වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසුව සිදුකල ක්‍රියාන්විත කීපයක්ම රටේ යහපත වෙනුවෙන් සිදුකලද,ඒවා නැවත ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමට භූමරෑංගයක් බවට පත්කිරීමට හිතාමතාම කටයුතු කරන සහ උපදෙස් දෙන පිරිසක් සිටීයි. වත්මන් ආණ්ඩුව එම පිරිස නිසිලෙස හදුනාගැනීමට නොහැකිවීම අභාග්‍යසම්පන්න කරුණකි.
ආණ්ඩුව බලයට පත්වූ පසුව මේ වසරේ ජනවාරි මස දී පරීක්ෂා කිරීමකින් තොරව කන්ටේනර් 323 ක් මුදා හැර තිබුණි. ඒ ගැන සමාජයේ කතිකාවක් ඇරඹි මොහොතේ විෂයභාර අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති වරයා කීවේ අදාල කන්ටේනර් මුදාහරින ලෙසට අමාත්‍යාංශය උපදෙස් දුන් බවයි. එය සමාජය වෙත දුන් ඍජු පිළිතුරකි. ඒත් ඒ ගැන රේගු නිළධාරින් කීවේ පෙරද ඒ ලෙසට කන්ටේනර් මුදාහැර ඇති බවත් එය පූර්වාදර්ශයක් ලෙස ගෙන වරායේ තදබදය අවම කිරීමට එසේ සිදුකල බවයි.
මේ කරුණ ගැන විපක්ෂය අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් කර දින කීපයකින් ගත්වූ පසුව ස්වාධීන මන්ත්‍රීවරකු ලෙස යානපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන අර්චුනා මන්ත්‍රී වරයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටත්ව පාර්ලිමේන්තුව තුලදී අදාල කන්ටේනර් පිළිබදව කල ප්‍රකාශයක් නිසා මුළුමහත් සමාජයම භීතියට පත්විය. ඒ ” අදාල කන්ටේනර් තුල එල්ටීටීඊ සංවිධානයට අයත් අවි ආයුධ තිබූ ” බවයි. ආණ්ඩුව මේ ප්‍රකාශය පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසුව ඒ ගැන තමාසතු විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට අදාල මන්ත්‍රීවරයා අදිමදි කිරීම තවත් ප්‍රශ්නයක් විය. මන්ත්‍රීවරයා විසින් සිදුකල බරපතළ ප්‍රකාශය පිළිබදව නිසි තොරතුරු ලබා නොදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිල්ලක් කිරීමට ආණ්ඩුව උපදෙස් දීමට හෝ එවැනි පැමිණිල්ලක් කිරීමට බුද්ධිය ඇති එක නීතීඥවරයෙකු හෝ නොමැති වීම ආන්ඩුවේ අඩුපාඩුවකි.
ඕනෑම නීති ප්‍රශ්නයකදී මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කරන නියෝජ්‍ය මහජන ආරක්ෂක ඇමති නීතීඥ සුනිල් වටගල ” ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේට එදිරිව ගුවන් තොටුපළ ටැක්සි රියදුරන් ” නඩුව ගැන නොදැන සිටීම පුදුමයට කරුණකි. එම නඩුවේ මූලික හරය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුව වරප්‍රසාද වලට යටත්ව ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි. ” උන් අපිට ගැහුවා අපි උන්ට එලව එලව ගැහුවා” යනුවෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වරෙයකුව සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ කල ප්‍රකාශය නිතී විරෝධී බවත් එම ප්‍රකාශය මගින් ගුවන් තොටුපළ ටැක්සි රියදුරන්ට පහර දීම තහවුරු වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේය. එය ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව වරප්‍රසාද වලට යටත්ව සිදුකල ප්‍රකාශයක් හේතුපාදක කොට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් එකම නඩු තීන්දුව විය. අදටත් මුදාහල කන්ටේනර් 323 ගැන රටේ ජනතාවට ඇත්තේ ප්‍රේහේළිකාවකි. එම කුකුස නිමා කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවටය. එය කිරීම පමා කරන දිනයක් දිනයක් පාසා ආණ්ඩුව පිළිබදව ඇති සැකය වැඩි වෙනවා මිස අඩු වන්නේ නැත.
මෑතදී අගුණුකොල පැලැස්සේදී අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනා කන්ටේනර් දෙකත් ප්‍රශ්න ගත කන්ටේනර් 323 ට පූට්ටු කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කටයුතු කිරීමට අවස්ථාව දුන්නේ ආණ්ඩුවම මිස වෙන කවුද? ආණ්ඩුව විනිවිද භාවයකින් කටයුතු කරන්නේ නම් දැන් කල යුත්තේ අදාල කන්ටේනර් 323 මුදා හැරියේ කාටද ඒවාගේ අන්තර්ගත වූයේ මොනාද යන්න විවෘතව සමාජ ගතකිරීමයි. එය සිදුකිරීම නොකරන තාක්කල් ආණ්ඩුව පිලිබඳ ජනතාව තුල ඇති සැකයට ජනතාව පිළිතුරු දෙන්නේ ඉදිරියේ එන ජන්දයකදීය.
රජයේ මුදල් රුපියල් ලක්ෂ 166 ටක ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව පොදු දේපොළ ආඥාපනත යටතේ අත් අඩංගුවට ගත්තේය. බැලූ බැල්මට එය සාධාරණ අත් අඩංගුවට ගැනීමක් වුවත් එයද අදාල පරීක්ෂණ නිළධාරින් වත්මන් ආන්ඩුව අපහසුතාවට පත්කිරීමට සිදුකල කුමන්ත්‍රණයක් බව තතුදත් ආරංචි මාර්ග වලින් තහවුරු වේ. රනිල් වික්‍රමසිංහට අදාල විශ්වවිද්‍යාලය මගින් ආරාධනා පත්‍රයක් ලබා දුන්බවත් එය ලබාදී ඇත්තේ එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මගින් බවටත් ලබාදුන් බවටත් තොරතුරු ලැබී තිබියදී ඒ ගැන ලංකාවේ සර්ලොක් හෝම් ලෙස හදුන්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ශානි අබේසේකර ඒ ගැන නිසි පරීක්ෂණයක් නොකොට රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීම ප්‍රශ්න සහගතය . රනිල් වික්‍රමසිංහගේ ප්‍රශ්න සහගත එංගලන්තයේ ගමනේ සියළුම සංවිධාන කටයුතු කල සරෝජා සිරිසේනගෙන් කිසිදු ප්‍රකාශයක් මේ වන තෙක්ම ලබාගෙන නැත. රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගෙන පාක්ෂිකයන්ට වින්දනයක් ලබා දුන්නද රනිල් වික්‍රමසිංහ අදාල නඩුවෙන් නිදහස් වූ දිනට අපහසු තාවයට පත් වෙන්නේ ආණ්ඩුවමය.
වර්ථමානයේදී ඊළගට ආණ්ඩුව අපහසු තාවයට පත්වන්නේ බැකෝ සමන්ගේ පාපොච්චාරණයක් මත අගුණුකොළපැලැස්ස, නෙටොල්පිටිය,කදාන යන ස්ථාන වලින් සොයා ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය සැකසීම සදහා ගෙනා අමුද්‍රව්‍ය පිළිබදව ගොඩනගා ඇති කතාවෙනි. එම අමුද්‍රව්‍ය සොයා ගත් ස්ථානයෙන් අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය විසින් ලබා ගන්නා ලද සාම්පල පරීක්ෂා කිරීමෙන් අදාල සාම්පල 20 න් 17 කම අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බවට කරන ලද ප්‍රකාශයයි. පැහැදිලි ලෙසම එය මන්ද බුද්ධික ප්‍රකාශකි. අදාල අමුද්‍රව්‍ය තුල අයිස් මත්ද්‍රව්‍ය තිබේ නම් ඒවා පොදු සුසාන භූමියක දැමීමට තරම් මානසින ආබාධයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඇතැයි සිතන්නටවත් බැරිය. සත්‍ය එය නොවේ. ආණ්ඩුව සහ ජනතාව සතුටු කිරීමට අන්තරාදායක ඖෂධ පාලක මන්ඩලය විසින් අතේ රෝලකි. එම අමුද්‍රව්‍ය සාම්පල තුල අයිස් මත්ද්‍රව්‍ය තිබුනේ නම් එය අනිවාර්යයෙන්ම අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය විසින් හිතාමතාම හදුන්වා දෙනලද ඒවාය. නීතිය ඉදිරියට ගිය පසු අධිකරණය පිළිගන්නේ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවය. එසේම අන්තරාදායක ඖෂධ පාලක මන්ඩලය අතේ රෝලක් ඉදිරිපත් කර රේගු පරීක්ෂණාගාර වාර්තාව ද හෑල්ලුවට ලක්කර ඇත. අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයට මෙම බොරුව කීවේ කාගේ වුවමනාවක් සදහාද යන්න ඉදිරියේ දී ජනතාව වෙත උත්තර බැදීමට සිදුවනු ඇත. මේ අතර විෂ අභින් අන්තරාධායක ඖෂධ පනත 2022 සංශෝධණය අනුව නඩු දැමිය හැක්කේ අයිස් මත්ද්‍රව්‍යවලට පමණි.පනතේ කිසිම තැනක හෝ වෙත් පනතකින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමට එරෙහිව නඩු දැමිය නොහැකි.
