පොලිසිය ඉදිරිපිට ක්ලීන් කර දෙන්න

ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රිලංකා වැඩසටහන යටතේ පොලිසිය විශාල කාර්යක් කරන අතර ජනතාව ඉල්ලා සිටින්නේ රටපුරා ඇති පොලිස් ස්ථාන 607 පළමුවෙන්ම පිරිසිදු කරන ලෙසටයි.

එම ස්ථානවල නිලදාරින් පිරිසිදු කිරිම කෙසේ වෙතත් පොලිස් ස්ථනවල ඇති නඩු භාණ්ඩ ලෙස ඇති වාහාන හෝ උපකරණ අදිය අපිළිවෙළකට පොලිස් ස්තාන ඉදිරිපිට ගොඩගසා ඇති බවයි.

අනතුරකින් පසු වාහනය අධිකරණයකට ඉදිරිපත් කර එහි වගකිමක් ඇති වන ආකාරයට එම දේපලෙහි යමක් රදවා තබා අදාළ යාන වාහන අයිතිකරුවන්ට මුදා හැරිමට හැකි නම් එමගින් රටට විශාල ඉතිරියක් ඇතිවෙයි.ඇතැමි දේපළ වසර ගණන් අව්වට වැස්සට තෙමෙමින් දිරාපත් වන්නේ එහි වටිනාකම අයිතිකරුවන්ට හෝ රජයට හිමි නොවන ආකාරයටය. පවතින නීති ප්‍රමාණවත් නොමැති නම් නව නීති සකසා හෝ එවැනි දේපළ අධිකරණයේ පිරික්ෂාවෙන් පසු අයිති කරුවන්ට මුදා හැරිමට හැකිනම් එය රටේ ජාතික ආර්ථිකයටද මහත් පිටුවහලක්වෙයි.ලෝකයේ දියුණු  රටවල අනතුරක් සිදුවු පසු එම වාහන පමණක් නොව වලංගු රියදුරු බලපත්‍ර යක් නොමැතිව පැදයන වාහන හසු වුවහොත් සහ අනිසි ලෙස පාර අයිනේ නවතා දමා යන වාහන ඇදගෙන ගොස් පොලිසිය ඉදිරිපිට ගාල් නොකරන අතර ඒ සදහා වෙනම රථගාල් ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇත. වරදට හසුවූ වාහනයේ අයිතිකරු විසින් අදාල අංගනයේ වාහනය නවතා ඇති දින ගනනට මුදල් ගෙවා වාහනය රැගෙන යා යුතුය. එම රටවල පොලීසියද හැකි ඉක්මණින් නීතිමය කටයුතු සිදුකර වාහනය මුදා හැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *