කෝටි දහසකට අධික මුදලක් වැයකර මහනුවර නගරයේ ඉදිකල මහල් පහකින් යුත් නාගරික රථ ගාල මැයි 5 සහ 6 යන දිනවල මහනුවරට වාහන වලින් යන එන ජනතාවට රථවාහන ගාල් කිරීමට දීම නාගරික කොමසාරිස්වරියගේ සහ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නියමය පරිදි තහනම් කර තිබේ.
මහනුවර කච්චේරි බිම තුල වාහන 200 ක්පමණ ගාල් කර තැබිය හැකි වුවද දිස්ත්‍රික් ලේකම්වරයා සහ නාගරික කොමසාරිස් ගෙන ඇති තීරණය නිසා මහනුවරට වාහන වලින්පැමිණෙන ජනතාවට නාගරික රථ ගාල අහිමිවී තිබේ.මෙයින් නගර සභාවට දින දෙකක් තුල ලැබෙන ආදායමද අහිමි වී තිබෙන බව නගර සභාවට බදු ගෙවන ජනතාව පවසති.
මහනුවර නාගරික රථගාලේ දිනකට වාහන දෙදහසක් පමණ ගාල් කිරීමට අවස්ථාව තිබේ. සඳුදා (5) සහ (06) යන දිනවල මහනුවර නගරයට විවිධ කටයුතු සඳහා තම වාහන වලින් පැමිණෙන ජනතාවට නාගරික රථ ගාලේ දොර වසා දැමූ හිතුවක්කාර පාලනයක් ගෙන යන මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වරිය ,ජන්දේ දිනවල දිස්ත්‍රික් ලේකම්වරයා කල ඉල්ලීම මත නාගරික රථගාල ජනතාවට ලබා නොදෙන බව පවසයි.
මීව කලින් කිසිදු මැතිවරණයකදී මහනුවර නාගරික රථ ගාල මැතිවරණ කටයුතු වලට යන එන නිලධාරින්ගේ වාහන නවතා ලන්නට නොදුන් බවනගර සභාවට බදු ගෙවන ජනතාව පැවසූහ.
රජය දැඩි අපහසුතාවයට පත් කිරීම සඳහා මහනුවර මහ නගර සභාවේ කොමසාරිස් වරිය හිතාමතා කටයුතු කරන බව මහනුවර ජනතාව පවසති.
ආණ්ඩුවේ කවුරු කීවත් නගර සභාවේ පරිපාලනය ඇත්තේ තමන් අතේ බව පවසා හිතුවක්කාර තීරණ ගන්නා මහනුවර නාගරික කොමසාරිස්වරිය නිසා දළදා වන්දනා සමයේද ජනතාවට රජය අප්‍රසන්ව කරවීමේ තැත ඉතා සූක්ෂම අයුරින් නාගරික කොමසාරිස් වරිය කරමින් සිටින බව මාළිමාවේ ප්‍රබල ක්‍රිකාකාරීහු පවා පවසති.
2025-05-06