මාතලේ  පොලිසියේ ස්ථානාධිපති තනතුරට 12 දෙනෙක් පොරකයි

මාතලේ මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ස්ථාන මාරු කරන විට ඊට සුදුසුකම්ලත් නිළධාරියෙක් පුරප්පාඩුවට පත් නොකර මාසයක් ගතවී ඇති නිසා එම තනතුර ලබා ගැනිම සදහා 12 දෙනකෙු පොරකමින් සිටින බවට තොරතුරු වාර්ථාවෙි.

ආසයේ මන්ත්‍රිවරයාගේ නිර්දේශය ලබා ගැනිමට  නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායක  විසින් ඔහුට හිතවත් නිළදාරින් සිවි දෙනෙකුට ලිපි ලබා දී ඇති බව සදහන්වෙි.

මිට අමතරව ඇමති ලාල් කාන්ත මහතාද මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් දෙනෙකුට ද මාතලේ මුලස්ථානයේ ස්ථානාධිපති තනතුර ලබා දිමට නිර්දේශ ලබාදී ඇති බව සදහන්වේ.

ඊට අමතරව පැලවත්ත පක්ෂ කාර්යාලයෙන්ද තවත් කිහිප දෙනෙකුට නිර්දේශ  ලබා දී ඇති බව කියැවේ.

මිට අමතරව නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්නගේ සොහොයුරෙකුගේ පුතෙක් වන මේ වනවිට  වන හිගුරක්ගොඩ පොලිසියේ සිටිනඇල්ලෙපොල  හෝ ඔහුට හිතවත් වරාය පොලිසියේ සිටින ජයම්පති නැමත් නිලදාරියා එම තනතුරට දමා ගැනිමට උත්සහකරන බව වාර්ථාවෙි. එම තත්වය මත මාතලේ පොලිසියේ ස්ථානාධිපති තනතුර ලබා ගැනිම සදහා දොළොස් දෙනෙකු උත්සහ කරන බව සදහන් වෙි.මෙි නිසා පොලිස්පතිවරයා ආදාල නතතුරට කිසිවෙකු පත් නොකර සිටින බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *