තල්මසුන් බලන්න බලපත්‍ර දෙන්නේ හිතවත් ව්‍යාපාරික කල්ලියකට පමණයි.

දෙස් විදෙස් සංචාරකයන් සඳහා තල්මසුන් හා ඩොල්ෆින් සතුන් පෙන්වීම ජීවනෝපාය කරගත් එම කර්මාන්තයේ බොහෝ කාලයක් නිරත ත්‍රිකුණාමලයේ ජනයාට බලපත්‍ර ලබා නොදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය කාර්‍යාලයට කොමිස් කුට්ටි බෙදන ව්‍යාපාරිකයන් සුළු පිරිසකට පමණක් එම බලපත්‍ර අඛණ්ඩව නිකුත් කරමින් සිටීන බව වාර්ථාවෙි.
ඇලස්වත්ත දුසී, ධනු, මනයාවෙලි ශංකර්, නිලාවෙලි දිනේෂ් වැනි කොමිස් මිටි ගණන් විසිකරන කුප්‍රකට ව්‍යාපාරිකයන් හට පමණක් අඛණ්ඩව මෙම බලපත්‍ර වාර්ෂිකව නිකුත් කෙරෙන බව සදහන් වේ. බලපත්‍ර ඉල්ලා ඇති පිරිස සියයකට ආසන්න වුවත් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව බලපත්‍ර නිකුත් නොකරමින් කල්මරන්නේ උක්ත ව්‍යාපාරිකයන්ගේ ඒකාධිපති සංචාරක කර්මාන්තයට පහර වදින නිසාවෙනි. එම ව්‍යාපාරිකයන් ගේ බලපෑම මත සෙසු පිරිස වෙත බලපත්‍ර නිකුත් නොකර විවිධකාර හේතු පවසන බව සංචාරක කර්මාන්තයේ නියැළෙන සෙසු පිරිස් නගන චෝදනාව වේ.
බලපත්‍ර ලබා ගැනීමේදී පවුලේ කිහිප දෙනෙකු නමින් යාත්‍රා පහ, හය සඳහා බලපත්‍ර ලබාගෙන ඇති බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ත්‍රිකුණාමලය කාර්‍යාලයේ අධීක්ෂණ නිලධාරින් දෙදෙනෙකුට හා කාර්‍යාලීය සේවකයන් තිදෙනෙකුට මෙම ලාබාංශ මුදල් බෙදීයන බව වාර්තා වේ. පසුගිය කාලයේ ත්‍රිකුණාමලය, හතරේ කණුව කාර්‍යාල පරිශ්‍රය තුළ රාත්‍රි මත්පැන් ප්‍රිය සාද පවා මෙම ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහයෙන් හා සහභාගිත්වයෙන් පවත්වා ඇති බව දැනගන්නට ලැබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *