හරින්ගේ ICTA , ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ව්‍යාපෘතිය සම්බන්ධ  CID කරන ලද  පරීක්ෂණ යට ගිහින්

 පහුගිය යහපාලන  සමයේ ඩිජිටල් ඇමතිව හරින් ප්‍රනාන්දු   ඔහු යටතේ පවතී ICTA සහ SLT ආයතන දෙක එකතු වී සිදු කරන ලද රුපියල් බිලියන හතරකට (04) වඩා වැඩි වටිනාකමකින් යුත් LGN 2 (රාජ්‍ය ජාල පද්ධතිය ) ව්‍යාපෘතිය මගින් සිදු වූ මහා පරිමාන වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක්  2020 වර්ෂයේදී පමණ ආරම්භ කළ පරික්ෂණ යටපත් වී ඇති බව වාර්ථාවෙි.

 රාජ්‍ය බුද්ධි අංශය විසින් සොයා ගත්  තොරතුරක් මත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නියෝගයක් මත එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙි  නියෝජ්‍ය පොලිස්පතිව සිටි ප්‍රසාද් රණසිංහ සහ එවකට එහි අධ්‍යක්ෂක රොහාන් ප්‍රේමරත්න විසින් මුල්‍ය අපරාධ ඒකකයේ  ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීවනී ධර්මලතා වෙත පිරික්ෂණ පවරා ඇත. ජනාධිපති කාර්යාලය මේ පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ අතර රාජ්‍ය බුද්ධි නිලධාරීන් SLT පරීශ්‍රය තුලටම පැමිණ අදාළ සියලුම තොරතුරු රැස් කළේය.

මෙය ජාතික වශයෙන් ඉතා වැදගත් මුළු රාජ්‍ය ජාලයම එකට ගැට ගැසී ඇති ව්‍යාපෘතියක් වන අතර හරීන් ප්‍රනාන්දුට අවශ්‍ය වුයේ ඔහුගේ මිතුරෙකු වන ශෆ්රාස් නමැත්තාට අයත් EZY නමැති ආයතනයට ලබා දීමට  වන අතර ICTA සහ SLT යන ආයතන දෙකම ඔහු යටතේ පැවතීම සහ එම ආයතන වල එවකට සිටි තනතුරු වලට සහ සිය උසස් වීම් වලට  කෑදර දුෂිත නිලධාරීන් සිටීම ඔහුට තවත් පහසුවක් ගෙන දුන්නේය.

 එහි සියලු කටයුතු සම්බන්ධීකරණය වුයේ SLT ආයතනයේ ප්‍රධාන ව්‍යවසාය හා තොග නිලධාරී පර්ෂදයෙනි.එම දුෂිත ගනුදෙනුවෙන් පසු  එහි ප්‍රධානි  ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරියා වූ අතර  සාමාන්‍යධිකාරීවරයා ප්‍රධාන නිලධාරියා වූ අතර ව්‍යාපෘතියට සම්බන්ධ සියලුම නිළධාරීන්ට  උසස් වීම් ලබා දුන්නේය .

එහිදී ඔවුන් මේ පිළිබඳව සියලු තොරතුරු දත් නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරයෙකු හඳුනාගත් අතර ඔවුන් විසින්  පරීක්ෂණයට කැඳවිය යුතු SLT  නිලධාරීන්ගේ විස්තර පවා CID අධ්‍යක්ෂක වෙත ලබා දී තිබිණි. එම විස්තර අනුව පිලිවෙලින් විවිධ මට්ටම්වල නිලධාරීන් දස දෙනෙකු පමණ ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැඳවන ලද අතර අනාවරණය වූ වැදගත් තොරතුරු අනුව නීතිපති වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

ICTA සහ SLT මුලික ගිවිසුම් නොමැති මිලියන 300 ක පමණ ගෙවීමක් ICTA  ආයතනය විසින් SLTවෙත ගෙවා ඇති අතර SLT ආයතනය විසින් එය කෙලින්ම EZY ආයතනයට ගෙවා ඇත, මෙම මිලියන 300 හරීන් ප්‍රනාන්දුගේ කොමිස් මුදල බව සැක  සිතු නීතිපති ඔහුගේ බැංකු ගිණුම් පරික්ෂා  කිරීමට උපදෙස් ලබා දුන්නේය.

මෙසේ CID පරීක්ෂණ යන අතර තුර ජනාධිපති කාර්යාලය මගින් එවකට  SLT සභාපති රොහාන් ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ  මොහාන් වීරකෝන් (දැන් මාලිමාව සමඟ සිටින) කැඳවූ අතර බුද්ධි අංශ මගින් ලබා දුන් ඉහත සඳහන් කර සිටි නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා කැඳවා තොරතුරු ලබාගෙන අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට උපදෙස් ලබා දෙන ලදී.

 ඒ අනුව ඔවුන් දෙදෙනා වෙන වෙනම අදාළ  සාමාන්‍යධිකාරීවරයා හමුවූ අතර, ඔහුගෙන් ලද තොරතුරු අනුව ප්‍රධාන අභ්‍යන්තර විගණන  වෙත අභ්‍යන්තර පරීක්ෂණයක් සඳහා යොමු කරන කළේය. එවකට සිටි  ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරියා විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර ප්‍රධාන සාක්ෂි කරුගෙන් හැර කිහිප දෙනෙකුගෙන් තොරතුරු ලබා ගත්තේය.පසුව රොහාන් ප්‍රනාන්දු හා හරින්  ප්‍රනාන්දු  අතර තිබු සමීප සම්බන්ධතාවය සහ හරින්  ප්‍රනාන්දු ගෝඨාභය රාජපක්ෂ රජයට සම්බන්ධ වීම නිසා සියලු පරීක්ෂණ යට පත් කළේය.

 දැනටමත් සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය සතුව ඇති  අතර අවශ්‍ය වන්නේ යට ගසා ඇති පරීක්ෂණය  ආරම්භ කර ICTA  සහ SLT දුෂිත නිලධාරින් කැඳවා ප්‍රකාශ ලබාගෙන පරීක්ෂණ අවසන් කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *