රවීගේ නඩුව ගොඩදාන්න ගල්කිස්ස මහේස්ත්‍රාත් ට ස්ථාන මාරුවක්

මත්පැන් පානය කර වාහනයක් පදවමින් රිය අනතුරක් සිදුකර තවත් වාහන කීපයකට අලාභ සිදුකිරීම පිලිබදව 2023 ඔක්කොම්බර් 28 දින අත් අඩංගුවට ගත් වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ ජාතික ජන බලවේගයට අනුබද්ධ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී රවී සෙනවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබුණි. එම චෝදනා වූයේ  බීමත්ව රිය පැදවීම , බීමත්ව රිය පදවමින් අනතුරක් සිදුකිරීම මගින් තවත් වාහන කීපයකට අලාභ සිදුකිරීම , අනතුරක් වලක්වා නොගැනීම යන්නයි.

මෙම නඩුවට එරෙහිව රවී සෙනවිරත්න විසින් මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කල අතර 2024 දෙසැම්බර් මසදී එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන කළේය.

 ඉන් පසු මෙම නඩුව ජුනි 25 කැදවූ අවස්ථාවේ දී මෙහි මුල් චෝදනා දෙක ඉවත්කර ගැනීමටත් අනතුරක් වලක්වා නොගැනීම චෝදනාව යටතේ නඩුව ඉදිරියට ගෙනයාමට අවසර දෙන ලෙසත් පොලිස් දෙපාර්තමේන්තුවේ නීති කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර සහ රවී සෙනවිරත්න වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා මහේස්ත්‍රාත් තුමියගෙන් ඉල්ලා සිටියාය. එසේම ඔවුන් ඉල්ලා සිටියේ මෙම ඉල්ලීම ඉටු කිරීමට නොහැකිනම් මෙම නඩුව වෙනත් මහේස්ත්‍රාත් වරයෙකු ඉදිරියේ අසන ලෙසයි. මහේස්ත්‍රාත් තුමිය විසින්  එම ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කරන කළාය.

රවී සෙනවිරත්න ඊළග වටයෙන් ක්‍රියාත්මක වෙමින් තමාගේ නඩුව තමන්ට ඕනෑ ලෙසට විභාග කරවා ගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් තුමියව කැස්බෑව මහේස්ත්‍රාත් ලෙසට මාරුකර යවා කොළඹ අළුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් ලෙස සිටි පසන් අමරසේන මහතාව පත්කරවා ගෙනඇත.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයක් තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (4) අතුරුතහනම් නියෝගයක් නිකුත් කළේය.
2023 වසරේ දී බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.
ඒ අනුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කර ඇත.

මේ ගෙවෙමින් පවතින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට එරෙහිව ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රියාත්මක වන කාළයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එදා මොර දුන්නේ කිසිම ආකාරයකින් නීතියේ ආධිපත්‍යය බිඳවැටීමට සිදුකරන ඕනෑම ක්‍රියාවකට තමන් ඇතුලු ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජන බලවේගය විරුද්ධ බවය. එදා එසේ කී අනුර කුමාර දිසානායක ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ 2/3 ක බලය හොබවන ජාතික ජන බල වේග ආණ්ඩුව මේ කරන දෙවල් වලට අපි සිනාසෙමුද? රැවටුනා කියා අඬමුද ? නැත්නම් දෙනදෙයක් කාලා ඕනෑ දෙයක් වෙච්චාවේ කියා බලා සිටිමුද?

(ගම්පහ පොලිස් සාමුහිකයේ සිසිර කුමාර විසින් විද්‍යුත් තෑපෑලට යොමු කළ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *