තමන්ට ලැබුණු මුදල් බැංකු පොලියෙන් ලැබුණු එවා බව සදහන් කිරිමත් සමග සබරගමුව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ දෙවැනි විවාහයේ බිරිදගේ මාමණ්ඩිය සහ නැන්දනිය ( බිරිදගේ මව සහ පියා) දැඩි ගැටලුවකට මුහුණපා ඇති බව වාර්ථාවෙි.
අල්ලස් කොමිසම මගින් කිත්සිරි ජයලත්ගේ අයථා වත්කම් සමිබන්ධයෙන් සිදු කරන පරික්ෂනයේදී වැඩි පොලි මුදලක් ලබා ගැනිම සදහා සිය බිරියගේ මාපියන්ගේ නමින් බැංකු ගිණුම් විවෘත කර ඒවායේ මුදල් තැන්පත් කර ඇති බව හෙළීව ඇත.
එහෙත් මේ සම්බන්දයෙන් එම මව්පියන් අවබෝධයෙන් සිට නැති විම නිසා ඒ සම්බන්දයෙන් පිලිතුරක් ලබා දිමට නොහැකිවී ඇති බව සදහන් වෙි.ඒ සම්බන්ධයෙන් එම මව්පියන්ගෙන්ද ප්‍රකාශ ලබා ගෙන ඇති බව වාර්ථාවෙි.
මේ අතර කිත්සිරි ජයලත්ට අයත් අනුරාධපුර පුජා භූමියේ කුඹුරු ඉඩමක් ගොඩකර ඉදිකර ඇති ස්තූප ස්ටාර් නැමති හෝටල ද මේවන විට ව්‍යාජ ආකාරයට බදු දී ඇත්තේ මෙම අයථා ඉපයිම්වලින් බෙිරිම සදහා බව වාර්ථාවෙි. මහල් හතරකින් යතු හෝටලය බදු දී ඇත්තේ මසකට රුපියල් විසි පන්දහසක්ට වන අතර එය ආජ්‍ය ආයතන නොමග යැවිමට කළ දෙයක් බව හෙළිවී ඇත.
හෝටයේ කමර පහසුකම් ලබා ගන්නා අය සෘජුවම බැංකු කාඩි මගින් මුදල් ගණූදෙනු කළ යුතු අතර එම මුදල් ජයලත්ගේ දරුවාගේ ගිණුමට සහ ඔහුගේ ගිනුම්වලට බැර වන බව වාර්ථාවෙි.කෙසේ වෙතත් මේවන තෙක් ආදාළ බදු කරු ආදායම් බදු නොගෙවිම නිසා ඔහුට එරෙහිව පර්ක්ෂණයක් ද ආරම්භ කර ඇති බව වාර්ථාවෙි.

