මහනුවර නගරයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට මහත් ව්‍යසනයක්ව පවතින මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ සංචාරක මග පෙන්න්නන් ලෙස ව්‍යාජව නගරයේ සැරිසරන පුද්ගලයන් නිසා නගරයට යන එන විදෙස් සංචාරකයන් දැඩි පීඩාවකට පත්ව සිටිති.
මෙම පුද්ගලයන් සංචාරකයන් පසු පස යමින් ඔවුන්ට බලපෑම් කරමින් නගරයේ විවිධ වෙළඳ සැල්වලින් ඉතා අධික මිළට සංචාරකයන්ට භාණ්ඩ මිළදී ගන්නට බලපෑම් කරද්දී මහනුවර සංචාරක පොලීසිය නිද්‍රාශීලීව සිටින බව නීත්‍යානූකූල සාංචාරක මග පෙන්වන්නන් පවසයි.
මෙම පුද්ගලයන් මහනුවර පොදු වෙළදපොළ ,නගරයේ විවිධ රන් බඩු අළෙවි සැලවල් සහ රෙදිපිළි ,පාවහන් අළෙවි සැල් වෙත පැමිණෙන විදෙස් සංචාරකයන් කූඨ ලෙස රවටමින් ඉතා අධික මිලකට භාණ්ඩ ලබා ගන්නා ලෙස බලපෑම් කිරීම නිසා විදෙස් සංචාරකයන් බියට පත්ව සිටියි.
සංචාරක මණ්ඩලයේ නීත්‍යානූකූල අවසර පතක් හෝ නැති ,මත්කුඩු ,අයිෂ් ,ගංජා සහ මත්පැන් පානය කර නගරය ආක්‍රමණය කරගෙන සිටින මෙම වංචනික ගයිඩ් වරු,සෑම අවස්ථාවකම විදෙස් සංචාරකයන් රවටා මුදල් ලබා ගැනීමේ ප්‍රයත්නයක යෙදෙන බව නගරයේ වෙළඳ සැල් හිමියන් සහ පැරණි භාණ්ඩ අළෙවි කරන ඇන්ටික් සාප්පු හිමියෝ පවසති.
මහනුවර සංචාරක පොලීසිය මේ කරදර කාරී කුඩ්ඩන් මෙල්ල නොකරන්නේ සංචාරක පොලීසියේ ඇතැමුන්ටද මොවුන්ගෙන් සන්තෝෂම් ලැබෙන නිසා බව තතු දත් පිරිස් පවසති.
සංචාරක පොලීසිය නමට පමණක් තිබී පලක් නැත ,ඔවුන් මහනුවරට එන විදෙස් සංචාරකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද සොයා බැලිය යුතුය.මහනුවර නගරයට එන විදෙස් සංචාරකයන්ට බොහෝ විට මැරයන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ගයිඩ් වේශයක් මවා ගත් ,අයාලේ යන්නන්ගෙන් ඇති වන පීඩා නතර කිරීම සංචාරක පොලීසිය කටයුතු කළ යුතුය.

