රණේට ඉන්න මාසිංහ  පන්සලක ඉඩමක මාලිගාවක් හදන්න ගෝලයන් ලවා බඩු එකතු කරයි

මහනුවරට පැමිණ  මාසයක් යන්නට පෙර පොලීසිය භාර ඇමතිගේ  උපදේශක  හිටපු නියෝජ්‍ය පොලිස්පති රණවීරගේ ගෝලයෙකු වන සුදත් මාසිංහ නැමැත්තා  පන්සලකට රිංගා පන්සලට අයත් ඉඩමක නිවසක් ඉදිකිරිමට ආරම්භ කර ඇති බව වාර්ථාවෙි. ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය පොලිස් නලධාරින් හරහා එකතු කිරිම ආරම්භ කර ඇති බව වාර්ථාවේ.

මෙසේ නිවසක් ඉදිකිරිමට ආරම්භ කර ඇත්තේ මහනුවර කල්වත්තේ පර්චස් 25 ක ඉඩමක බව සදහන්වේ.  තමන්ට කියා  ඉඩමක් නොමැති නිසා   ඉන්න ගෙයක් හදාගෙන නුවර පදිංචි වෙන්න ආශයි කියා එම ඉඩම ලබා ගෙන ඇති බව වාර්ථාවෙි.

 විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති  රණවීරට මහනුවරට පැමිණ නැංගුරම් දාන්නට   පත්කර ගත් සුදත් මාසිංහ  ඊට පෙර එස් එස් පී කනතුරේ සේවය කළේ කැපී ගොස් සිටි අයෙක්  නිසාවෙි.  පොහොට්ටුවට  කඩේ ගොස් දැන් මාලිමාවට මුක්කු ගැසුවත් මොහු පසුගිය කාලේ මහින්දලාගේ  සියලු පක්කලි කම් කල අයෙක් බව මුලු පොලිසිය දන්නා වුවත් නව අමාත්‍යංශයේ නව නිලධාරින් පමණක් නොදනි.

රණවීර හිටපු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති වරයා කලක් එජාපයේද ,කලක් පොහොට්ටුවේද  ගජයෙකු වන අතර මාළිමා ආණ්ඩුවට හේත්තූ වූයේ මැතිවරණ සමයේදීය . ඔහුට අවශ්‍ය  පුද්ගලයන් නුවරට ගෙන්වාගෙන ඔහුට නුවර බලය රඳවා ගන්නට කටයුතු කරන බව  මහනුවර පොලිස් පොඩ්⁣ඩෝ පවසති. කලක් සජිත් වන්දනාවේ ද ගිය අයෙකි.

නියෝජ්‍ය පොලිස්පති සුදත්මාසිංහට නියෝජ්‍ය පොලිස්පති තනතුරට එන්නටද පාර කැපූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රණවීර මධ්‍යම පලාතේ නියෝජ්‍ය පොලිස්පති ධූරය  විශ්‍රාම යන තුරු දැරූ අයෙකි. ඔහුට අවශ්‍ය වී ඇත්තේ ඔහුට කීකරු එස්එස්පීල , නියෝජ්‍ය පොලිස්පති වරු මහනුවරට ගෙන ඒමටය.

 බොල්ගොඩ ඟඟේ ඔබා සැකකරුවෙකු  පරළොව යැවීමේ සිද්ධියකටද එවකට සීඅයිඩීයේ ඉහළ තනතුරක් දැරූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති වරයා නුවර සේවය කරද්දී දළදා වහන්සේ හිස උඩ තියාගෙන තමන් කල පව් සමා කර ගත්තේය.මාළිමා ආණ්ඩුවට රිංගා ගත් බොහෝ උසස් පොලිස් ප්‍රධානින් තනතුරේ සිටියදී  පොහොට්ටුව  ප්‍රවර්ධනය කල අය බවත්  ඔවුන් පැන්ෂන් ගොස්  මාළිමාවට මුක්කු ගසා  පොලිසියේ  නිලධාරින් විවිධ පලාත් වලට මාරු කිරීම සඳහා පොලීසිය භාර ඇමතිට සහ නිළධාරින්ට ලණු දෙමින්   මාළිමා ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක් කරන බව පොලිස් පොඩ්ඩන් පවසයි. නුවරට එන පිට පලාත් වල පදිංචි පොලිස් ලොක්කන් නුවර පැමිණි විගස අයථා ක්‍රම ඔස්සේ  හරි හම්බ කර ,තම පොලිස් ගෝලයන් යොදවා ගොඩනැගිලි  ද්‍රව්‍ය එකතු කර  මහල් නිවාස ඉදිකරන බවද මහනුවර පොලිස් බුද්ධි වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *