මහනුවර පල්ලේකැලේ යුදහමුදා රෝහල නමට පමණක් විවෘත් කර ඇති නිසා එහි සේවාව ලබා ගැනිමට පැමිණෙන හමුදා සමාජිකයින් දැඩි අපහසුතාවයට පත්ව තිබෙි.
මෙම රෝහල විවෘත නොකිරිම සම්බන්ධයෙන් අවස්ථා ගණනකදී අප හෙළි කිරිමත් සමග හිටපු යුදහමුදාපතිවරයා පැමිණ විවෘත කළේය.
එහෙත් රෝහලට අවශ්‍ය විශේෂඥප වෛද්‍යවරුන් නොමැති නිසා ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන නිළධාරින් දැඩි ගැටලුවකට මුහුණ පා ඇත.
සායනික ප්‍රතිකාර නොමැති අතර ඇතැම් දිනවලට කොළඹ සිට අන්තර්ජාලය ඔස්සේ රෝගින්ට ප්‍රතිකාර ලබා දෙන අතර සේවයේ නියුතු හමුදා සමාජිකයින්ට පමණක් වාට්ටුවක් විවෘත කර ඇති අතර විශ්‍රාමික නිළධාරින්ට එම පහසුකම් නොමැත.තවත් වාට්ටු කිහිපයක් ඇතත් එවා ක්‍රියාත්මක නොවිම නිසා එහි ඇති රෝහල් උපකරණද විනාශ වෙමින් පවති.
ඊට අමතරව රෝහළට අවශ්‍ය බෙහෙත් ද ප්‍රමාණවත් නොලැබිම නිසා රෝගින්ට පිටතින් මුදල් ගෙවා බෙහෙත් ලබා ගැනිමට සිදුවඇත.