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕළුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ගේ ක්‍රියා කලාපය ගැනද යම් විමසා බැලිය යුතුය. කෙසෙල්බද්දර පත්මේ ඇතුළු සැකකරුවන් මෙරටට රැගෙන ආ මොහොතේ රොහාන් ඕළුගල පත්මේ ගෙන් අසා ඇත්තේ “ගෙනාපු අයිස් කන්ටේනර් දෙක කොහෙද තියන්නේ ” කියාය. ඒ ඕළුගලට තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වූ ධරූන් විසින් ලබාදුන් ඔත්තුව අනුවය. පත්මේ කියා ඇත්තේ අයිස් සෑදීමට කියා ගෙනා ද්‍රව්‍ය පියල් මනම්පේරි වලදමා ඇති බවය. දැන් අදාල අමුද්‍රව්‍ය සොයාගැනීම මාධ්‍ය සංදර්ශනයක් වී ඇත. එහි සම අධ්‍යක්ෂ වරයා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ය. ප්‍රපොප ලින්ටන් පෑලියගොඩ පොලීසියේ රාජකාරි නියුතුව සිටියදී ඔහු ඇතුළු නිළධාරින්ට පිරිසක් නීතීඥ මෛත්‍රී ගුණරත්න ගේ පුතාට පහරදීමක් සිදුකර තිබුණි. එයට එරෙහිව නීතීඥයාගේ පුතා විසින් ප්‍රපොප ලින්ටන් ඇතුළු නිළධාරින්ට එරෙහිව මානව හිමිකම් නඩුවක් පැවරූ අතර එයට එරෙහිව පෙනීසිටීමට නීතීඥ ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 25 ක් ඉල්ලා තිබුණි. ප්‍රපොප ලින්ටන් කිසිම ලෝභ කමක් නොමැතිව රුපියල් ලක්ෂ 20 ක් ලබාදුන් අතර අනෙක් සියළු නිලධාරීන්ට එකතුව ඉතිරි රුපියල් ලක්ෂ 5 එකතුකර ලබා දී තිබුණි. කෙසෙල්බද්දර පත්මේ විසින් ප්‍රපොප ලින්ටන්ට තර්ජනය කරා කී දුරකතන ඇමතුමේද ප්‍රපොප ලින්ටන්ට මුදල් ලැබූ ආකාරය ඉඟිකර තිබුණි. ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේ පුද්ගලික නියාය පත්‍රයක් අනුව සිදුකරන ක්‍රියාවලියක් මිස රටගැන සිතා කටයුතු කරන පොදු නියාය පත්‍රයක් නොවේ.
මෙි අතර අධිකරණයේ වීරයා වී ඇත්තේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ය. ඔහු උත්සහ කරන්නේ ඊළග නීතිපති වී ඉන්ප සුව අග්‍රවිනිශ්චයකාර වරයා වීමටය. දැන් උසාවියේ වීරයා වූවාට එදා එමිල් කාන්තන් මගින් රාඩා ගණුදෙනුව හරහා එල්ටීටීඊ සංවිධානයට මිලියන ගානක් ලබා දුන් ටිරාං අලස්ට විරුද්ධව මහාධිකරණය ඉදිරියේ විභාග වෙමින් තිබූ නඩුවේ සියළුම චෝදනා ඉල්ලා අස්කර ගත්අයුරුජනතාවට හොඳින් මතකය.
ආණ්ඩුව අපහසුතාවට පත්කරමින් පුද්ගලික නියාය පත්‍රයන් අනුව ක්‍රියාත්මක වන අය පිළිබදව නිසි අවධානයක් ආණ්ඩුව යොමු නොකලහොත අනාගතයේ දී අමාරුවේ වැටෙන්නේ ආණ්ඩුව සමග රටේ ජනතාවය.