උසස්විම් නොලද පොලිස් සැරයන්වරුන් දෙදහසක් විශ්‍රාම ගැනිමට යයි

පොලිස් දිනයට සමගාමිව පොලිස් නිළධාරින්ට උසස්විම් ලබා දීමේදී පොලිස් සැරයන්වරුන්ට  අසාධරණයක් සිදුවී ඇති නිසා ඒසේ අසාධාරණයට ලක්වුවන් දෙදහසක් එක්වර විශ්‍රාම ගැනිමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්ථාවෙි.

2009 හා 2010 වර්ෂවල පොලිස් සැරයන්වරුන් ලෙස උසස් විම් ලැබුවන්ට මෙම අසාධාරණය සිදුව ඇත.

ඒ අනුව 2009 දී පොලස් සැරයන් තනතුරට උසස්විම් ලැබු පන්සියකට අධික පිරිසක් හා 2010 දී සැරයන් වරුන් ලෙස උසස් විම් ලැබු එක්දහස් හත්සියකට වැඩ් පිරිසක් සිටින බව සදහන්වේ.

මෙම පිරිස පොලිස් සේවයේ වසර 35-40 අතර කාලයේ සේවය කළ අත්දැකිම් බහුලම පිරිසකි.තමන්ට සිදුව අසාධාරණයට විසදුමක්  නොමැති නිසා එම සැරයන්වරුන් එක්වර විශ්‍රාම ගැනිම සදහා ලිපි ලේඛණ භාර දිමට සැලසුම් කර ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *