ජනතාවට උසස් ප්‍රමිතියෙන් යුත් ඉන්ධන ලබාදීම ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ සහ ගබඩා පරියන්ත සමාගමේ ප්‍රධාන වගකීමයි.මහජනතාවගේ මුදලින් ආනයනය කරන ඉන්ධන මහජනතාවගේ මුදලින් ප්‍රවාහනය කර පාරිභෝගික ජනතාවට උසස් ප්‍රමිතියකින් යුත් ඉන්ධන පරිභෝජනය කිරීමට අවස්ථාව සැලසීම තෙල් සංස්ථාවේ සහ ගබඩා පර්යන්ත සමාගමේ ප්‍රමුඛ රාජකාරියයි.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ,පුනරුද යුගයක් වැනි ලස්සන වචන අද වන විට තෙල් සංස්ථාව අභ්‍යන්තර ප්‍රධානම ඉහළ නිලධාරීන්ගේ සහ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ තෙල් හොරකමේ මාෆියාවට විශාල ඉඩකඩක් විවෘත කරදී ඇතිි බව වත්මන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත්කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති ඉතාම කණගාටුවෙන් මෙම සිදුවීම් පෙළ අප වෙත වාර්තා කර සිටියේය.
රටේ ජනතාව තවමත් QR කේතයට ඉන්ධන ලබා ගනිද්දී පෞද්ගලික ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමිකරුවන්ගෙන් විශාල පිරිසක් ඉන්ධන හල් සඳහා රැගෙන යන ඉන්ධන කවලම් කිරීම,ටැංකි රථ අභ්‍යන්තරයේ වෙන මම ඉන්දන නල මාර්ග පද්ධති යොදා ගනිමින් විශාල වංචා රැසකට ගබඩා සමාගමේ අභ්‍යන්තර ඉහළම නිලධාරීන්ගේ ආශිර්වාදයෙන් සිදු කරගෙන යන බව සදහන්වෙි .
ආසන්නම සිදුවීම පසුගිය සිකුරාදා දින කොලොන්නාව ගබඩා පර්යන්ත සමාගමේ දී මැණිකේ ට්‍රාන්ස්පොට් යක්කල WP/JP 8177 /H 1265 දරන ටැංකි රථය ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී සිදු වූ වංචාවක් හේතුවෙන් හංවැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල අධිකරණය මගින් ලබා දුන් නියෝගයකට අනුව කොළොන්නාව ආරක්ෂක අංශය හා විමර්ශන අංශය වෙත ඉන්ධන තොග ගබඩා පරියන්ත සමාගමට මුදා හැරීම සඳහා එදින දහවල් ඉහත අංක දරණ ටැංකි රථය කොළොන්නාව නිමාවට රැගෙන ආ අවස්ථාවේ ආරක්ෂක අංශය නිලධාරීන්ට ඇතිවූ සැකයක් නිසා හා ආයතනික විමර්ශන ක්‍රියාවලියට අනුව ආයතනයේ මෝටර් රථ වාහන අංශය වෙත ටැංකි රථය පරීක්ෂාවට ලක් කිරීම සඳහා යොමුකර එයින් ලබා ගන්නා සහතික පත්‍රය අනුව මුදා හැරීමේ ක්‍රියා පිළිවෙත සඳහා යොමු කර ඇත.

මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ ටැංකි රථය අධිකරණ ක්‍රියාවලියක්ද සිදුවන අවස්ථාවේ මෙම ටැංකි රථය නියමිත ක්‍රමවේදයට අනුව මෝටර් රථ වාහන අංශය වෙත යොමු නොකර අදාල ටැංකි රථයේ හිමිකරු සහ ටැංකි රථය කිසිදු රස්තියාදුවකින් තොරව කඩිනමින් ටැංකි රථ හිමි කරුට භාර දීමට කටයුතු සලසනමෙන් ආයතනයේ ඉහළම නිලධාරීන්ගෙන් ආරක්ෂක අංශ වෙත විශාල බලපෑමක් එල්ල වූ බවද අදාළ වෘතීය සමිති නියෝජිතයා අපට පවා සා සිටියේ ය.මෙම රජය බලයට ගෙන ඒමට ක්‍රියාකළේ මෙම හොරුන් පන්නා දැමීමට මිස මොවුන්ට වැජඹීමට නොවන බව පවසමින් වර්තමාන ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු මෙම ආයතනයට පත්කර ගැනීම තුළින් මෙහි විශාල වංචාවන් රැසක් හෙළි කර ගැනීමට තිබූ අවස්ථාව මෙම වසර දෙක තුළ ගිලිහී ගොස් ඇති බවද එම සේකයින් පවසයි.
කොලොන්නාව ගබඩා පරියන්ත සමාගමේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සූක්ෂම උපාය මාර්ගය ක්‍රම හා විචක්ෂණ බුද්ධිය හමුවේ මෙම ටැංකි රථය මෝටර් රථ වාහන ක්ලියර්න්ස් වාර්තාව ලබා ගැනීමට සියලු නිලධාරින් යොමු කර ඇත්තේ අනුරගේ හිතවත්කමට පත් කර ගත් ඉහළම නිලධාරීන්ගේ දැඩි බැලපෑම් එල්ල වෙමින් තිබූ වාතාවරණයක් හමුවේ බවද එම වෘත්ති සමිති නිලධාරියා අපට පවසා සිටියේය.
හොරුන් එළවන්නට හා මාෆියාවල් පන්නනට ආ අනුරගේ රජය තෙල් සංස්ථාව තුළ අති සාර්ථකව මාපියාකරුවන්ට හා අභ්‍යන්තර සල්ලාලයින්ට තෝතැන්නක් ඇති කරමින් ජාවාරම්කරුවන්ට නතුවී ඇති බව වවාර්ථාවෙි.
මෙම වසරේම ඉකුත් මැයි මස දී හල්දුම්මුල්ල ප්‍රදේශයේදී පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයෙකුට අයත් ටැංකි රථයක් මගින් අවස්ථා කීපයකදී ඉන්ධන සොරකම් කිරීම පිළිබඳව හල්දුම්මුල්ල ප්‍රදේශයේ ජනතාව මාලිමා රජයේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය දැනුවත් කර ටැංකි රථය අත්අඩංගුවට ගැනීමට සමනල වැව පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත.
මෙහි වඩා වැදගත්ම අවස්ථාව නම් මීට පෙර පැවතිි රජයන් ගබඩා පරියන්ත සමාගමේ අභ්‍යන්තර විමර්ශන ඒකක මගින් වැටලීම් කර ටැංකි රථ අත්අඩංගුවට ගැනීම් සිදු කළ අතර මේ වන විට වර්තමාන රජය මගින් විමර්ශන නිලධාරීන් රැසක් බඳවා ගෙන ඇති අතර වර්තමාන රජයේ ඉහළම නිලධාරියෙකුගේ උපදෙස් මත ඉන්ධන වැටලීම් සිදුකිරීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක අංශ හා විමර්ශන අංශ යොදවා ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දැමීම සිදුකර ඇත.
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියේදී සිදුවන ඉන්ධන වංචාව සඳහා කටයුතු කරන පෞද්ගලික ටැංකි රථ බොහොමයක් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය මගින්ම පමණක් වීම සුවිශේෂීව පෙන්වා පෙන්වා දිය හැක.
ආයතනය සහ පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන් අතර පවතින ගිවිසුම් කොන්දේසි වලට අනුව හෝ යම් විමර්ශනයන් සිදු කිරීමට ආයතනයේ නීති නිලධාරිනියන් උපදෙස් ලබා නොදෙමින් කටයුතු කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් ලබා ගන්නා සන්තෝෂන් හේතුවෙන් බවද පැවසේ.
ආරක්ෂක අංශය සහ විමර්ශන අංශයන් වෙත පවතින නීති උපදෙස් ලබා නොදෙමින් නීති නිලධාරණයන් කටයුතු කරන්නේනේ නීතිය නීතිගත ක්‍රියාත්මක කිරීමට නොව හොරකමට ගිජුකම් දක්වන පෞද්ගලික ටැංකිලත හිමියන්ට අවස්ථාව සහ මග පාදා දෙන ආකාරයෙන් බවද එම වෘත්තීය සමිති නිලධාරියා පවසා සිටියා
ඉකුත් ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ විමර්ශන අංශය සඳහා බඳවාගත් නිලධාරින් අතරින් සිව් දෙනකු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වීමක් නිවැරදිව සිදු නොකර ස්ථීර සේවයට බඳවාගෙන ඇත්තේද දූෂිත ක්‍රියාවක් ලෙසයි.
මෙය පොදු දේපල පන්තිය යටතේ ඉතා බරපතල වරදක් වන අතර වෘත්තිය සමිති කිහිපයක් මේ පිළිබඳව රාජ්‍ය සේවා ක්‍රමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවද පවසා සිටියේ රාජ්‍ය පරිපාලන සේවයේ ස්ථීර සේවයේ යෙදෙමින් තවත් රාජ්‍ය ආයතනයක ස්ථිර සේවයට බඳවා ගැනීම ඔවුන්ට හිමි පැන්ෂන් එකද අහිමි කිරීමට තරම් බරපතළ වරදක් බව පෙන්වා දෙමිනි.
එසේම හිටපු රාජ්‍ය අමාත්‍ය D.V .චානක මහතාගේ ආරක්ෂාව භාරක සිටී පොලිස් නිලධාරියා වන හසන්ත කොඩිතුවක්කු මහතා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීම් සිදු නොකර ගබඩා සමාගමේ ස්ථීර සේවයට බඳවාගෙන ඇත්තේද ඉතාම වංචනික අයුරින් වන අතර මෙම සියලු වැරදි යටපත් කරගෙන සිටින්නේ වර්තමාන සභාපතිවරයාගේ වුවමනාව මත බව වාර්ථාවෙි.
පෞද්ගලික ටැංකි රථ හිමියන් සඳහා මෙම මහා පරිමාණ ඉන්ධන වංචාවන් සිදු කිරීම ඉන්ධන බෙදාහැරීමේ ඉන්වොයිස් පත්‍රය ලබාදෙන කොළොන්නාව transport අංශයේ නිලධාරීන්ගේ රැකවරණය සහ ආශිර්වාදය මත සිදු කරවන බවද එම වෘත්තීය සමිති නියෝජිතයා අපට පවසා සිටියේය.
මෙම ක්‍රමය වෙනස් කිරීම සඳහා වර්තමාන රජය බලයට ගෙනාවද පොහොට්ටු ආණ්ඩුව මගින් අදාළ තනතුරු නාමයද නොමැතිව ආරක්ෂක අංශවල තනතුරු නාමයන් සහිත සේවකයන් ඇතුළු බෙදාහැරීම් ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් කිහිප දෙනකුගේ උවමනාව මත පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගෙන් මුදල් ලබාගෙන ටැංකි රථ ධාවනය සඳහා දුර ගමන් වාර ලබා දෙමින් මෙම ඉන්ධන වංචාවට ඔවුන් සහාය දැක්වීමක් සිදුකරන බවද පවසා සිටියා.
ඉස්කැමැල් ටැංකි රථ සඳහා දුර ගමන් වාර ලබා දෙන්නේද මීට පෙර රජයන් කිහිපයකම එකම රාජකාරියක නියැලෙමින් සිටින ,ඉවෝන් සිල්වා සහ මලින්ත ජයතිලක නම් සේවකයන් දෙදෙනෙකු වසර 15 වඩා වැඩි කාලයක් එකම සේවා කාරියක රැඳී සිට මෙම වංචාව ඉහවහා යාමට රුකුලක් වී ඇති බව ද පවසා සිටියා.
දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ ධාවන වංචාව සහ ඉන්ධන සොරකම් පිළිබඳව වර්තමාන රජයෙන් පත් කරන ලද ඉහළම නිලධාරීන් මුනිවත රකිමින් ඊට ඍජුව හෝ වක්‍රව අනුබල දෙන්නේ රජයේ දූෂණ විරෝධී දැක්ම දකිමින් කටයුතු කිරීම ඉතාම සෝචනීය තත්ත්වයක් බවද එම නිලධාරීන් අපට පවසා සිටියා.
ජනාධිපතිවරයාගේ දූෂණ විරෝධී ක්‍රියා පිළිවෙත තෙල් සංස්ථාව තුළ සහ තෙල් සමාගම තුළ ඇති කිරීමට මෙම ලිපිය මඟින් පෙන්වා දුන් සියලු සත්‍ය කරුණු සම්බන්ධයෙන් ස්වාදීන කමිටුවක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් හෝ බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා මගින් පත්තර අදාළ විමර්ශනයන් සිදු කර ජන වරමට එරෙහිව සිදුකරන වංචාවන්වංචාවන් වලට සම්බන්ධ නිලධාරීන් තෙල් සංස්ථාවෙන් සහ ගබඩා පරියන්ත සමාගමෙන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට ජනාධිපතිවරයාට කාලය එළඹේ ඇති බව පෙන්වා දෙන්නෙමු.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පුනරුද යුගයක් තෙල් සංස්ථාවේ සහ සමාගමේ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් සම්බන්ධයෙන් මෙම පරීක්‍ෂණ පවත්වා සෘජු තීරණයන්ට එළඹීමට කාලය පැමිණ ඇති බව පෙන්වාදීමටට කැමැත්තෙමු.
( තෙල් සංස්ථා සේවකයෙකු එවු ලිපියකි)

