හෝටල් හිමියන් සනසන්න රක්ෂිතයක් මැදින් පාරක් කොන්ක්‍රිට් කරන්න යයි

රංගල තංගප්පුවේ සිට නකල්ස් රක්ෂිතයට ඇතුල්වන මාර්ගය කාපට් කරන්නට  රක්ෂිතයේ හෝටල් හිමියන්ගේ ඉල්ලීම පරිදි  මාලිමා මන්ත්‍රී වරයෙකු රහසිගත   සැලසුමක මේ සඳහා භාවනා ව්‍යාපාරික චීවරධාරියෙකුත්  හවුල් තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්    රංගල  තංගප්පුවේ සිට මීමුරේ පාරට වැටෙන  අට්ටලමෙට්ටුව හෙවත් ෆෝබර්ස් ගැබ් හුළං කපොල්ල  දක්වා ඇති  පයින්  ගමන් කල හැකි මාර්ගය  නකල්ස් අධිපාරිසරික  සංරක්ෂණ කලාපයේ   ඉදිකෙරෙන හෝටලයක හිමිකරුවන්ගේ  වුවමනාව පරිදි    කාපට් අතුරා සකස් කිරීමට  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු සහ  ප්‍රදේශයේ භාවනා ව්‍යාපාරික චීවරධාරියෙක් සූක්ෂම කටයුතු කරන බවට පරිසර වේදීහු චෝදනා කරති.

මහින්ද  ,මෛත්‍රී සහ රනිල්  පාලන සමයේද  තංගප්පුව  නකල්ස් අධි රක්ෂිත පෙදෙස හරහා අට්ටලමෙට්ටුව දක්වා  මෙවැනි  පරිසර හානි සිදු නොකලද  ,වත්මන් මාළිමා  රජයේ   පැරචූට්  මන්ත්‍රී වරයෙකු   හෝටල් කරුවන් දෙදෙනෙකු  සනසවන්නට  රක්ෂිත  වනාන්තරය මැද  මාර්ගය කාපට් කිරීම තුලින් එම රක්ෂිත වනයේ මුවන් හාවුන් මීමින්නන්  ,ගෝනූන්  ඌරන්  වඳුරන්  එකී හෝටලයේ  මුළුතැන්ගෙට ගොස් රසැති දඩමස් බවට පත්විය හැකි බවට  ඔවුහු පවසති.

මෙම කටයුත්ත සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන ජීවී දෙපාර්තමේන්තුව සහ  පරිසර අමාත්‍යාංශය එකඟත්වය ලබා දී නැතත් ,මහනුවර මදිස්ත්‍රික් ලේකම්  ඉන්දික පියදාස උඩවත්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බී එම් බස්නායක යන  අයවලුන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී  රාජ්‍ය නිලධාරින්ට බලපෑම් කිරීමටද පියවර ගෙන ඇතිබව  දැනගන්නට ලැබිණි.

මාළිමා රජයේ අනුහසින් මහනුවර දිස්ත්‍රික් ලේකම් පුටුවට ආ  ඉන්දික අනුරුද්ධ පියදාස    මාළිමාවට හිටගෙන කඩේ යන්නෙක් බව මහනුවර රාජ්‍ය නිලධාරින් පවසයි.

තංගප්පුව   සිට නකල්ස්  මීමුරේ අධි රක්ෂිත පාරිසරික වන කලාපයට පහසුවෙන් සුපිරි වාහන වල නැගී යාමට  එම මාර්ගය කාපට් කිරීමෙන්  වනාන්තර පරිසරයට හානි වී වන සතුන්ගේ ජීවිතද වැනසෙන බව පරිසර වේදීන්   චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *