මාලිමා ආණ්ඩුවේ කථාව දෝලාවෙන් ගමන පයින්

මාලිමාව ආණ්ඩුව මුලුමනින්ම පාහේ ජනාධිපතිවරයා කේන්ද්‍රීය දිවෙන බවක් දිස්වේ.කැබිනට් මණ්ඩලයේ කීප දෙනෙක් හැරුණු විට සෙස්සෝ නිද්‍රාශීලිය.ඔවුන් සිතාගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ ආනුභාවයෙන් සියල්ල සිදුවනු ඇත කියාය .ඒ නිසාම පලාත් පාලන ඡන්දයේදී.පොහොට්ටුව හා එජාපය යම් ඡන්ද ප්‍රමාණයක් මාලිමාවෙන් ආපසු ඇද ගත්තේය .159 ක් වූ මන්ත්‍රී ප්‍රමාණය සිය උපරිමයෙන් වැඩ කලේද? ජනාධිපතිවරණයේදී හා මහා මැතිවරණයේදී  වැඩ කල රණවිරු සාමූහිකයන් හා කාන්තා සංවිධාන මෙවර ක්‍රියාත්මක වීද?.

රාජ්‍ය ආයතන හැසිරවීම

මේ පිළිබඳව පවතින තත්වය යහපත් නැත.ආණ්ඩුවට සහල් වෙළෙඳපල පාලනය කර ගත නොහැකි විය.රට තුළ කිසිදු වී හිඟයක් නැතත් ඩඩ්ලිලා ,නිපුනලා,නිව් රත්නලාට රිසි ලෙස ගොවීන් හා පාරිභෝගිකයන් ගසා කන්නට ඉඩ දී තිබේ.වසන්ත සමරසිංහ ,නාමල් කරුණාරත්න ,ටී.බී සරත් යන තුන් කට්ටුවේ කයිවාරු හැර වෙනත් යමක් සිදුවි නැත.අවම වශයෙන් චීන රජය සමඟ සාකච්ඡා කොට මහා පරිමාණ වී මෝලක් ඉදිකිරීම සඳහා හෝ සාකච්චා කලේද ?.මේ දිනවල යල කන්නයේ වී වැපිරීම සිදු වෙතත් ගොවීන්ට මඩ පොහොර නැත.ඒ හිඟයට ආණ්ඩුවේ විසඳුමක් ද නැත.අනික් පැත්තෙන් ලුණු වැනි සුලබ දේවල්ද ප්‍රශ්න ලෙස එන්නට ඉඩ දී තිබේ..

රාජ්‍ය සේවය

පෙර තිබු තත්වයෙන් අඟලක් හෝ ඉදිරියට ගොස් නැත.ඇමතිවරයෙකු සිටින බවක්වත් රටට නොපෙනේ.අයවැයෙන් වැටුප් වැඩිකලද රාජ්‍ය සේවයේ බහුතරයක් තාමත් නිදිය.ඔවුන් නිසි කළමනාකරණයක් කරන බවක් නොපෙනේ.ජනාධිපතිවරයා මැයි මස සිට මීට විසඳුමක් දෙන බවක් පැවසුවද මෙතෙක් කිසිවක් සිදු වී නැත.

මීට හොඳම උදාහරණය පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කල උරුමය ඔප්පු වැඩ සටහනයි .එය මේ ආණ්ඩුව නතර කර දැමුවේය.දැන් මාස හයකි.ආණ්ඩුව විකල්පයක් ගෙනාවේද නැත.තිබුණ ඔප්පුවද නැත.ලාල් කාන්ත හා නාමල් කරුණාරත්න ඇමතිවරුද නිහඬය.ජනතාව ඔප්පු ඉල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ මහවැලිය හෝ වටලන දිනය ආසන්නය.

යුක්තිය පසිඳිලීම

මෙය ආණ්ඩුවේ ප්‍රමුඛ උවමනාව විය .එහෙත් හොරු යැයි හංවඩු ගැසු උන් රිසි සේ වැජඹෙති .බැසිල්,උදයංග,අජිත් නිවාඩ්,මහින්දානන්ද,රෝහිත ,ප්‍රසන්න රණතුංග ,ජොන්ස්ටන්,යෝෂිත ,නිශ්ශංක සේනාධිපති ,මෙන්ම මහින්ද ,රනිල් ,ගෝඨාභය හා සජිත් ප්‍රේමදාස හා රවී කරුණානායක වැනි පතාක චරිත වලට ගත් හෝ ගන්නා ක්‍රියාමාර්ග ගැන තොරතුරක් නැත.මේ නිසාම ඔවුන් රිසි සේ ආණ්ඩුව ඇන්නවීමට උගුල් අටවති..

වාචාලකම් දෙඩවීම

නාමල් කරුණාරත්න ,ටී බී.සරත් ,වසන්ත සමරසිංහ ,චතුරංග අබේසිංහ ,නලින් හේවගේ ,වැන්නත් නා ගැනීමේ පුරුද්ද අතහැර නැත.එක්කෝ.පක්ෂය ඔවුන් ගැන සොයා බැලීමි නොකරති.මේ බොරු කයිවාරු නිසා මාලිමාවට වෙන හානිය කිසිවෙකු හෝ තක්සේරු කලේද ?

ජ.වි.පෙ.60 සංවත්සරය

මෙහිදී ජනාධිපතිවරයා හා ජ.වි.පෙ.ලේකම්වරයා පාක්ෂිකයන් උන්මාද කරවමින් කතා කලේය .මැයි දිනයේදී ද ඔවුන් එලෙස කතා කලහ.එහෙත් එපමණකින් හැට අට ලක්ෂයක උවමනාවන් ඉටුවන්නේ නැත.ආසියාවේ ස්වභාවය අනුව වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හිතකර නැත.නයා ,ගැරඬියා කර දරමිටි බඳින්නේ ඕනවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වූ විටය .අප අකමැති වුවද රනිල් හා මහින්ද මෑත භාගයේ දී තම බලය උපරිම ලෙස උරගා බැලුවේය .අනුර සහෝදරයාට ද ඇත්තේ තමන්ගේ බලය අනීතික ලෙස භාවිත නොකොට ජනතාව වෙනුවෙන් සෘජු හා ඉක්මනින් තීන්දු ගැනීමය.පවතින අඩුපාඩු ඉක්මනින් විසඳා ගැනීමය .නැත්නම් රනිල් ලා වැනි කපටින් කපන බොරු වලවල් ඇද වැටී ආණ්ඩුව විනාශ වනු ඇත .

(විද්‍යුත් තෑපැලට පොළොන්නරුවේ මාලිමාවට ජන්දය දුන් අයෙකු යොමු කළ ලිපියක් )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *