පෙරහර ආසන සඳහා පදික වේදිකා විකුණන  නගර සභාව ලොක්කි මෙවරත් වැඩ අරභයි

මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන්  මහනුවර නගරයේ  මහ නගර සභාවට අයත්  ක්වීන්ස් කොරිඩෝවේ ආසන ඉදිකිරිමේ ටෙන්ඩරය සහ  එයට සම්බන්ධ ගනුදෙනු මෙහෙයවන  නගර සභාවේ ඉහලම නිලයක් දරණ දූෂිත නිලධාරිනිය සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නැයි මාළිමාවට නගර සභා බලය ලබා ගැනීමට සහාය දුන් මාළිමා ක්‍රියාකාරීහූ  බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

පෙරහර සමයේ මහනුවර  ක්වීන්ස් හෝටල් කොරිඩෝව ලක්ෂ  80 ක මුදලකට මහනුවර නගරයේ වෙසෙන සිල්වා නැමැත්තෙකුට  ලබාදී ඇති නගර සභාවේ ඉහලම නිලධාරිනිය ඔහුට කොන්දේසි පනවා ඇත්තේ  පෙරහර නැරඹුම් අසුනක් රුපියල්  28000/= ක මිළකට නරඹන්නන්ට  අළෙවි කරන ලෙස බව නගර සභවේ සේවකයෝ පවසති.

මෙම නිලධාරිනිය ක්වීන්ස් හෝටලය ඉදිරිපිට  පදික වේදිකාවේ කොටසක් නගර සභාව මගින් ආසන  ස්ථාපිත කර එම එක අසුනක්ද රුපියල් 28000/= කට විකීණීමට සූදානම් කර තිබේ.මෙම නිලධාරිනිය ජනපති මැතිවරණ සමයේ අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක පුවරුව ගලවා කටුගස්තොට ගොහාගොඩ කසළ අංගනයට දමන ලෙස  නගර සභාවේ වස්ගෙවත්ත නැමති නිලධාරියාට අණ කල තැනැත්තියයි.

මෙවරද ඇය  මේ දිනවල   පෙරහර ආසන ජාවාරමට අත ගසා සිටින්නීය.මහජනතාවට පහසුවෙන් බිම වාඩිවී පෙරහර නැරඹීමට  තිබෙන ක්වීන්ස් හෝටල් කොරිඩෝවේ කොටසක් පෙරහර ආසන ඉදිකර ඒවා  මුදලට විකීණීමේ ජාවාරම සෘජුවම මෙහෙය වන මෙම නිලධාරිනියගේ පදයට නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිද නටන බව විපක්ෂයේ මන්ත්‍රී වරු පවසති.

මාලිමා ආණ්ඩුව යටතේ  සිදුවන අසාධාරණයට  කඩිනමින්  පියවර ගන්නට ජනාධිපති වරයා පියවර ගත යුතු වන්නේ ඔහු නිතර නුවරට යන එන නිසා බව නගරයේ ජනතාව පවසති.

සජබයේ ජයග්‍රහණය  ගැන හීන මවමින් සිටි මෙම නිලධාරිනිය සූක්ෂම ලෙස මාලිමා ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක් කිරීමට කටයුතු  කරන බව මාලිමා ආධාර කරුවන් පවසයි.

පෙරහර ආසන  ජාවාරම  තුලින් මඩිය තරකර ගන්නට උත්සාහ දරණ මෙම නිලධාරිනිය  කලක් තිස්සේ පෙරහර ආසන බදුගත් පාර්ශවයන්ට පවසා ඇත්තේ ක්වීන්ස් හෝටලේ පදික වේදිකාව  ටෙන්ඩර් මගින්  පුද්ගලයෙකුට ලබා දී ඇති බවකි.කෙසේ වෙතත් ක්වීන්ස් හෝටල් පදික වේදිකාව පෙරහර ආසන ඉදිකිරීම සඳහා බදුගත් පුද්ගලයා නගර සභාවට රුපියල් කෝටියකට ආසන්න ( වැට් බදු හා වෙන් බදු ඇතුලුව) මුදලක් ගෙවිය යුතුය.විෂ්වාශ කටයුතු  ආරංචි මාර්ග පවසන්නේ  එම ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයා  තමන් එක   පුටුවක් විකුණන මිළටම ( රුපියල් 28000/=)නගර සභාවද  ආසන විකුණන්නේ නම් තමන්ට අසාධාරණයක් වන බවයි.

නගර සභාව පදික වේදිකාවේ ආසන ඉදිකර ඒවා නගර සභාවේ ඉහල කාර්ය මණ්ඩලවලට ,ඔවුන්ගේ පවුල් වලට සහ සියලුම මන්ත්‍රී වරුන්සහ  ඔවුන්ගේ පවුල් වලට පෙරහර නැරඹීම සඳහා වෙන් කරන්නේ නම් ,එය ඉතා හිරිකිත ලජ්ජා සහගත ක්‍රියාවක් බවත් ,එය ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලටදපටහැණි බවත් නාගරික  ජනතාව  පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *