රුසියානු සමාගමට ලබාදුන් හෙලිකොප්ටර් ඇමරිකානු සාගමට ලබා දෙන්නැයි තානාපති කාර්යාලයෙන් බලපෑම්

ශ්‍රිලංකා ගුවන් හමුදාවෙි MI-171 හෙළිකොප්ටර් හතරක් අලුත්වැඩියාව සදහා අඩුම ලංසුව ඉදිරිපත් කරන ලද රුසියානු සමාගමට ලබා දිම නවතා එය ඇමරිකානු සමාගමක් වන ජොර්ජියානු සමාගමට ලබා දෙන ලෙසට ඇමරිකානු තානාපති කාර්යාලය මගින් ආරක්ෂක අමාත්‍යංශයට බලපැම් එල්ල කරන බවට වාර්ථාවෙි.

එහි අපුරුම සිද්ධිය වන්නේ මෙම හෙලිකොප්ටර් අලුත්වැඩියාවට අවශ්‍ය නිර්දේශ ලබා දුන් එවකට ගුවන් හමුදා ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස සිටි එයාර් වයිස් මාෂල් මුදිත මාවට්ටගේ විශ්‍රාම යෑමෙන් දින කිහිපයකින් ඉහත කී ජොර්ජියානු සමාගමේ දේශිය එජන්ත සමාගමෙි සේවයට යාමයි.

ටෙන්ඩරයට සමාගම් දෙකක් සහභාගී වු අතර NASK – රුසියානු රජයට අයත් – දේශීය නියෝජිත (කොස්මික්) හාටිබිලිසි ගුවන් යානා නිෂ්පාදන ආයතනයේ ( ජෝර්ජියාව)දේශීය නියෝජිත (Securatec) සමාගම ඊට ඉදිරිපත් වී ඇත.අඩු ටෙන්ඩරය මත හෙලිකොප්ටර් 03 ක් අලුත්වැඩියා කිරීම ජෝර්ජියානු සමාගමට ප්‍රදානය කරන ලද අතර  අනෙක්හෙලිකොප්ටරය  NASK වෙත ප්‍රදානය කරන  තිබෙි.

ටෙන්ඩර් ක්‍රියා පටිපාටි උල්ලංඝනය කර රුසියාවේ NASK සමාගට ලබා දුන් හෙලිකොප්ටරයද  ජෝර්ජියානු සමාගමට   ප්‍රදානය කරන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයට  ආයතනයට බලපෑම් කරන බවට තොරතුරු වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *