මධ්‍යම පලාත් ආණ්ඩුකාරධූරයට මහනුවර  ප්‍රභූ පවුලක සාමාජිකයෙකුගේ නම

මධ්‍යම පලාත් ආණ්ඩුකාරධූරය සඳහා මහනුවර  ප්‍රදේශයේ ප්‍රභූ පවුලක සාමාජිකයෙකුගේ නම යෝජනා වී ඇති බව ඉහළ පෙලේ දේශපාළන ආරංචි මාර්ග සඳහන් කරයි.

මහනුවර හිටපු ප්‍රබල දේශපාලකයෙකුට සමීප   ඥාතී සබඳතා ඇති  මනා ලෙස විදේශීය සබඳතා සහිත පලපුරුදු  උගත්  අයෙකු වන  ආණ්ඩුකාර ධූරයට යෝජිත  වී ඇති දේශපාලනඥයා,මධ්‍යම පලාත් සභාවේද මන්ත්‍රී ධූරයක් ද ප්‍රධාතම පලාත් පාලන ආයතනයක  ප්‍රධාන නිලයක් හෙබවූ  ,රටේ ඉහළම තනතුර දරන දේශපාළන නායකයාගේද  සමීපතම අයෙකි.

කෙසේ වෙතත් මධ්‍යම ආණ්ඩුකාර ධූරය සඳහා උපරිම සුදුසුකම් සහිත මෙම දේශපාළනඥයා ඉතා යහපත් ආර්ථික ස්ථාවර තත්ත්වයක පසුවෙන්නෙක් බව මහනුවර   දේශපාළන ප්‍රබලයන් කීප දෙනෙක්ම පැවසූහ.විදේශ තානාපති සේවයේද පළපුරුදු  අයෙකු වන ආණ්ඩුකාර  ධූරයට   නම යෝජනා වී ඇති ප්‍රභූවරයාට  රටේ ඉහලම තනතුර දරණ දේශපාළනඥාගේද  මනාපය හිමිවී ඇති බවද තතුදත් දේශපාළන ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ආණ්ඩුකාර ධූරය හොබවන  දකුණු පලාතෙන් පැමිණ සිටින   ප්‍රභූ වරයාද කලක් දකුණු පලාතේ පලාත් පාලන ආයතනයක  නියෝජිතයෙකු ලෙස කටයුතු කල අයෙකි. මධ්‍යම පලාතේ ආණ්ඩු කාර ධූරයේ  ධූරකාලය  ලඟදීම අවසන් වීමට නියමිත බැවින් බොහෝ දුරට එම ධූරය වත්මන් ජනාධිපති වරයාට ඉතා සමීප දේශපාළනඥකෙුගේ පවුලේ පැරණි හිතවතෙකුගේ  පුත්‍රයාට  හිමිවීමට ඉඩඇති බවටද දේශපාළන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මධ්‍යම පළාත් ආණුඩුකාර ධුරයට දැනට නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ලෙස කටයුතු කරන සෙන්ඩිල් තොන්ඩමාන් ලබා ගැනිමට දැඩි උත්සහයක නිරතවන බවටද වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *