පාතාලය පොලිසියට උදව් කරන බව කෙතරම් අනාවරණය කර ද උසස් නිලධාරීන්ටත් ගතමනාවක් ලැබෙන නිසා කසාය බිව් ගොළුවන් සේ හැසිරීමේ සාමාන්‍ය සිරිතය.
අධිකරණය තුළ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට සැලසුම් කළ කෙහෙල් බද්දර පද්මේ සමග සම්බන්ධතා පැවැත් වූ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරියෙකු අත්ඩංගුවට ගත් පසු එම ඒකකයේ සියලුම නිලධාරීන් ස්ථාන මාරු කරනු ලැබිය.
සති කිහිපයක් ගිය විට සියල්ලන්ටම එම සිදුවීම අමතක වී ගිය පසු සිදුවී ඇත්තේ අදහා ගත නොහැකි සිදුවීමකි.ගම්පහ ඔස්මන් යනු බැටළු හම පොරවා ගෙන සිටි කොටියෙකු බව අප දැනගෙන ගොඩක් කාලයකි. ඔහුට බස්නාහිර උතුරු කොටසේ පොලිසි වල සිදු කළ දෙයක් නොමැති තරම්ය. එම වීරත්වය යොදා ගනිමින් විසුරුවා දැමූ අපරාධ කොට්ඨාසයේ සිටි සාජන් වීරසූරිය සහ ධනපාල එම ඒකකයටම ඇතුළත් කර ඇත.එයට ගම්පහ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සහ බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ සහාය ලැබීම පුදුමය දනවන්නකි.
මාධ්‍ය සංදර්ශනයට සීමා වුණු ස්ථානමාරු මේ වන විට පොලිසිය තුළ හාස්‍ය ධන වන සිදුවීම්ය. ගම්පහ ඔස්මන් මත්ද්‍රව්‍යවලට විරුද්ධ වුවත් ඔහුගේ කසිප්පු ටික ගම්පහ නගරයේ අලෙවි කිරීමට පොලිසිය නොමද සහයක් ලබා දී තිබෙනවා.එයට ඉතාමත් සහයක් ලබා දී ඇත්තේ ඉහත කී ස්ථාන මාරුව නැවත සැකසූ සාජන් වරුන් දෙදෙනාය. පොලිසියේ බහුතර නිලධාරීන් මේ පිළිබඳව වගයුතු පුද්ගලයින්ට නාමිකව නිර්නාමික දැනුම් දුන්නද කිසිවක් තවමත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔවුන් පවසන්නේ කලකිරීමෙනි.පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තද නින්දේ පසු වන හෙයින් ඔහු අවදි වූ පසු ක්‍රියා කරතැයි පොලිස් නිලධාරීන් විශ්වාසයක් තබාගෙන සිටිති.

