ජපානයෙන් හොර රහසේ කන්ටේනරයක ඇසුරුම් කර ආනයන තහනම් කර ඇති ඩිසල් 150 වර්ගයේ ප්‍රාඩෝ එංජින් අටක් රේගුවෙන් පිටමන් කිරිමට සහය ලබා දුන් රේගු නිළදාරින්ට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස රේගු අධ්‍යක්ෂ ජෙනරාල් නොනිස් මහතාට අවධාරණය කරන්නේමු.
පසුගිය ඔක්තොම්බර් 01 දින CMAU5809008R1301241S දරණ කන්ටේනර්ය කොළඹ වරායට පැමිණ ඇති අතර එය ඊට ඔක්තොම්බර් 10 අතර කාලයේදී නිෂ්කාසනය කර නිදහස් කර තිබෙි.පසුව එය කුරූණෑගල දඹුලු මාර්ගයේ තොරයාය ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්තානයකට රැගෙනවිත් තිබෙි.


වාහන කැළි ආනයනය කරන මුවාවෙන් රැගෙනවිත් ඇති එම එංජින් ආනයනයට ආනයන අපනයන පාලකවරයාගේ ලිඛිත අවසරයක් තිබිය යුතුය.


කෙසේ වෙතත් මෙම එංජිමක් රුපියල් ලක්ෂ 80වකට අධික මුදලකට අලෙවි වන අතර මුලු වාහනවලම කොටස් ගලවා ගෙනවිත් එකලස් කිරිම මෙම ජාවාරමුන්ගේ කර්මාන්තය වී ඇත.ඊට මොවුන් ප්‍රසිද්ධියක් උසුලයි.මිට සමිබන්ද දුලාන් හා ධමිමික යන දෙනො අදාළ කන්ටේනරයට වාහන පැටවිමට ජාපනයේ සිටියදී එරට පොලිසියට හසුව රක්ෂිත බන්ධනාගර ගතව මෙරටට පිටුවහල් කර ඇත.
කෙසේ වෙතත් මෙම බහලුම නිදහස් කර ගැනිමට රේගු නිළදාරින්ට රුපියල් මිලියන දහයක මුදලක් ලබා දී ඇති අතර එමගින් රජයට අහිමිවු බදු මුදල රුපියල් කෝටි 20ක් බව වාර්තාවෙි.කෙසේ වෙතත් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මෙම බහලුම පරික්ෂා කල රේගු නිළධාරින් කවුරුන්ද යන්න දැනගැනිමට ගතවන්නේ නිමේෂයකි.ඒ මේවන විට අදාළ බහලුමේ අංකය පවතින නිසා අදාළ රේගු නිළධාරින් හා පගාව ගෙන නිදහස් කිරිමට කටයුතු කළ නිළධාරින්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිලබදව අප අවධානයෙන් බලා සිටින්නේමු.