අන්තවාදි ප්‍රහාරයක් සම්බන්ධයෙන් සියලුම පොලිස් ස්ථාන සීරුවෙන් තබයි.

මඩකළපුව එරාවුර් ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අන්තවාදි ප්‍රහාරයක් එලල් කිරිමට සැලසුම් කර ඇති බවට පොලිස් මුලස්ථානයට වාර්ථාවීමත් සමග සියලුම පොලිස් ස්ථාන ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඊට මුහුණදිම සදහා සියලුම අංශ සීරුවෙන් තබා ඇති බව වාර්ථාවෙි.
ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙතද පසුගිය 08 දින තොරුතුරු ලැබි ඇති අතර අමාත්‍යංශයද පොලිස් මුලස්ථානය දැනුවත් කර ඇත.
මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය හා පොලිස් විශේෂ විමර්ශන එකකය මගින් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබෙි.ඒ අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් වහාම ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් දින පහක් තුළ සිදු කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට හා ත්‍රස්ත විමර්ශන එකකයට නියෝග කර තිබෙි. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයඊට අමතරව නැගෙනහිර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටද ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙසට දන්වා ඇත.
ආදාළ සැකකකරු තාවකාලික ලැග්ම් හළක හෝ හෝටලයක රැදි සිටින බවට ලද තොරතුරක් මත සොදිස් මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *