තොරතුරු දැන ගැනීමේ පනත සහ දූෂණ විරෝධී පනත ජවිපෙට පාරා වලල්ලක් වෙයි.

ජනතා විමුක්ති පෙරමුණ  1994 දෙවෙනි ආගමනයේ සිට එහි නායකයන් රටේ බලය බලාපොරොත්තු වුනේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ විපක්ෂයේ තරගයේ වීරයා භූමිකාව රඟ දක්වමින් සදාකල් කල් මැරීමටය. ඒනිසා ඔවුන් සැම විටම විපක්ෂයේ දූෂණ වංචා හෙළිදරව් කරමින් විපක්ෂයේ කාර්ය භාරය ඉතාමත් ඉහලින් ඉටුකරමින් සිටියේය.

නමුත් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පහල වූ කූඨකම දේශපාලඥයා වූ ජේආර් ජයවර්ධනගේ දේශපාලන පුත්‍රයා වූ රනිල් වික්‍රමසිංහ  තමාට කෙළවී ගියත් බලය අතට දී ජවිපෙට කෙළවීමට මාර්ගය සකස්කළේය. හැබැයි ඊට පෙර ජවිපෙ නායකයන් සිහිනෙන් වුවද නොසිතූ මාරාන්තික උගුල් දෙකක් ජවිපෙම සහ දේශපාලන භූමිය තුල නිර්මාණය කළේය. ඒ උගුල් දෙක නම් තොරතුරු දැන ගැනීමේ පනත සහ දූෂණ විරෝධී පනතයි. අදාල මර උගුල් දෙක ඇටවීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ බලය අත හැරියේය. ජවිපෙ දේශපාලන නායකත්වය යටතේ ජාතික ජන බලවේගය වෙත ඔවුන් කිසි දිනක නොපැතූ බලයක් රටේ ජනතාව ලබා දුන්නේය.

එයද මර බය ගෙන දෙන බලයකි. පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලැබුනද ඒ සදහා රටෙන්ම ලැබුනේ ජන්ද ලක්ෂ 68 කි. ඔවුනට එරෙහිව බිමේ ජන්ද ලක්ෂ 102 ක් පවතී. ඒ නිසා ජන්දයට පෙර කියූ සෑම දෙයක්ම ඉටු කිරීමේ අත් නොහල හැකි වගකීමක් ජවිපෙ නායකයන්ගේ උරමත පතිත විය. එය ඔවුන් කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ දෙයක් නිසා ජවිපෙ පූර්ණ කාළීනයන් යැයි කියූ දේශපාලන අරටු දිනෙන් දින ජනතාව අතර පීචං වෙමින් සිටීයි.

උදාහරණයක් ලෙස සුනිල් හදුන්නෙත්ති ,විජිත හේරත්, කේඩී ලාල්කාන්ත, වසන්ත සමරසිංහ, නලින්ද ජයතිස්ස, සාවීත්‍රී පෝල්‍ රාජ් ,නලින් හේවගේ ,ටීබී සරත් පමණක් නොව උද්දච්චකමේ කෙළ පැමිණි බිමල් රත්නායකද පෙන්වා දිය හැක. . එහෙත් තිරේ පිටුපස සිටි තමන්ට බාරදෙන වගකීමට අනුකූල වන ලෙසට වගවීමේ කාර්ය ගැන හොඳ අවබෝධයක් තිබූ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැනි අය පිටියේ ලකුණු රැස්කරමින් සිටීයි. ඔහු වැනි අයද පරෙස්සම් විය යුතුය. ඒ කැපෙමින් සිටින ජ්‍යෙෂ්ඨයන් ඔහු වැනි අයව දුවද්දී දැවීයාමකට ලක් කිරීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ කැපී පේනඑකා කැපීම ජවිපෙ සංසාරගත පුරුද්ද නිසාය.

පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 159 ක් පත්කර 2/3 කට වැඩි බලයක් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ලබාදී මාස තුනක් යන්නට පෙර ධාතු කරඬුව හිසේ තබා සරම කැඩුවා වාගේ වැඩක් කූඨක රනිල් වික්‍රමසිංහ විසින් සෙට් කිරීම දෛවෝපගත සිදුවීමකි. ඒ 2025 වර්ෂය සදහා සියළුම පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන දූෂණ විරෝධී පනත ප්‍රකාරව ඉදිරිපත් කිරීමට සිදුවීමයි. දයාසාන්ත අයියා දීපු තුට්ටු දෙකෙන් ජීවත් වෙච්ච සුනිල් හදුන්නෙත්ති කෝටිපතියෙක් ලෙසත්, පරම්පරාවෙන් ලැබුන අක්කර දෙකක කුඹුර පමණක් තිබූ අනුර කුමාර දිසානායකට කුරුණෑගල පොල් ඉඩමක්,මළගෙවල් සොයාගෙන ගොස් බෝතලය ගැසූ ලාල් කාන්ත කෝටි ගානක් දේපල හිමියෙක් , මෛත්‍රී වික්‍රමසිංහගේ කොටහළු මඟුල්ක් ගෙන එයද විකුණාගෙන කනවා කියා ප්‍රසිද්ධ වේදිකාවේ කියූ නලින් හේවගේට තමා සතුව ඇති ධනයෙන් වැඩි ප්‍රමාණයක් තම දියණියගේ කොටහළු මඟුලෙන් ලැබුන බවට කීමට සිදුවීමත් ප්‍රාදේශීය රැස්වීමකට ගිය විට වාහනයේ ඉන්ධන සදහා සහ මගවියදමට පාක්ෂිකයන් ගෙන් රුපියල් 10000 ක් ගත් වසන්ත සමරසිංහ රාජපක්ෂ පුතුන්ටත් වඩා දේපල සහ මුදල් පමණක් නොව ශ්‍රී ලංකා මහබැංකුව මගින් අනුමත නොකරන ක්ලිප්ටෝ කරන්සි පවා ඇති මහා ධනවත් පුද්ගලයකු වීම ඉතාමත් හාස්‍යජනක විය. රනිල් වික්‍රමසිංහ ඇටවූ එක් මර උගුලකට ජවිපෙ නායකයන් ගොදුරු වූයේ එසේය.

රාජ්‍ය මාධ්‍ය සමග එක්වී නිල නොලත් රාජ්‍ය මාධ්‍ය නාළිකව වන සිරස සහ ඉතාමත් සුළු පාක්ෂිකයන් පිරිසක් මේවා පිරිසිදු කරන්නට වෙල්ලාවට බැස්සාට වැඩක් නැත. දැන් ඔවුන්ගේ රංගනය මොණර නැටුමට සමානය. කොතරම් හැඩ වැඩ දා නැටුවත් පුක එලියේය.

2024 ජනාධිපතිවරණය නිමවී අනුර කුමාර දිසානායක ජනාධිපති වූ විගස ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රදර්ශනය කල නාට්‍ය වූයේ පසුගිය පාලන සමයන්හීදී ජනාධිපති ලේකම් කාර්යාලය පාවිච්චි කරපු ගෝල්ෆේස් පිටිය අසලට ගෙනැවිත් දමා ගිය වාහන ප්‍රමාණය ගැනය. වැඩේ වෙන්නට ඉඩදී බලා සිටි සමාජ ක්‍රියාකාරිකයන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එසේ දමා ගිය සහ බාරදෙන ලද වාහන සහ එම වාහන වලට කුමක් වූවේද යන්න පිළිබදව තොරතුරු ඉල්ලා සිටි අතර ඒ තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කරමින් සිටීයි. එසේ කරනවා කියන්නේම එහි ජනතාවට හෙළිදරව් කල නොහැකි මට්ටමේ දූෂණයක් තිබීමය.

ඊලගට සිඳුවූයේ ඉතාමත් භයානක ක්‍රියාවකි. එනම් කිසිදු පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323 ක් වරායෙන් මුදා හැරීමය. ඒ කන්ටේනර් පිලිබඳ බොහෝ කට කතා පැතිරී ඇත. ඉන් භයානකම කට කතාව වූයේ එම කන්ටේනර් තොගයෙන් යම් කන්‍ටේනර් ප්‍රමාණයක් තුල අවි ආයුධ තිබී ඇති බවය. ඒ පිළිබදව අදහස් දක්වන විද්වතුන් ප්‍රකාශ කරන්නේ වත්මන් පාලකයන් බලය අත් හරින්නේ නැති බවත් එසේ බලය අත් හරින්නට සිදුවුව හොත් පෙර පුරුදු ලෙසට ආයුධ අතට ගනීවී යනුවෙනි. එයට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ  ද පාර්ලිමේන්තුවේ දී ඉඟියක් ලබා දුන්නා ය.

ඒ ” යක්කුන්ට බයනම් අපි සොහොනේ ගෙවල් හදන්නේ නෑ ” යනුවෙනි. එයට ක්ෂනිකව පිලිතුරු දුන් දෙමළ සංධානයේ මන්ත්‍රී රාසමානික්ම් කීවේ ” පරණ පුරුදු ලෙසට තර්ජන කරන්න ආවට අපිත් බය නොවන බවයි.  මෙම කන්ටේනර් තුල තිබුනේ කුමක්ද අදාල කන්ටේනර් එවා තිබුනේ කවුද කොහේ සිටද ඒවා ලබා දුන්නේ ලංකාවේ කාටද යන්න පිළිබදව විස්තර කන්ඩායම් කීපයක් විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා තිබුණි. ඒ පිළිබදව දිගින් දිගටම තොරතුරු දැන ගැනීමේ කොමිසම හමුවේ තර්ක කල අතර එම තොරතුරු ඉල්ලා ඇති පාර්ශ්වයන් ලබාදෙන ලෙසට කොමිසමේ කොමසාරිස් වරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස අග සතියේදී නියෝග කර තිබුණි. එම නියෝගය කර ටික වේලාවක් යන විට රටේ ඉහලම තැනකින් ඔහුට තර්ජනය කර බැනවැදී තිබුණි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් සභාවේ කොමසාරිස් නීතීඥ ජගත් ලියනාරච්චි පුද්ගලික හේතුමත බව පවසා පසුගිය දෙසැම්බර් 30 වන දින සිට ඉල්ලා අස්වීම නිසාත් තවමත් කොමසාරිස් වරයෙකු පත්කර නොමැති නිසාත් කන්ටේනර් තුල තිබ්බේ කුමක්ද ඒවා ගෙනගියේ කොහාටද කාදට යන්න අදටත් රහසකි. කන්ටේනරයක් නිකං එවීමට බැරිය. කොළඹ වරයේ ජය ටර්මිනල් හි පාලක මැදිරියේ වගකිවයුතු අයකු පැවසූවේ තත්පර 15 ක් තුල කොළඹ වරාය තුල ඕනෑම කන්ටේනරයක් ගාල් කර ඇති තැන කියන්නට හැකි බවත් තත්පර 45 ක් තුල කොළඹ වරායට ගොඩබාන කන්ටේනරක් පැමිණෙන්නේ කොහේ සිටද , කාගෙන් කාටද, එහි අඩංගුව ඇත්තේ මොනාද යන්න ප්‍රකාශ කල හැකි බවයි. එසේනම් මෙම කන්ටේනර් 323 පිළිබදව තොරතුරු ලබා ගැනීමට වැය වන්නේ මිනිත්තු 243 ක නැතහොත් පැය 4 යි මිනිත්තු 3 ක කාළයකි ඒ එක පරිඝණකයක් භාවිතාවෙන් එම තොරතුරු ලබාගැනීමට යන කාළයයි. එම තොරතුරු ලබා නොදෙන්නේ ඇයිද යන්න පාර්ලිමේන්තුවේ ඉන්න පමණක් අයට නොව සාමාන්‍ය දැනුමක් ඇති පුරවැසියන්ටද ප්‍රශ්නය කි.

සැමදා විපක්ෂයේ සිට පාක්ෂිකයන් අන්ඳමින් නැතිබැරිකම කියා ඔවුන්ගෙන් යැපෙන්නන්ට සිතාගෙන සිටි බොරුකාරන් රැලක් ඉතාමත් උජාරුවෙන් පම්පෝරි ගසමින් දූෂණයට අපි විරුද්ධයි කියූ අය බලය ලැබුන පසු ප්‍රසිද්ධියේ දූෂිත ක්‍රියාවන්හි නිරතවීම කොතරම් අපූලද?

වත්මන් ආණ්ඩුවට අද සිදුවී ඇත්තේ තමන් මූලිකත්වයගෙන සෑදූ පනත් දෙකක් තමන්ගේ පැවැත්මට බාධාවෙන ලෙසට තම හිසමතට කඩා වැටීමෙන් බේරෙන්න තව තවත් බොරු කියමින් රට වටේ දිව යෑමටය.

( විශේෂ ලේඛකයෙකු විසිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *