මහනුවර නගරයේ ප්‍රධාන දුම්රිය පොල ඉදිරිපිටින් ආරම්භ කරන දුර සේවා බස් රථවලින් සරත් නැමැති ගරාජ් සේවකයෙකු විසින් කප්පම් ලබා ගන්නා බව එම බස්රථ සේවකයින් පවසයි.
අනුරාධපුර,ත්‍රීකුණාමලේ ,සීගිරිය ,දඹුල්ල ,යාපනය ,අම්පාර ,පොලොන්නරුව ආදි ප්‍රදේශ බලා ධාවනය වන පුද්ගලික බස්රථ වලින් ඉතා සූක්ෂම ලෙස කප්පම් ගන්නා මධ්‍යම පලාත්සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ ඇතැම් නිලධාරින් සහ සේවකයන්ට මේසේ එකතුකරන කප්පම් මුදල් සරත් නමැති ගරේජ සේවකයා විසින් ලබා දෙන බව වාර්ථාවෙි. ඔහුට එසේ මුදල් එකතු කිරිමට එම බලය දී ඇත්තේ කවුදැයි පුද්ගලික බස් හිමියන් පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ ,මං වැඩ කාරයා කියන සභාපති අජිත්ගෙන් ප්‍රශ්ණ කරති.
මෙම සරත් නමැති ගරාජ් බාස් ඉතා රහසිගතව එකතු කරන කප්පම් මුදල් දවසකට රුපියල් පණස් දහස සිට 75000 =/ දක්වා වන අතර මේ මුදල් බෙදෙන්නේ පලාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ ලොකු ලොකු නිලධාරින්ට බව පැවසේ.
ඔහු මෙම බස් නැවතුම්ස්ථානයේ ව්‍යාජ ගරාජ් බාස් කෙනෙකු ලෙස පෙනී සිටිමින් සෑම දුර ගමන් බස් රියකින්ම මුදල් එකතු කරයි.ඔහුට අතයට කප්පම් නොදෙන බස්වලට කෙණහිළි කම් කරන වේලා සටහන්කරුවන් සහ නිලධාරින් වහා මාරු කරන්නට පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ බලධාරින් පියවර ගන්නා බව වාර්ථාවෙි.
තවමත් සිස්ටම් චේන්ජ් කරගන්න බැරි වේලා සටහන්කරුවන් සහ කළමණාකරුවන් වෙත්නම් ඔවුන්ව වෙනස් කිරීම ප්‍රවාහණ අධිකාරියේ සභාපති වරයාගේ නිල කාර්යයි.ප්‍රවාහණ අධිකාරියේ නිලධාරින්ට වඩා සරත් නමැති අයට බස් වලින් කප්පම් ගන්න අවසර දී ඇත්තේ කවුදැයි මහනුවර පොලීසියේ නිලධාරිනුත් ,පලාත් සභාවේ බලධාරියා වන පලාත් ආණ්ඩුකාර වරයාත් සොයා බැලිය යුතුයි.

