරීමට පෙර එකල ප්‍රධාන අමාත්‍යවරයාගේ නමෙහි කොටසක්ද ඇදෙන පරිදි නම් කිරීමට ගියද, එයට ඉහලින්ම විරුද්ධත්වය එල්ල වීම තුළ නමක් තැබුවේ නැහැ.
කෙසේ වෙතත් පළාත් සභා සේවක ප්‍රජාව මේ වනවිට තම කාර්යාල සංකිර්ණයට “වර්නන් පාය” යන නම පට බැඳ තිබෙනවා.
ඒ එක්තරා ලේකම්වරයකු කිරීමට යන ව්‍යාපෘතියක් හේතුවෙන්. එම ව්‍යාපෘතිය වනුයේ කාමර වෙන් කිරීම සඳහා කල (Partisan) තාවකාලික ඉදිකිරීමක ප්‍රථිපලයක් ලෙස, නිර්මාණය වු කොරිඩෝවක් දෙපස සිතුවම් එල්ලීමට සැලසුම් කිරීමයි.
මීටර් 400 ක් පමණ දුර එම කොරිඩෝව ඉතා පටු එකක් වන බැවින් යමකු නැවැතී සිතුවම් නැරබීමට ගිය හොත්, ඔබ මොබ යන තවත් අයවළුන්ට බාධා වන බව එහි රාජකාරි කරන පිරිස් වල නිගමනයයි.
එහෙත් තම අමාත්‍යාංශයේ නිල ලිපි ශීර්ෂය පවා හයවරක් වෙනස් කල අත්තනෝමතික ගති පැවතුම් වලින් පොහොසත් අදාළ ලේකම්වරයා, තම සිහිනය සැබෑ කර ගනු පිණිස වැය කිරීමට සුදානම් වන මුදල රුපියල් ලක්ෂ 40 කට ආසන්න බව වාර්තා වනවා.
පාසල් දරුවන් ලවා සිතුවම් නිර්මාණය කිරිමේ වගකීම පවරා ඇත්තේ පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියටයි. එම දෙපාර්තමේන්තුව විසින් සිතුවම් 33 ක් සදහා කැන්වස් මිලදී ගැනීමට ඉල්ලා ඇති මුදල රුපියල් ලක්ෂ 24 ක්.
අදාළ ලේකම්වරයා මැතකදී තවත් නිලධාරිනියක සමග චින සංචාරයයක නිරත වූ අතර, මෙම සිතුවම් සංකල්පය ක්‍රියාත්මක කිරීමට යන්නේ චීන කලා සම්ප්‍රදායන්ට අනුවයි. ප්‍රධාන මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන ප්‍රදේශයක පිහිටා නොතිබීම හේතුවෙන් මෙම කාර්යාලයේ සේවකයන් වෙත ලබා දෙන ප්‍රවාහන සේවා පහසුකම් ක්‍රමිකව කපා හැරෙමින් තිබෙන්නේ හා ප්‍රධාන ලේකම්වරයා වායුසමන නිවා රාත්‍රී කාලයේ රාජකාරි කරණුයේ පිරිමැසීම ප්‍රකට කරමිනුයි.එහෙව් කලෙක මෙම සිතුවම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යාම වැඩි දෙනාගේ කනස්සල්ලට හේතු වී තිබෙනවා.

