මාලිමා ආණ්ඩුව යටතේත් මරණ දඩුවම නියමිවී සිටින දුම්න්ද සිල්වා හා තංගල්ල  සභාවෙි හිටපු සභාපති සම්පත් විදාණපතිරණ බංධනාගාර රෝහලේ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ  වැරදි කරුවී මරණ දණ්ඩණය නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුම්න්ද සිල්වා හා හා රුසියානු විදේශ කාන්තාවක් දුෂණය කළ  ඇගේ බ්‍රිතාන්‍ය සැමියා වෙඩිතබා ඝාතනය කිරිමේ වරදකරු වු තංගල්ල ප්‍රාදේශිය සභාවෙි හිටපු සභාපති සම්පත් විදාණපතිරණ  මාලිමා ආණ්ඩුව යටතේ බංධනාගාර රෝහලේ නිදහසේ සැපසේ සිටින බව වාර්ථාවෙි.

ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන හා බංධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල් දෙනිය විසින් කොටි ගණන් මුදලකට ලබා දෙන බව සදහන්වේ.

මුල්ලේරියාව මානසික වෛද්‍ය ආයතනයේ  විශේෂඥ වෛද්‍ය තාරක ප්‍රනාන්දු විසින් දුමින්ද සිල්වා බංධනාගාර රෝහලේ තබා ගැනිමට නිර්දේශ කර ඇත්තේ ඔහු ඉන් ඉවත් කළ හොත් සිය දිවිනසා ගැනිමට ඉඩ ඇති බව සදහන් කරමිණි.ඒ අනුව දුම්න්දට තුන්නේලටම නිවසින් කෑම බිම සේම දුරකථන , ලැපිටෝප් පහසුකම්ද ලබාදී ඇත.

මිට පෙර කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා රක්ෂිත බංධනාගාර ගතවු පසු මාස පහක් බංධනාගාර රෝහලේ තබා ගැනිමට  නිර්දේශ කර ඇත්තේද මෙම වෛද්‍ය වරයා වන අතර ඒ සදහා රුපියල් පක්ෂ හැටක් ලබා ගත් බව කෙහෙළියගේ නිතිඥවරයා සදහන් කර තිබෙි.

මේ අතර මෙම සියලුම කටයුතු සම්බනක්ධිකරණය කරනු ලබන්නේ දැනට බංධනාගාර රෝහලේ වසර අටක් සේවය කරනු ලබන වෛද්‍ය ලක්ෂ්මන්  සේනාධිර වන අතර ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්  අසේල ගුණවර්ධන විසින් ආවරණය කරනු ලබන බව සදහන්වේ.

එම ලක්ෂ්මන්  සේනාධිර විසින්  තංගල්ල ප්‍රාදේශිය සභාවෙි හිටපු සභාපති සම්පත් විදාණපතිරණට බංධනාගාර රෝහලේ රැදිසිටිමට අවශ්‍ය පහසුකම් හා නිර්දේශ ලබා දී ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *