මාර්ගස්ථ සභාපතිගේ බිරිඳගේ රුපියල් 5 ක් මාටියා ගැසූ  කොද්දොස්තර වැඩ කල බස් රියේ ධාවනය අත්හිටුවලා

යකඩ මල්ලට ගුල්ලො ගැසීමත් සමග  පරල වූ මධ්‍යම පලාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපති  ප්‍රියන්ත අජිත් ,යක්ෂාවේෂ වී  ,මධ්‍යම පලාතේ පුද්ගලික බස්රථ  පරීක්ෂාව වේගවත් කලේ තම බිරිඳ  පුද්ගලික බසයකට ගොඩවූ අවස්ථාවෙි එහි කොන්දොස්තර වරයා  රුපියල් හතලිහක  බස් ගාස්තුවට රුපියල් 45 ක ගාස්තුවක්  අයකිරීම නිසා බව වාර්ථාවෙි.

සභාපති වරයගේ බිරිඳගේ රුපියල්  5 මාටියා ගැසූ කොන්දොස්තරයාට පාඩමක් ඉගැන්වීමට  සභාපති වරයා කලේ  එම කොන්දොස්තර වරයා වැඩ කල පුද්ගලික බස් රියේ ධාවනය අත්හිටුවීමයි.මෙය හරියට   කොටි හමට තඩි බෑමක් බව  පුද්ගලික බස් සේවකයන් පවසයි.

තමාගේ බස්රියේ ධාවනය  අත්හිටුවීම නිසා කෝපයට පත් විදෙස් රටක සේවය කරන බස්රථයේ හිමිකරු  මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපතිට දුරකතනයෙන් හොඳ ඇමතීමක්ද කර තිබෙන බව මධ්‍යම පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සේවකයන් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *