ඉන්දීය නිදහස් දින දැන්විම් අතිරේඛයට රනිල්ගේ පිංතුරයක් නැති නිසා එජාපයේ විරෝධය

ඉන්දිය 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පලකරනු ලැබූ දැන්වීම් අතිරේකයේ ජායාරූප පලකර තිබු ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගේ සිත රිදි ඒ සම්බන්ධයෙන් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත අප්‍රසාදය පළකර ඇති බව වර්ථාවෙි.
හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිපදෙනෙකුද සහභාගී වූ මේ හමුවේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් සකස් කරනු ලදුව මුද්‍රිත මාධ්‍ය ආයතන සඳහා නිකුත් කරනු ලැබු දැන්වීම් අතිරේකයේ ඡායාරූප යෙදීම සහ ඒවා තෝරා ගැනීම පිළිබඳව විශේෂයෙන්ම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇත.
දැන්වීම් අතිරේකයට යොදාගත් සෑම පිටුවකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එකට සිටින ඡායාරූප පමණක් පල කිරීම සාමාන්‍යයෙන් සිදු නොකරන්නක් බව ඉහත සාකච්ඡාවට සහභාගී වූ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයන් පෙන්වා දී තිබේ.
එසේම හිටපු ආසන්නතම විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් හෝ සටහනක් හෝ පල නොකිරීම පිළිබඳවද එජාපයේ අසතුටට හේතූවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *