මහනුවර  ප්‍රධාන  විදුහලක  ස්පා එකක්

අධ්‍යාපන ඇමතිනී අගමැති ආචාර්ය හරීනී අමරසූරිය මහත්මියගේ සංකල්පයක් මත බව පවසමින්  ,මධ්‍යම පලාතේ අධ්‍යාපන අධ්‍යක්ෂක නිහාල් අලහකෝන් සහ  සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක චමරී අන්දරගේ යුවළගේ සිහිනයක් සැබෑ කරමින්  මධ්‍යම පලාත් අධ්‍යාපන ඉතිහාසයේ ප්‍රථම වරට මහනුවර ශ්‍රී දළදා  මාළිගාවට සමීපව බූවැලිකඩ මංසන්ධියේ  ඩී එස් සේනානායක විදුහල් පරිශ්‍රයේ  ,ර⁣ජයේ ගොඩනැගිල්ලක් තුල  රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් සුපිරි ස්පා  එකක් ආරම්භ කර තිබෙන බව එම විදුහලේ දරුවන්ගේ දෙමව්පියන් සහ   මහනුවර ඒකාබද්ධ ගුරු සංගම් පවසති.

මෙම  ස්පා එකෙන් තරුණ ගුරුවරියන්ට ,පාසැලට දරුවන් රැගෙන එන තරුණ මවුවරුන්ට  හොඳ රූපලාවන්‍ය මසාජ් එකක් කරගත හැකි බව  ගුරු බවතුන් පවසයි.

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතියාගේ  පන්දමුන් වන පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිහල් අලහකෝන් සහ  චමරී අන්දරගේ යන  නිතරම  තොල් රතු කරගෙන රූපලවන්‍ය  මෝස්තර වලින් හැඩවන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක චමරී අන්දරගේ    දැඩි වුවමනාවට  මෙම පාසැල් රූපලාවන්‍ය  මධ්‍යස්ථානය හෙවත් ස්කූල් ස්පා  බිහිවී ඇති බව ගුරු වෘත්තීය සංගම් චෝදනා කරති.

මහනුවර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක චමරී අන්දරගේ නැමැත්තිය  උදේට රාජකාරී පැමිණ  පැය දෙකක් පමණ ඇගේ රූප ලාවන්‍ය කටයුතු කර   අවසන් වන තෙක්   කිසිදු කෙනෙකුට ඇගේ නිල කාමරයට යාමද තහනම් බව  සේවකයෝ පවසති.

අධ්‍යාපන ඉතිහාසයේ  පාසැල් පද්ධති තුල ගෘහ පන්ති  පවත්වන ලද  අතර ආදර්ශ මුළුතැන් ගෙවල්ද තිබූ නමුත්  මෙවැනි ස්පා හෙවත් රූපලාවන්‍යාගාර  නොතිබූ බව  මධ්‍යම පලාත් ඒකාබද්ධ ගුරු වෘත්තීය සංගම් නියෝජිතවරු පැවසූහ.

අධ්‍යාපනයේ  සිස්ටම් ජේන්ජ් වැඩ සටහන යටතේ  මහනුවර පාසැල් භූමියක ස්පා එකක් හෙවත් මසාජ් මධ්‍යස්ථානයකට   අනුමැතිය ලබාදී ඇති මහාචාර්ය ආණ්ඩුකාර එස් .අභයකෝන්ද  මෙලෝ  සසරක් නොදන්නා බහුබූත කාරයෙකු බව ගුරු සංගම් චෝදනා කරති.

මධ්‍යම පලාතේ  කිසිදු ආණ්ඩුකාරවරයෙකු හෝ පලාත් අධ්‍යාපන ඇමතිවරයෙකු  මධ්‍යම පලාතේ පාසැල් භූමියක ස්පා එකක් ආරම්භ කිරීමට  හෝ රූපලාවන්‍යාගාරයක් ආරම්භ කිරීමට හෝ අවසර දී නැතැයි මහනුවර ඩී එස් සේනානායක විදුහලේ ආදී සිසුන් සහ මධ්‍යම පලාත් ඒකාබද්ධ ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.

මෙම ස්පා එකෙන්  අනාගතයේදී තෙරපිවරියන්  ( සිරුරු මසාජ් කරන්නියන් සහ රූපලාවන්‍ය  ශීල්පිණි⁣යන්  )  බිහිකිරීම අරමුණ බව  පලාත් අධ්‍යාපන  බලධාරින්  කියති.

මෙරටට  නිදහස දිනාදීමට පුරෝගාමී වු  ජාතියේ පියා ලෙස  ශ්‍රීලාංකික ජනතාව ගෞරවයෙන්  සැළකු  ලංකාවේ ප්‍රථම අගමැති මහාමාන්‍ය  ඩී එස් සේනානායක  ශ්‍රීමතාණන්ගේ නමින් පවත්වාගෙන  යන මහනුවර බූවැලිකඩ  ඩී එස්  සේනානායක මහ විදුහලේ නමට  අගෞරව කරන මධ්‍යම පලාතේ අධ්‍යාපන බලධාරින්  වහාම මෙම ස්කූල් ස්පා එක ආරම්භ කිරීම   නවත්වන ලෙස    ගුරු සංගම් මැද රට මහාචාර්ය ආණ්ඩුකාර  වරයාගෙන්  ඉල්ලා සිටියි

වැඩි දවස් යන්නට පෙර මෙම ස්කූල් ස්පා එකට  තරුණ ගුරුවරියන්  පාසැල් සිසුවියන්  සහ දරුවන් පාසැල් රැගෙන එන තරුණ අම්මාවරුද   මසාජ් කරගැනීමට යනු ඇත…මධ්‍යම පලාතේ අධ්‍යාපනයට  ගිය කලක් යැයි මේ ගැන තතු දන්නෝ කම්මුලේ අත ගසාගෙන  කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *