සුර්ය්‍ය විදුලි බල ව්‍යපෘති අධෛර්ය කරන මහව විදුලි ඉංජිනේරු කාර්යාලය

සුර්ය්‍ය විදුලිබලය ප්‍රවර්ධණය කිරිමේ රජයේ සැලසුම මහව විදුලි ඉංජිනේරු කාර්යාලයේ ඉහළම නිළධාරින් විසින් කඩා කප්පල් කර ඒ සදහා යොමුවන ජනතාව අධෛර්ය කිරිමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව වාර්ථාවෙි.

මහව විදුලි ඉංජිනේරු කාර්යාලය මගින් පාලනයන වන මහව සහ නිකවැරටිය ඩිපෝ කාර්යාල සෝලා සහ ආයතන වලට සහ නිවාස වලට විදුලිය ලබා ගැනීමේදී ගනුදෙනුකරුවන්ගෙන් ඇස්තමේන්තුවල ඉදිරිපත් කර  ඇති උපකරණ ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා  සිටින බව විදුලි පාරිභෝගිකයන් මැසිවිලි නගයි.

ලක්ෂ ගණන් ගෙවා සෝලා සහ විදුලි සැපයුම්වලට ඇස්තමේන්තු ගනුදෙනුකරුවන් විසින් ගෙව්වද ඩිපෝ අධිකාරීවරුන් ගනුදෙනුකරුවන් රවටා එම බඩු භාණ්ඩ නොමැති බවත් ඉක්මනට සැපයුම ලබාදීමට නම් උපකරණ වෙළඳපොළෙන් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර අසරණ වන ගනුදෙනුකරුවන් එම භාණ්ඩ රැගෙන දීමට කටයුතු කලද සවිකර ඇත්තේ විදුලි බල මණ්ඩලයේ උපකරණ බවද වාර්තාවේ.

අදාල උපකරණ නොමැතිනම් ගනුදෙනුකරුවන් භාණ්ඩ ලබාදීමෙන් පසු විදුලි බල මණ්ඩලයට අදාළ භාණ්ඩ සවි කරන්නේ කෙසේ ද යන්න විදුලි බල මණ්ඩලයේ විගණන අංශය මගින් විගණනය කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

තවද සෝලා ගනුදෙනුකරුවන්ට හිතවත් සමාගම් වලට විශේෂ සේවාවන් සහ ඔවුන්ගේ පමාවීන් අඩුපාඩු සකස් කර ගැනීමට කාලය ලබා දුන්නද  ඔවුන්ට යටින් ගතමන් නොදෙන සමාගම්වලට කුඩම්මාගේ සැලකිලි දක්වන බවද වාර්තාවේ.

සෝලා පද්ධතිවලට සම්බන්ධතාවයක් ලබාදීමේදී අදාල ගනුදෙනුකරුවන්ට දැනුම් නොදි නොදී එම ස්ථානවලට පැමිණෙන බවත් ඉන් අනතුරුව එහි අඩුපාඩු ඇති බව පවසා ගනුදෙනුකරුවන්ට සේවාවන් ලබාදීම ප්‍රතික්ෂේප කරයි.එහෙත් ඔවුන්ට හිතවත් සමාගම් සඳහා කිසිම සෝලා උපකරණයක් සවිකර නොමැති ස්ථානවලට පවා ලිපිගනු භාරදී ඇති අවස්ථාවල එය වාර්තා නොකර ඔවුන්ට පෞද්ගලිකව කතා කර කාලය ලබාදීම සිදුකරන බවත් වාර්තාවේ.

හිටපු විදුලි සාමාන්‍යාධිකාරීවරයෙකුගේ සහෝදරයෙකු නිකවරටිය පොලිස් අධිකාරි  කාර්යාල ඉදිරිපිට සෝයා පද්ධතියක් සවිකර ඇති බවත් එය රුපියල් 37 ඒකකයකට ගෙවන අවස්ථාවේ නිෂ්කාශනය ලබාගෙන තිබුණද රුපියල් 27 අඩු වන බව දැන  කිසිම සවිකිරීමක් සිදු නොකර ලිපිගනුව භාරදී තිබුනද විදුලි අධිකාරිවරයා පරීක්ෂා කිරීමේදී එය තහවුරු වුවද විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී ඉවරයෙකුගේ සහෝදරයකු වන  වරලත් ඉංජිනේරුවකු වන බැවින්ද ඔහුගේ ලිපි ගොණුව ප්‍රතික්ෂේප නොකර පෞද්ගලිකව දන්නවා අඩුපාඩු සකසා වැඩි ඒකකයක මිල ලබාදීමට කටයුතු කර ඇති බවද වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *