නිළ වාහනයක් තිබියදී වෙන්දේසි කරන්න තිබු අති සුඛෝපභෝගී වාහනයක් ධිවර සංස්ථා සභාපති ගෙනැත්

නව රජයේ ප්‍රතිපත්තියට පටහැනිව ලංකා ධීවර සංස්ථාවේ  සභාපති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මාර්ක්ට සංස්ථාවෙන් නිළ වාහනයක්( KA7699 Toyota prado  ) තිබියදි ධිවර හා ජලජ සම්පත් අමාත්‍යංශය සතු  සුඛෝපභෝගී වාහනයක් ලබා ගෙන තිබෙි.

කේ ජේ 8065 දරණ Land cruser අති සුඛෝපභෝගී වාහනය එසේ ලබා ගෙන ඇත.සංස්ථාවෙි සේවය කරනු ලබන සේවකයකු අසනීප වූ විට රෝහලක් වෙත රැගෙන යාම සදහාවත් සුදුසු වාහනයක් නොමැති තත්වයක සභාපතිවරයා  මෙම වාහනය භාවිතා කිරිම කනගාටුදායක බව එහි සේවකයින් පවසයි.

 සේවකයන් වෙනුවෙන් ගෙවිය යුතු ETF, EPF, පාරිතෝෂිත දීමනා සහ අදාළ කාලයට සියලුම සේවකයන්ගේ වැටුප, අතිකාල දීමනා, වැටුප් අත්තිකාරම් මුදල් ගෙවා ගත නොහැකි තත්ත්වයක් තුල නව රජයේ ජනාධිපතිවරයා  සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්ති වලට පටහැනිව වෙන්දේසි කිරීමට තීරණය කරන ලද මෙම සුඛෝපභෝගී වාහන ලබාගෙන ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *