පාර්ලිමේන්තුවේ තනි පක්ෂයක් ලෙස 2/3 ක බලයක් ලබාගත් වත්මන් මාලිමා ආණ්ඩුව අප්‍රසාදයට ලක්වී ඇත්නම් ඒ සදහා මූලික ලෙස වගකීමෙන් වැඩි පංගුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගිණුමට වැටී ඇත. කවුරු කුමන අර්ථකතන දැක්වූවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහල පුටුවල සිටින අය කරනු ලබන්නේ වත්මන් ආණ්ඩුව අපකීර්තියට පත්වන ලෙස ක්‍රියාත්මක වීමයි. එහි එක් උච්ච අවස්ථාවක් වන්නේ ජනාධිපතිවරයාගේ වචනයෙන්ම රීලෝඩ් ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස පත් කිරීමයි.
පොලිස් දෙපාර්තමේන්තුව තුල එම නිළයට පත්කිරීමට ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයෙක් ඇත්තේම නැතිද? යන ප්‍රශ්නය සාමාන්‍යය දැනුමක් ඇති පුරවැසියකුට ඇති ප්‍රශ්නයකි. රීලෝඩ් ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මිය ගියහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසා දමනවාද කියා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට පැහැදිලි කලයුතු නොවේද?
සත්‍ය ලෙසම සිදුවී ඇත්තේ කුමක්ද?
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සේම රීලෝඩ් ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන දෙදෙනාටම පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම පිලිබදව මූලික වටයේම චෝදනා එල්ල වූවාය. ඒ තමන්ට 2019 ජනවාරි 30 ලැබුන සැකකටයුතු මුස්ලිම් අන්තවාදීන් 129 දෙනෙකු ගේ ලේඛනය පිළිබදව නිසි විමර්ශනයක් නොකිරීම , වව්නතිව් හිදී පොලිස් නිළධාරීන් දෙදෙනකු මුස්ලිම් අන්තවාදීන් විසින් ඝාතනය කිරීම පිළිබදව නිසිලෙස විමර්ශනය නොකිරීමයි. 2019 අප්‍රේල් 09 දින පාස්කු ප්‍රහාරය පිලිබදව ලද බුද්ධි තොරතුර සහිත ලිපිය ගැන නිසිලෙස ක්‍රියාත්මක නොවීම යන චෝදනා ත්‍රිත්වය ලේකම් රවී සෙනවිරත්නට එල්ල වී ඇත. වව්නතිව් දිවිත්ව ඝාතනය පිළිබදව පරීක්ෂණ පැවැත්මට එම ස්ථානයට ගිය ජේෂ්ඨතම පොලිස් නිළධාරියා ඔහුය.
2018 දෙසැම්බර් මස මාවනැල්ලේදී මුස්ලිම් අන්තවාදීන් සිදුකල බුදුපිළිම වලට පහර දීමේ සිට ෂහාරාන් ගේ බිරිඳගේ නිවසට යන තෙක්ම ඒ පිලිබදව පරීක්ෂණ පැවැත්වූ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස සිටි ශානි අබේසේකර කටුපොත පිහිටි ෂහාරාන්ගේ බිරිඳගේ නිවසට ගොස් ඇගේ ප්‍රකාශ සටහන් කලද ඒ මොහොතේ නිවසේ සිටි තරුණයන් 15 දෙනාගෙන් ඒ ගැන ප්‍රශ්න නොකිරීමත්, එම නිවස අවට ආවේක්ෂන රාජකාරි නොයෙදීමත් තුලින් ඊට පසුව ෂහාරාන්ගේ බිරිදට ෂහාරාන් කටුපතදී හමුවූ අවස්ථාවේදී අත් අඩංගුවට ගැනීමට තිබූ අවස්ථාව මඟහැරීම යන චෝදනා ඔහුට එල්ලවිය.
වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණීමට පෙර රටටම නොව ලෝකයටම දුන් පොරොන්දුවක් වූයේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සියළුම දෙනා නීතිය හමුවට ගෙනඑන බවයි. තවත් පොරොන්දුවක් වූයේ රාජපක්ෂ රෙජිමය විසින් ඝාතනය කල ජාතික රගර් කන්ඩායමේ සිටි තාජුදීන්ව ඝාතනය ගැන විමර්ශන කරන බවයි. මේ පොරොන්දු දෙක ඇසුන විගස කළබල වූ තිදෙනෙකි. පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීමට මුලින්ම වගකිවයුතු විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ද තාජුදීන් ඝාතනය සාධාරණීකරණය කල විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රණවීරය. මින් රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර 2023 දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබුණි. ඊට පසුව මේ දෙදෙනා හමුවී තිබුණේ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජේෂ්ඨ උපදේශක සේම කාර්ය්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකය. සාගල රත්නායක ලබාදුන් උපදේශය වූයේ හැකි ඉක්මනින් ජාතික ජන බලවේගය ආරම්භ කිරීමට යන පොලිස් විශ්‍රාමික කණ්ඩායමට එකවන ලෙසය.
ඒ අනුව ඔවුන් පොලිස් විශ්‍රාමික සාමූහිකයට එක් වූ අතර දෙදෙනාම එස්ටීඑෆ් එකේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කල බැවින් එම විශ්‍රාමික සාමූහිකයට විශ්‍රාමික එස්ටීඑෆ් සහ සීඅයිඩී නිළධාරීන් බහුතරයක් එක් විය. රණවීර එම කණ්ඩායමට එන්නේ ලෙසය. ඒ ඔහුටද බේරාගැනීමට තාජුදීන් නඩුව ඇති නිසාය.
පොරොන්දු වූ පරිදි තාජුදීන් මරාදැමීම ගැන නිසිලෙස පරීක්ෂණ නොකිරීම ගැන කොළඹට තදාසන්න ප්‍රදේශයන්හි තරුණ මුස්ලිම් ප්‍රජාව ආණ්ඩුව ගැන කලකිරීමෙන් සිටීයි. තාජුදීන් මරාදැමීම සාධාරණීයකරණය කල විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රණවීර මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් උපදේශක නිසා තාජුදීන් මරාදැමීම ගැන නිසි විමර්ශනය නොවීම සාධාරණය.
විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට තාජුදීන්ට දසවදදී මරා දමා තිබූ ආකාරය ගැන සාකච්ජාවක් පවා කලේය. එය අදටත් යූ ටියුබ් එකේ ඇත. ඒ ගැන දැන් ශානි අබේසේකරට කුමක් හිතෙනවා ඇද්ද?
ශානි අබේසේකර විශ්‍රාම යන්නේ 2021 දීය. වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඔහු ඍජුවම කටයුතු කලේය. මාධ්‍ය හමුවල මාලිමාව වෙනුවෙන් පෙනීසිටියේය. යූ ටියුබ් එකේ මාලිමාව වෙනුවෙන් පෙනී සිටිමින් කතා කලේය. එය විශ්‍රාමිකයකුව සිටි ඔහුගේ පුද්ගලික අයිතියයි. අපි එයට ගරු කරන්නෙමු.නමුත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂක වීම ගැන ගැටලුවක් ඇත. ඊට හේතුව ශානි අබේසේකර යටතේ දැන් සිදුවන පරීක්ෂණ සියල්ලම සදහා අනාගතයේ පැවරෙන නඩු වලට එරෙහිව නීතිමය වශයෙන් හොරු අභියෝග කරන නිසාය. කවුරු කුමක් කීවත් ශානි අබේසේකරට ලබා දී ඇත්තේ දේශපාලන පත්වීමකි. එවැනි පත් වීමක් ලද අයෙක් සාධාරණ ලෙස පරීක්ෂණයක් පවත්වාවි කියා කිසිවකුත් විශ්වාස කරන්නේ නැත. ශානි අබේසේකර මෙම පත්වීම ලබා ගන්නේම ඔවුන්ව තිරේ පිටුපස සිට මෙහෙයව සාගල රත්නායකගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමටය. ශානි අබේසේකර පරීක්ෂණ කොට උසාවි යන හොරු නිදහස් වූ දවසට මිනිස්සු බනින්නේ ශානි අබේසේකරට නොව ආණ්ඩුවටය.
පාස්කු ප්‍රහාරය පිලිබදව කරනු ලබන පරීක්ෂණ වලින් රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර දෙදෙනා බේරා ගත යුතුය. එයට ද කදිම උපායක් මේ අය යෙදුවාවේය. ඒ ඔවුන් සමග එකට සිටි නියෝජ්‍ය පොලිස්පති අම්පාවිලට එම පරීක්ෂණය බාරදීමය. නියෝජ්‍ය පොලිස්පති අම්පාවිල විශ්‍රාම ගියද ඔහුටද සේවා දිගුවක් ලබාදී එම පරීක්ෂණය මෙහෙය වීම භාර දී ඇත. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂක යන දෙදෙනාම විශ්‍රාමික නිළධාරීන් දෙදෙනෙකි.
ඔවුන් තමන්ගේ කොන්ත්‍රාත් කාළය අවසන් කර ගෙදර යනු ඇත. එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුව ජනතාවට ඔවුන් මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දු පිළිබදව සාධාරණ පිළිතුරු ලබා දිය යුතුය. එසේ නොවුන හොත් ගෝඨාභය රාජපක්ෂගේ පාලනයට අත්වූ ඉරණමට වඩා දරුණු ඉරණමක් වත්මන් ආණ්ඩුවට මුහුණදීමට සිදුවනු ඇත.
(පොලිස් සහමුහිකයේ ගම්පහ සාමාජිකයෙක් විද්‍යුත් තෑපෑලට යොමු කළ ලිපියකි)