තහනම් උත්තේජක දැලට මීටර් 400 ක්‍රීඩිකාවක් හසුවෙයි

පසුගියදා පැවති ජාතික තේරීම් තරගාවලියේ දී කළ පරීක්ෂා කිරීම් අනුව මීටර් 400 ක්‍රීඩිකාවක් වරදකරු බවට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඇය එම තරගයේදී පුද්ගලික ඉහළම දක්ශතාවද වාර්තා කාලාය.කෙසේ වෙතත් මේ පිළිබඳව නිල වශයෙන් මාධ්‍ය වෙත දැනුම් දීමක් කර නැත.බී සාම්පල පරික්ෂාවට අදාල ක්‍රීඩිකාව යොමුවන බවත් වාර්තාවෙයි.
පසුගිය වසර කිහිපයේම විවිධ හේතුමත තහනම් උත්තේජක පරීක්ෂා කිරීම් ඇල් මැරුණු ස්වභාවයෙන් ක්‍රියාත්මක වීමද වැඩිදෙනාගේ කතාබහට ලක්විය. පසුගිය වසරේ දී දියගමදී ක්‍රීඩකයෙකු පරික්ෂා කිරීමට යාමේදී පලාගිය පුවතක් වාර්තා විය. ඔහුට මේවනවිට තරග තහනමක් පනවා තිබේ.
ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමට වගේම සියලු දෙනාට සමබිමක තරග වැදීමේ අවස්තාව ලැබීමට නම් තහනම් උත්තේජක තරග බිමෙන් ඉවත් කළ යුතුමය. 2017 වසරේදීද තහනම් උත්තේජක භාවිත කිරීම් ඉහළ යාමෙන් ක්‍රීඩාවේ කඩා වැටීමක් ඇති විය.
මේවන විට පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරද සිග්‍රයෙන් මෙම වසංගතය පැතිරයමින් ඇත. වයස 16න් පහල සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෘතීම ශක්ති ජනක ⁣ඖෂධ හා Suplement ලබා ගැනීමට පෙළඹී සිටියි. එහි අවසානය තහනම් උත්තේජක ද්‍රව්‍ය භාවිත කිරීම දක්වා වරධනය වීම වලක්වාගත නොහැක. කෙසේ හෝ ජය ගැනීම මොවන්ගේ පුහුණුකරුවන්ගේත් අරමුණයි. පොෂණ සැලසුම් සඳහා අධික වියදමක් දැරීමට සිදුවීම හේතුයෙන් මෙලෙස වෛද්‍ය නිර්දේශයෙන් තොරව ද්‍රව්‍ය භාවිත කිරීම සිදුවේ.
තේරීම් තරගවල කෙසේ හෝ දක්ෂතා දක්වන බොහෝ පිරිස ජාතික සංචිත සඳහා නිර්දේශ වීමෙන් පසුව තරගාවලිවලදී එම දක්ෂතා දැක්වීමට අපොහොසත් වෙයි.
වර්තමානය වනවිට කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙර නොවු විරූ අයුුුුරින් ඉහළ දක්ෂතා දක්වමින් සිටියි. ඒ තාක්ෂණයේ දියුණුවද වෛද්‍ය අංශයේ දියූණුවද ජානමය ශක්තියද සැක සහිතයි. කෙසේ නමුත් කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ජාතික තලයේ දී දක්ෂතා අතර නැති තරම්. බොහෝ දෙනෙකු දීර්ඝ කාලීන ආබාදවලට ගොදුරුව සිටියි.
ඉදිරිියේදීත් මෙම පරීක්ෂණ නියමාකාරයෙන් සිදුනොවුව හොත් ක්‍රීඩාවේ අනාගතය සැක සහිතය. මෙවැනි කටයුතු වලින් සිදුවන්නේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩකාවන් ක්‍රීඩාව හැර යාමයි.
තහනම් උත්තේජක මර්ධන එජන්සියේ වගකීම සම්මන්ත්‍රණ, චිත්‍ර ප්‍රදර්ශන සංවිධානය කිරීම වගේම මෙි මාරයා පිටුදැකීමට නීතිය ක්‍රියාත්මක කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *