ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරීවරයා 2025 සැප්තැම්බර් 6 දින වනවිට අවුරුදු හැට (60) සම්පුර්ණ කර විශ්‍රාම යාමට නියමිත අතර පසුගිය අප්‍රේල් මස එනම් මොහු විශ්‍රාම යෑමට හය (06) මසකට පෙර මෙම පුරප්පාඩුව පියවීම සඳහා පුවත් පත් දැන්වීම් පල කළේය. මෙම දැන්වීමේ විශේෂත්වය වනුයේ උපරිම වයස් සීමාවක් සඳහන් කර නොතිබීමයි. ඒ අනුව එම පුරප්පාඩුව සදහා පැමිණිමට මාන බලන නිළධාරියාද පහුගිය සමයේ මොහුගේ දුර්වල පරිපාලනය නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සෑම ආකාරයෙන්ම අගාධයට ඇද වැටුණේය.
මොහුගේ දක්ෂතාවය හා සේවයට ඇති කැපවීම ප්‍රශ්ණ සහගත අතර එයට හොඳම උදාහරණය වන්නේ මොහු ප්‍රධාන ව්‍යවසායක සහ තොග නිලධාරියා ලෙස කටයුතු කරන අවධියේ මොහුගේ විද්‍යාලයේ සහ පන්ති මිතුරෙකු ප්‍රධාන විධායක තනතුර හොබවන සහ මොහුගේ බිරිඳ ඉහලම තනතුරක් දරන මෙරට ප්‍රධාන පෙලේ බැංකුවකට විදුලි සංදේශ විසදුම් අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකා ටෙලිකොම්හි ප්‍රධාන තරඟ කරුවා සමඟ තරඟ කර එය ලබා ගැනීමට නොහැකි වීමය.
මේ අතර මොහුගේ ඇතැම් රාජකාරී කටයුතු සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නිදහසට කරුණු පවා විමසා ඇති අතර ඒ මොහු විසින් නිදේශ කරන ලද හා අනුමැතිය ලබා දී ඇති උසස් වීම් හා පත්වීම් සම්බන්ධයෙනි. මොහුගේ පියා ප්‍රේමදාස, රනිල් යුග වල අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇති අතර පහුගිය කාල සීමාව තුල ටෙලිකොම් පරිපාලනය සිදු වුයේ සාගල රත්නායකට අවශ්‍ය පරිදිය.
මොහුගේ ටෙලිකොම් සේවය පවා නිත්‍යානුකූල නොවන අතර 1990 ගණන් වල මොහු ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ආචාර්ය උපාධියක් කිරීමට ඇමරිකාවට යාම සඳහා විදේශ නිවාඩු ලබා ගත් අතර ගිවිසුම් ප්‍රකාරව නැවත පැමිණ ටෙලිකොම්හි වසර කිහිපයක් සේවය කල යුතුව තිබුනත් මොහු සේවය අතහැර සිංගප්පුරුවේ රැකියාවකට ගිය අතර එම රැකියාව නිසි ලෙස කරගත නොහැකිව නැවතත් ලංකාවට පැමිණ ටෙලිකොම් රැකියාවට ලබා ගැනීමට උත්සහ කලද එවකට සිටි ජපන් කළමනාකාරිත්වය එය ප්‍රතික්ෂේප කළේය. එහෙත් සිය පියාගේ දේශපාලන බලය යොදා ගනිමින් නැවත සේවයට පැමිණියේය. එදා සිට අද දක්වා නීති විරෝධී ලෙස ඔහු ටෙලිකොම්හි සේවය කරමින් සිටීයි.
මොහුගෙන් හිස් වන ප්‍රධාන විධායක තනතුර සඳහා පත්වීමට උත්සහ ගනිමින් සිටින්නේ ප්‍රධාන ව්‍යවසායක සහ තොග නිලධාරියා තනතුර දරන පුද්ගලයාය. මොහු දැනට දරන තනතුර සහ මීට පෙර දැරූ සාමාන්‍යධිකාරී තනතුර සඳහා සිරිකොතේ දේශපාලන බලය උපරිමයෙන් ලබා ගත්තෙකි. මොහුගේ බිරිඳගේ පියා සිරිකොතේ හා රනිල් වික්‍රමසිංහගේ හිටපු පරිපාලන ලේකම්වරයෙකි. මොහු පසුගිය සමයේදී දේශපාලකයින්ගේ දුෂිත ගනුදෙනු කීපයකටම ටෙලිකොම් ආයතනය වෙනුවෙන් උපරිම අනුග්‍රහය දැක්වුයෙක් වන අතර රනිල් වික්‍රමසිංහ රජයේ ටෙලිකොම් ආයතනය පුද්ගලීකරණය කිරීමේ කාර්යයේදී එයට අවශ්‍ය සියලුම තොරතුරු ජනාධිපති කාර්යාලය වෙත ලබා දුන්නේ මොහු විසිනි.
මෙයට අමතරව හිටපු ඩිජිටල් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ රාජ්‍ය ජාල පද්දතිය (LGN 2) ව්‍යාපෘතිය සහ හිටපු අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාලගේ දුෂිත සැපයුම්කරුවකු සමඟ එකතු වී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තැත්කර පසුව ටෙලිකොම්හි අවංක නිලධාරීන්ගේ සහ එවකට අධිකරණ ලේකම්වරියගේ විරුද්ධත්වය මත නවතා දැමීමට සිදුවිය. විනිසුරුවරුන් සහ බන්ධනාගාර අතර වීඩියෝ තාක්ෂනය මගින් නඩු විසදීමට යෝජනා වූ දුෂිත ගනුදෙනුව සම්බන්ධීකරණය කරනු ලැබුවේද මොහු විසිනි. නියමිත් මිල ගණන් වලට වඩා කීපගුනයක් වැඩි අගයකට් සිදු කිරීමට සැරසුන එම ව්‍යාපෘතිය ටෙලිකොම් වෙත විශාල පාඩුවක් ගෙන දෙන්නක් වුවත් තම තනතරු වලට ඇති කෑදරකම නිසා පුර්ණ දායකත්වය සැපයිනි.
ඉහත සඳහන් වංචා සහගත ව්‍යාපෘති පිළිබඳව CIDය විසින් විමර්ශනයක් ආරම්භ කරන ලද අතර මොහු සහ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා විසින් ඒ සඳහා CID ය විසින් කැඳවන ලද නිලධාරින් හට බලපෑම් කරන ලද අතර සිය බලය යොදවා අවංක, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිය තනතුරු වලින් ඉවත් කරලීම සඳහා පාලනාධිකරණයට බලපෑම් කර ජ්‍යෙෂ්ඨතත්වයෙන් සහ කර්යසාධානයෙන් ඉතා අඩු තමා හට හිතවත් නිලධාරින් උසස් කිරීමට කටයුතු කරන ලද අතර මෙම අනීතික කටයුතු පහසු කරලීම සඳහා කාන්තා අතවරයන්ට ප්‍රසිද්ධියක් උසුලන මොහුගේ සමකාලීන නිලධාරියෙක් මානව සම්පත් පර්ෂදයේ ඉහලම තනතුරකට පත් කිරීම සඳහා බලපෑම් කලේය.