නිලාවෙලි වෙරළේ සංචාරක ප්‍රවාහන යාත්‍රාවකට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයෙන් හා වනජීවියෙන් කෙනෙහිලි

ත්‍රිකුණාමලයේ සංචාරක කර්මාන්තය මත පදනම්ව ජීවත්වන යාත්‍රා කරුවන්ගේ බඩට ගසමින්, නිලාවේලි පොදු වෙරළ තීරයේ රාජකාරි කරන පොලිස් ජීවිතාරක්ෂක සහ වනජීවී නිලධාරීන් ගේ පළිගැනීමේ ක්‍රියාවන් උපරිම මට්ටමකට පැමිණ ඇත.
බලපත්‍ර සහිතව පරෙවි දූපත (Pigeon Island) වෙත සංචාරක බෝට්ටු සේවාවේ නිරත වන ප්‍රදේශවාසී බෝට්ටුකරුවන් හා මාර්ගෝපදේශකයන් වෙත දිනපතා එල්ල වන අසාධාරණයන් රැසකි.
පසුගිය 10 වන දින නිලාවේලි පොදු වෙරළේ රාජකාරියේ නිරත ජීවිතාරක්ෂක පොලිසියට (Life Saving Police) අයත් රජයේ බෝට්ටුව පරවි දූපතට සංචාරකයින් මුදලට ප්‍රවාහනය කරනු ලැබීය. පරවි දූපතේ සංචාරකයන්ගේ ආරක්ෂාවට බව කියමින් දූපතට බලහත්කාරයෙන් ඇතුළු වු පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මේ අයුරින් නීති විරෝධී සහ විධිමත් නොවන බොහෝ ක්‍රියාවන්වල නිරතවේ.
පිහිනීමට උපකාරී වන අනුමැතිය ලත් සංචාරක මාර්ගෝපදේශකයන් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් මුදලට එම රැකියාවේ නිරතවීම මාර්ගෝපදේශකයන්ගේ ආර්ථිකයට පහරකි.
නිලාවෙලි සංචාරක යාත්‍රා සංගමයේ උප සභාපති මුබීන් මහතා මෙය පෙන්වා දී ප්‍රශ්න කල පසු මේ වනවිට පළිගැනීම් ආරභකර ඇත.


ඒ අනුව අංක 14 දරන සංචාරක බෝට්ටුවට පරවි දුපතට ප්‍රවේශ වීම නවතාලමින් දින 14 ක තහනමක් පනවා ඇත.
නිලාවේලි පොදු වෙරළේ සිටින ඇතැම් වනජීවී නිලධාරීන් සහ ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන් විසින් මෙම තහනම පනවා තිබේ.
මෙම තහනම් හේතුවෙන් යාත්‍රා කම්කරුවන් අසරණ තත්ත්වයට පත්ව ඇත. බෝට්ටු රැකියාව මත පමණක් විශ්වාසය තබා තම පවුල්වල එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නා සාමාන්‍ය කම්කරුවන්ට මෙම තහනම දැඩි පහරක් වී ඇත.
සංචාරක යාත්‍රා සමිතියට එක නීතියක් ද අලස්තෝට්ටම්, සල්ලි, නිලාවේලි හා ඩයිවින් ගුරු වැනි අනෙකුත් ප්‍රදේශවලින් හා ආයතන වලින් සංචාරකයන් 7 කට වඩා යාත්‍රාවල රැගෙන පැමිණෙන යාත්‍රා සඳහා තව නීතියක් ද ලෙස පොලිසිය හා වනජිවිය නීති දෙකක් ක්‍රියාත්මක කරයි.
ඉකුත් ජුනි මස පරෙවි දූපත තුළ පිහිනමින් සිටි විදේශික දැරියක ඇතුළු තිදෙනෙකු යාත්‍රාවකින් යටකර බරපතළ තුවාල සිදුකල බෝට්ටු කරුවන මොහොමඩ් සියාඩ් ට හා අනතුර සිදුකළ යාත්‍රාවට යළි දූපතට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට බෝට්ටු හිමිකරු සාජිත් යන අයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ගෙන ඇත. මොහොමඩ් සියාඩ් පෙර වසරේද පරෙවි දූපතට ආ දේශීය සංචාරකයන් හට පහර දී නඩුවක් පවතින අයෙකි. ඔවුන් හට එක නීතියකි. නිලධාරින් ගේ වැරදි පෙන්වාදී ප්‍රශ්න කරන යාත්‍රාකරුවන්ට තවත් නීතියකි. මේ පරෙවි දූපත තුළ රාජකාරි නිරත නිලධාරීන් ගේ දෙබඩි පිළිවෙතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *