කුරුණෑගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය දිනපතා මහනුවර සිට නිළරථයෙන් සේවයට පැමිණිම නිසා වැඩ කොටඋඩ

කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය දිනපතා සිය නිළ රථයෙන් ඇය පදිංචි මහනුවර සිට පැමිණෙ නිසා නියමිත වෙලාවට සේවයට නොපැමිණෙන බව වාර්ථාවෙි.ඊට හේතුව එම රථයේ සේවය කරනු ලබන රියදුරා කුරුණෑගල සිට බස් රථයෙන් මහනුවර අධ්‍යක්ෂවරියගේ නිවසට ගොස් වාහනයරැගෙන එම නිසාවෙනි. නැවත සවස සේවය නිමාවිමෙන් පසුවද ඇයව මහනුවරට ගොස් නිවසට දමා රියදුරාට යළිත් සිය නිවස පිහිටි කුරුණැගලට පැමිණිමට සිදුව ඇත.

ආදාළ අධ්‍යක්ෂවරියට සිය නිළ තනතුරට ආදාළ නිළනිවසක්ද තිබියදී ඇය දිනපතා රජයේ මුදල් වියදම් කරමින් කිලෝමිටර් ගණනක් ගමන් කරන බව එහි සේවකයින් පවසයි.

මහනුවර සිට කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්යාල වෙත පැමිණෙන්නේ උදේ දහය  එකොළහ අතර බවත්  යළීත්  සවස දෙක පමණ වන විට රූපලාවන්‍ය කටයුතු වල නිරත වන ඇය සැරසෙන්නේ නිවස කරා යාමට බව වාර්ථාවෙි.

 PI-0886 දරන සුදු පාට කැබ් රථය ඇය විසින් භාවිතා කරන අතර  මෙහි රියදුරන් දෙදෙනකු සේවය කරයි. ඉන්  එක් අයෙකු සවස රැගෙන ගොස්  නුවර සිට කුරුණෑගලට බස් රථයේ පැමිණෙයි.ඉන්පසු පසුවදා මෙම රථය සහ වෛද්‍යවරිය රැගෙන ඒම සඳහා යන්නේ වෙනත්  රියදුරෙකු බව සදහන්වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා රෝහල්වල සියලුම අවශ්‍යතා සැපරිය යුතු තනතුරක් වන මෙය ඇය විසින් සිදු කරනුයේ නොසැලකිල්ලෙන් බවත් සමහර රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වෛද්‍යවරු විසින් ඉල්ලා ඇතත් මසකට  වඩා ගතවී ඇතත් නොලැබී ඇති බව ඔවුන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *