මහනුවර  වටිනා  ඉඩම් ඉහල දේශපාලන නිර්දේශ මත  විවිධ පුද්ගලයන්ට තුට්ටුවට දෙකට දීලා

මහනුවර හන්තානේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ,ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වටිනා ඉඩම් පසුගිය යහ පාලන සමයේ ප්‍රභල දේශපාළනඥයන්  විසින්  විවිධ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ට නළු නිළියන්ට  ,අධිකරණ යේ  ඉහළ නිලධාරින්ට සහ තෝරාගත් කොළඹ  කේන්ද්‍රිය මාධ්‍ය වේදීන් කීප දෙනෙකුට ඉතා සහනදායි මුදලකට ලබාදීම සම්බන්ධයෙන් මේ දිනවල පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එකල  පැවති යහපාලන ආණ්ඩුවේ මහනුවර හිටපු ප්‍රබල දේශපාළනඥයන් කීප දෙනෙක්ද මෙම රජයේ ඉඩම් බෙදා දීමේ ජාවාරමට  සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වෙමින් පවතියි.

නිවාස සංවර්ධන අධිකාරිය භාරව සිටි රාජපක්ෂ පාලනය සමයේ සිටි හිටපු අමාත්‍ය වරයෙක්ද මෙම ඉඩම්  තම තමන්ගේ හිතවතුන්ට ලබාදී එම ඉඩම් අතිවිශාල මුදලකට වෙනත් පාර්ශවයන්ට අළෙවි කර ඇති බවටද තොරතුරු වාර්තා විය.

මෙලෙස   ලබා දුන් ඉඩම්  අතර පල්ලේකැලේ  ප්‍රදේශයේද ඉතා වටිනා ඉඩම් තිබූ බවත් ,මේ වන විට එම ඉඩම් වෙනත්  පුද්ගලයන්ට විකුණා ඇති බවත් දැනගන්නට ලැබිණි.

මෙම වටිනා ඉඩම් මහනුවරින් පිට  සිටින මාධ්‍යවේදීන්ටද  ලබා දී තිබෙන අතර මෙම ඉඩම්  තුට්ටුවට ලබාදීමේ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද පැවරී ඇති අතර ,අධිකරණ අංශයේ ප්‍රභල නිලධාරින්ද මේවා ලබාගෙන ඇති බව මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන විමර්ශණ කණ්ඩායම්  සොයාගෙන තිබේ.

පල්ලේකැලේ ප්‍රදේශයේ ඉතා වටිනා ඉඩමක් හිටපු ප්‍රභල අමාත්‍ය වරයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ල විසින්  ලබාගෙන එම වටිනා ඉඩම  විශාල මුදලකට විකුණා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ  ඇතැම් නිලධාරින්ද ,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඇතැම් නිලධාරින්ද,හිටපු ප්‍රාදේශීය ලේකම් වරයෙක්ද   මේ අයුරින් රජයේ වටිනා ඉඩම් අත්පත් කරගෙන තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *