බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයෙන් අශෝබන ජෝගියක්

ක්‍රිකට් ආයතනය දුවන්න පරිවර්තන කමිටුවක් පත් කර තිබියදීත් ජෝගි නටන පළාත් ක්‍රිකට් සංගමයක් ගැන වාර්තා වේ.ඒ වැඩිම සේවක සංඛ්‍යාවක් සහිත බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයයි.
පසුගිය ඉරිදා පානදුර පැවැති ඔවුන්ගේ සේවක පාටියකදී පුහුණුකරුවන් ඇතුළු පිරිසක් හොඳටම බීමත්වී එළි වන තුරු අශෝබන අයුරින් හැසිරී ඇතැයි අසල්වාසීන් පැමිණිලි කොට ඇත.
මේ ඇතැමුන්ගේ හැසිරීම් විලාශය අනුව ඔවුන් යම් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කර ඇතැයි ඔවුහු පවසති.
මෙම ජෝගිය සඳහා බස්නාහිර පළාත් සංගමයෙන් වියදම් කර ඇති අතර ඊට අමතරව පැමිණි සේවකයන්ගෙන් රුපියල් 7500/= බැගින් එකතු කර ඇති බවත් පැවසේ.
ක්‍රිකට් ආයතනයටද නිගා දෙමින් මොවුන් හැසිර ඇති ආකාරය පිළිබඳව ක්‍රිකට් පරිවර්තන කමිටව වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අපි අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *