මහනුවර  පියදාස ,ආත්මා ගැටුම දුරදිග යද්දි  ලාල්ගේ පැටිකිරියත් හෙළිවෙයි

මහනුවර පියදාස සහ උඩපලාතේ ආත්මා ගැටුම  දේශපාළන ක්ෂේත්‍රය දක්වා විහිදී  ගොස් තිබේ.පියදාස බේරා ගැනීමට ලාල් කාන්ත ඇමති වරයා උඩ පැන පැන  පියදාසගේ ගුණ වයයි.පියදාස ආත්මාගෙන් පළි ගත් බවත්,ඇය රාජ්‍ය පරිපාලන සංචිතයට මාරු කිරීම පිටුපස පියදාසගේ ගජ ඇමති ලාල් සිටින බවත්,සිවිල් ක්‍රියාකාරී එකමුතුව මහනුවරදී පැවසීය,

ලාල්  කාන්තට උද්ඝෝෂණ සටන් පාඨ අමතක වී ඇතැයිද, පියදාස දිස්ත්‍රික් ලේකම් වරයා බේරා ගන්නට ලාල් කාන්ත මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරද්දී  ,දේශපාළන දඬුවම් මාරුවකට හසුවූ ආත්මා  ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් ඉදිරිපත් වූයේ සිවිල් ක්‍රියාකාරී සංවිධාන  ඇතුලු පිරිසකි.

පියදාස  උන්නැහේ⁣ට  අතීතය අමතක වී ඇති බව ,ප්‍රාදේශීය ලේකම් වරු  පවසයි.එදා දිමූ ජයරත්නගේ හුරතලා වූ පියදාස දැන් ලාල්කාන්තගේ සමීප කීකරු සුරතලා වී සිටින බව රාජ්‍ය නිලධාරින් චෝදනා කරයි.

ආත්මා  උඩපලාතෙන්  ඉවත් කිරීමට පියදාස ලොක්කා ඉතා සූක්ෂම උපක්‍රම ක්‍රියාත්මක කළේය ,එහෙත් දිට්වා ආධාර යටි මඩි ගැසූ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරින් ගැන සොයා නොබලන පියදාස දිස්ත්‍රික් ලේකම්    ,තමන්ගේ දිස්ත්‍රික්කයේ දිට්වා ආධාර ලෙස   පරිත්‍යාගශීලී ආයතන සහ සංවිධාන  ලබාදුන් පිටි කිලෝ  50 ක් ,කල් ඉකුත් වන තෙක් සඟවා ගෙන සිටි ,මැදදුම්බර  ග්‍රාමනිලධාරිනිය  ගැන සොයා නොබැලු⁣ බවට  චෝදනා එල්ලවී තිබේ.

කල් ඉකුත් වූ මෙම තිරිඟු පිටි කිලෝ  50 එම ග්‍රාම නිලධාරිනිය විසින් පසුගිය  පොසොන් පෝයට  රොටී දන්සැලකට හොර රහසේ දුන් බව  මැද දුම්බර ග්‍රාම නිලධාරින්  දනියි.

ඉන්දික පියදාසට අවශ්‍ය වී ඇත්තේ කටකාර ,කෙලින් කතා කරන උඩපලාතේ ප්‍රාදේශීය ලේකම් ආත්මා ජයරත්න මහනුවර දිස්ත්‍රික්කයෙන් පළවා හැරීමටය .ඔහු එය තම හිතවත් ලාල්  ඇමති හරහා සූක්ෂමව  කල බව මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ⁣ ලේකම් වරු සහ ලේකම් වරියන් දනියි.

තමන්ම අත්සන් යොදා එදා ජයරත්න පරපුරට  හිමිකර දුන්  අම්බුළුවාව ජෛව විවිධත්ව  රක්ෂිතයට එරෙහි වූ උඩපලාත ප්‍රාදේශීය ලේකම් ධූරයෙන්  ඉවත් කරන්නට සියලු කුමන්ත්‍රණ දියත් කල මහනුවරද දිස්ත්‍රික් ලේකම්   අනුරුද්ධ ඉන්දික පියදාස  ගැන මහනුවර දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය නිලධාරින් දැන් හඳුනාගෙන අවසන් බව  ඔවුන්ම පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *