මහනුවර මහ නගර සභාවේ බදු මුදල් වංචා කර වැඩ තහනමට ලක්වූ   සේවිකාවක්  සජබ ලැයිස්තුවෙන් නගර සභාවට

මහනුවර නගර සභාවේ සේවය කරද්දී රුපියල්  ලක්ෂ ගනනක මුදලක් වංචාකර  නඩු  වැටී ,වැඩ තහනමට ලක්කර සිටි  කාන්තාවක්  සමගි ජන බලවේගයෙන් මහනුවර මහනගර සභා අපේක්ෂක ලැයිස්තුවට පත් කර ඇති බව වාර්ථාවෙි.

මහනුවර දොඩම්වල අස්ගිරිය කොට්ඨාශයෙන්  සජබ අපේක්ෂක ලැයිස්තුවට ඇතුලත් කර ඇත්තේ සජබ මහනුවර නායකයන් විසින් බව එම පාක්ෂිකයෝ පවසති.

මුදල් වංචාවට වැඩ තහනම් කර සිට පසුව නගර සභාවේ අමුත්තන් පිළිගැනීමේ කවුන්ටරයේ සේවයට පත් කර ඇත්තේ නගර සභාව එජාප පාලනයේ  තිබියදී බව නගර සභාවේ සේවකයන් පවසයි.

නගර සභාවේ බදු මුදල් වංචා කර බන්ධනාගාර ගත කරන ලද  පසුව  නඩුව අවසන් වී සජබ ජාතික ලැයිස්තුව ඔස්සේ නාගරික මන්ත්‍රීනී ධූරයට  පත්කර ඇත්තේ මහනුවර පදිංචි සමන්ති පෙරේරා නමැති කාන්තාවක් බව සජබ අපේක්ෂකයන්  පවසයි.

සජබ මහනුවර දිස්ත්‍රික් නායකයා  වන්නේ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා වන අතර ඔහුගේ දායණිය වන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රානී කිරිඇල්ල මහත්මිය මහනුවර සජබ සංවිධායකවරියද වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *