සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම බෙහෙත් ගබඩාවේ (වෛද්‍ය සැපයුම් අංශයේ) පරිපාලනයට අයත් ඇතැම් දූෂිත නිලධාරින්ගේ ක්‍රියාකලාපය ද මේ දිනවල පවතින උග්‍ර ඖෂධ හිඟයට ප්‍රධාන හේතුවක් බව වාර්ථා වේ.
එම අංශයේ ගබඩා පිළිබඳ ප්‍රධාන සහකාර අධ්‍යක්ෂ වරයෙකු වන එච්. උපාලි රනතුංග ප්‍රධාන ලිපිකරු එම්. එස්. රෝහන පෙරේරා සහ පරිපාලන නිලධාරි පි. එම්. නිල්මිනි නැමති නිලධාරින් විසින් සිදු කරන අත්තනෝමතික ස්ථාන මාරුවිම් වලින් ආයතනයේ කටයුතු අකර්මන්‍ය වන බව සදහන්වේ.මෙම කටයුතු නිසා අඩපණ වීම සිදුවන නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවත් තමන්ට ලැබෙන පුද්ගලික අල්ලස් සහ වරප්‍රසාද වලට කෑදරව එක් එක් පාර්ශව වලට එක් එක් ආකාරයෙන් සලකමින් ඔවුන් දිගින් දිගටම මේ අයුරින් ඇතැම් පුද්ගලයින්ට හිතුමතේ ඒ මේ අතට ස්ථාන මාරු ලබා දීමටත්, ඇතැම් පුද්ගලයින්ට ස්ථාන මාරු දිගු කලක් ලබා නොදී සිටීමටත් දිගින් දිගටම කටයුතු කරන බව වැඩිදුරටත් වාර්ථා වේ.
“ඔය කියන විදිහට අවුරුදු දහය දොළහ කිසිම මාරුවීමක් නැතුව ඉන්න හුඟක් දෙනෙක් අන්ත දූෂිතයි. සමහරු ආයතනෙ ඇතුළෙ සමිති සමාගම් වල සල්ලි පවා පිල්ලි ගැහුව කියල චෝදනා තියෙනවා. තව සමහරුන්ට විමර්ශන තියෙනවා. ඒ දේවල් ඔක්කොම යට ගහල හංගල තියාගෙන ලොකු නිලධාරින්ට හිතවත් ඒ අයට අවුරුදු ගානක් කිසිම ස්ථාන මාරුවක් නැතුව ඒ පුටු වලම ඉන්න ඉඩ දීලා. ඒ අය එහෙම ඉන්න දෙනවට ඔය කිවුව ඉහල නිලධාරින්ට තෑගිබෝග පවා දෙනවා. එහෙම නැති අයව හිතු හිතු අතේ එහෙට මෙහෙට මාරු කරනවා. මාරු නොවි ඉන්න අයව දාල තියෙන්නෙත් මුදල් අංශය, පාලන අංශය, වැදගත්ම ගබඩා වගේ තැන් වලට. හදිස්සියෙවත් විමර්ශනයක් ආවොත් එක අංශයක ලොක්කා අනිත් අංශයේ ලොක්කා කරලා දාලා ටික දවසක් තියල ආයෙ ආපහු අදිනවා. සමහර අයව දුම්මල ගහලවත් එලවන්න බෑ. බෙහෙත් ටික වෙලාවට ගෙන්න ගෙන රට වටේ බෙදන වැඩ වල වැදගත් තීන්දු ගන්න හැම පුටුවකම ඔය මලපෙරේතයො ඉන්නෙ. බෙහෙත් බෙදිල්ලට වැඩිය බඩ වඩාගැනිල්ලයි ලොකු. එහෙම මාරුවීම් වැඩ කරල දෙන තරමට දුර දිග ගියපු සම්බන්දකම් තියෙන ක්ලාක් නෝනලට කිසිම ප්‍රශ්නයක් නැතුව හිතේ හැටියට ඕටී කරගන්නත් ප්‍රධාන ලිපිකරු ඉඩ දීලා” ලෙස මධ්‍යම බෙහෙත් ගබඩාවේ ප්‍රකාශකයෙකු වැඩි දුරටත් පැවසීය.