ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ සල්ලි නාස්ති කරන ලංකාවේ නොව ලෝකයේ ඇති දූෂිතම ආයතනයයි. බලයට එන එන ජනාධිපතිවරුන්ගේ සිට ක්‍රීඩා ඇමතිවරු අල්ලේ නටවන ක්‍රිකට් සභාපතිලා මේ ජාවාරම කලක සිට ජයටම කරගෙන යයි. අවසාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රිකට් සභාපතිගේ සල්ලි බලයට රූකඩ නටා එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහව ඇමතිකමෙන්ද පැන්නුවේ කිසිදු හිරිකිතක් නොමැතිවය. ඒ කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිල වාර්තා අධ්‍යනය කරන විට පෙනී යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් මාටියා ගහපු සල්ලි නැවත අයකර ගත්තොත් රටේ ණය බරෙන් කාලක් පහසුවෙන් හෙවිය හැකි බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළමු මහලට යන සෝපාන ලොභිය හා කොරිඩෝව මීටර් සීයක දුර නැති තැනකි. මේ අඳුරු කොරිඩෝ පටු තීරුවට විදුලි බුබුළු සවි කිරීම 2024 වසරේ ජුනි මාසයේ සිදු කර ඇත. ඒ සාමාන්‍ය විදුලි බුබුළුයි. එහෙත් ඊට වැයවූ මුදල අති විශාලය.
එහි විදුලි බුබුළු 8ක් සදහා රුපියල් මිලියන 25ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැයකර තිබෙි. මේසදහා මුලින් ඇස්තමේන්තු කර ඇත්තේ රුපියල් මිලියන 23කි. එාහත් එහි වැඩ ඉවර කර ඇත්තේ මිලියන 25ක් වැය කරමිණි.ඒ කියන්නේ රත්තරන් විදුලි බුබුළු සවි කරලද යන්න සැක සහිතය.
හොරුන්ට වැට බදින හොරු අල්ලන පැම්ණි පුනරුදේ ආණ්ඩුවේ ක්‍රීඩා සුනිල් කුමාර ගමගේට පුලුවන් මේව හොයන්න අඩුම පහුගිය අවුරුද්දටවත් විශේෂ විගණනයක් කරන්න හැකිය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලංකාව තහනම් කරන් නෑ එහෙම පරීක්ෂණයක් කළාට කියලා මේ ඇමතිට කියන්න කාටවත් බැරිවිම කනගාටුවය කරුණකි. එහෙම කලහොත් කම්බ හොරු නිකම්ම එලියට එයි. කෝප් එකට ගෙනත් හරි නැතුව හරි එතකොට, ශ්‍රී ලංකා ක්‍රිකට් සල්ලි හොරා කෑවට නඩු දාන්න ICC එකටත් ඒ වාර්තා යවල. එතකොට ICC එකෙන්ම අතුරු කමිටුවක් දාල ක්‍රිකට් එක සුද්ද කරලා ආයේ නිලවරණයක් තියන්න කියනව සත්තයි.අපි බලමු ආන්ඩුව ක්‍රිකට් හොරු අල්ලයිද ක්‍රිකට් හොරු ආන්ඩුව අල්ලලද කියලා කලින් උනා වගේම.
හසිත අකලංක දෙයාලගේ