පුරවැසියන්ගේ ප්‍රමුඛම අවශ්‍යතාවක් වන ජාතික හැදුණුම්පත ඩිජිටල් කරණය කිරීමට පිඹුරුපත් සකසා බොහෝ කාලයක් ගෙවී ගොස්ය .එහෙත් මේ වැඩේ යන්නේ ඉබි ගමනින් ය..ඩිජිටල් හැඳුනුම්පත කෙසේ වෙතත් කලින් තිබු ආකාරයට හෝ හැඳුනුම්පතක් ලබා ගැනීමට ඇතැම් විට වසර 2- 3 ක් ගතවෙන බවට ජනතාව චෝදනා කරන්නේ අදක ඊයෙක නොවේ.
අතින් හැඳුනුම්පත සකස් කල අවධියේ දී මාසයකින් දෙකකින් තමන්ට හැඳුනුම්පත ලැබුණු නමුත් තාක්ෂණය මෙතරම් දියුණු අවධියක හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රමාද වීම බරපතළ ගැටලුවක් බවට ජනතාව චෝදනා කරති.තැපැල් ගාස්තු ලෙස රුපියල් 120.00 ක මුදලක් අය කරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව බොහෝ විට කඩිනමින් හැඳුනුම්පත නොඑවා එක්දින සේවා කරා පැමිණ විට රුපියල් 3000.00 ක මුදලක් අයකොට හැඳුනුම්පත නිකුත් කරනු ලබයි . හැදුණුම්පත ප්‍රමාදය ඉවසාගත නොහැකි ඈත ගම්වල ජනයා කොළඹ ගොස් එක්දින සේවාව යටතේ හැඳුනුම්පත ලබා ගන්නේ පුද්ගලිකව විශාල මුදලක් වැය කරමිනි .මෙය විශාල ඛේදවාචකයකි .පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල කුරුණෑගල හා ගාල්ලේ ඇතත් ඒවායින් එක්දින සේවා හැඳුනුම්පතක් නිකුත් නොකෙරේ .
මේ අතර මැතිවරණයකදි පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ සීමිත පිරිසකට තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කරන අතර එයද අනවශ්‍ය වියදමකි.ඒ වෙනුවට ජනතාවට කඩිනමින් හැදුණුම්පත නිකුත් නොකිරීම බරපතළ කාරණයකි.
අනෙක් අතට පාසැල් දරුවන් සඳහා ද වයස 18 තෙක් ස්ථිර හැදුනුම්පත් නිකුත් නොකරන අතර ඔවුන් සඳහා ද විශාල වියදමක් දරා නිකුත් කරන්නේ තාවකාලික හැඳුනුම්පතකි.බොහෝ දරුවන් අතින් මෙය විනාශ වන අවස්ථා බොහෝය .
වසර ගණනාවක් තිස්සේ බාලගිරි දෝෂයට ලක්වී ඇති පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ මේ ඩිජිටල් හැදුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කල යුතුය .එසේ නොකරන්නෙනම් තව දුරටත් කල් නොමරා පැරැණි හැදුණුම්පත හෝ නිකුත් කල යුතුය .