ගිරිඋල්ල පොලීසියට මෑතදී අළුත් ඕඅයිසී මහත්තයෙක් ආවාය. ඔහු නමින් පොලිස් පරීක්ෂක ක්‍රිශාන්තය. ඔහුගේ පැටිකිරිය සොයා බැලූ විට ඔහු ඕඅයිසී තනතුරට නොව පොලීසියක් හතර මායිමේ වත් වද්දා ගතයුතු නොවන චරිතයකි. ඔහු පොලීසියට එස් අයි කෙනෙකු ලෙස බැඳීමට එන්නේම හොර සහතික හදාගෙනය. වැඩේ මාට්ටු වූවාට පසුව ඊලග වතාවේ එන්නේ ගණිතය විෂය සමත් වෙලාය. තලාතුඔය පොලීසියේ රාජකාරි කරන විටදී පොලිස් කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් යටතේ අදටත් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වේ. එසේම දේශපාලඥයකුගේ ලේකම් වරයෙකු සමග හබකරගෙන තවත් චෝදනා පත්‍රයක් විභාග වෙමින් පවතී. එසේ තිබියදී වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් සහ උපදේශක වරයාගේ මැදිහත් වීම මත මෙම පොලිස් පරීක්ෂකවරයාට ගිරිඋල්ල පොලීසියේ ස්ථානාධිපති පට්ටම හිමිවිය.
පසුගිය 28 වෙනිදා මෙම පොලිස් පරීක්ෂක ක්‍රිශාන්ත ඇතුළු නිළධාරීන් කන්ඩායක් මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයකු අත් අඩංගුවට ගන්නේය. මුරුතැන්න , කුණුගල , පිංකුඹුර අංක 94/ ඒ ලිපිනයෙහි පදිංචි පතිරාජ අප්පුහාමිලාගේ රන්දික කුමාර පතිරාජ යන අයයි. ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවරම කරන බව ප්‍රසිද්ධ රහසකි. ඒත් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් සැකකරු ගේ බිරිඳව ඕඅයිසී ගේ නෙත ගැටුනි. නමින් රාජිණී වන අතර දැනට ඇය 17 වියේ පසුවන්නියකි. සැකකරු අත් අඩංගුවට ගෙන පොලීසියට ගෙන යාමෙන් අනතුරුව ඕඅයිසී ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තේය. ඒ දුරකථන සංවාදය මෙසේ
ඕඅයිසී :- රාජිණී
රාජිණී :- කියන්න සර්
ඕඅයිසී ;- මොකද කරන්නේ
රාජිණී :- අනේ මම දන්නේ නෑ
ඕඅයිසී :- කියන්නකෝ මොනාද කෙරෙන්න ඕනේ කියලා.
රාජිණී ;- එයා ඇතුලට ගියොත් මට යන්න එන්න තැනක් නැති වෙනවා.
ඕඅයිසී ;- නැති වෙනවා නේද?
රාජිණී ;- ඔව්.
ඕඅයිසී ;- ඔය දෙන්නා එකට ඉඳලා තියෙනවද?
රාජිණී;- ඔව් දැන් අවුරුදු 3 ක් විතර වෙනවා මම එයත් එක්ක එන්නේ අවුරුදු 14 න්
ඕඅයිසී ;- අප්පට සිරි එහෙමද?
රාජිණී ;- ඔව්
ඕඅයිසී ;- ඔයාල ඇතුලේ කරනවද?
රාජිණී;- ඇහෙන්නේ නෑ.
ඕඅයිසී;- ඇතුලේ කරනවද?
ඊට පසුව ඕඅයිසී අයිපී ක්‍රිශාන්ත එදිනම රෑ සාජන් විපුල පැදවූ ත්‍රීරෝද රථයෙන් රාජිණී ගේ නිවසට යයි. රාජිණී සමග එම නිවසේ රන්දිකගේ මවද සිට ඇති අතර අයිපී ක්‍රිශාන්ත විසින් රාජිණීව දූෂණය කර ඇත. පසුදින උදෑසන රන්දිකගේ මව මේගැන පැමිණිළි කිරිමට නිකවැරටිය පොලිස් අධිකාරී වෙත ගිය අතර පොලිස් අධිකාරී වරයා විසින් මෙය ගොඩිං බේරා ගන්නා ලෙසට අයිපී ක්‍රිශාන්තට උපදෙස් ලබා ලැබුණි. ඕඅයිසී අයිපී ක්‍රිශාන්ත රන්දිකගේ මවට මුදලින් රුපියල් 100000/= ලබා දුන් අතර එම මුදල මදි බව පවසා තවත් රුපියල් 20000/= ඕඅයිසී ගෙන් ලබාගෙන ඇත. අදාළ කාන්තාවට මුදල් ගෙන ගොස් බාර දී ඇත්තේ එස් අයි දිසානායක විසින් ය.
ඒ අනුව 54 න් නඩු දානවා කියා මත්ද්‍රව්‍ය ජාවාරම් කරද්දී අත් අඩංගුවට ගත් රන්දිකට අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 50 ක් යටතේ මැයි 29 දින නිකවැරටිය උසාවියට ඉදිරිපත් කර ඇප මත මුදාහැර ඇත.
මුදල් ලබා දීමෙන් පසුව ඕඅයිසී අපී ක්‍රිශාන්ත විසින් රාජිණී ව කීප විටක් දූෂණය කර ඇති අතර ඒ සදහා ඇගේ කැමැත්ත ගෙන ඇත්තේ රන්දිකව 54 න් ඇතුලට යවන බව පවසමිනි. එම කරදරය ඉවසා ගත නොහැකිව රාජිණී පසු ගිය 17 දිනට එලිවෙන්න ගෙල වැලලාගෙන මියගියාය.
දැන් ප්‍රදේශවාසීන් විමසිල්ලෙන් සිටින්නේ මේ පිළිබදව පොලිස්පති තුමා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය කුමක් කරන්නේද කියාය. ප්‍රදේශවාසීන් ඔවුන්ගේ ඉවසීමේ සීමාව අවසන් වූ විට පාරට බැසීමට සූදානමින් සිටීයි