මැයි 1දා රාජිත UNP වේදිකාවේ : චතුරගේ පාටියෙන් හෙළිවෙයි

ලබන මැයි 01 වැනිදා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා එජාප මැයිදින වේදිකාවට ගොඩවීමට සැරසෙන බවට වාර්තා පැතිර තිබේ.

ඒ මහතාට, නැවත වරක් සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබාදීමට නියමිත බවද පැවසේ.

රාජිත, මහතාගේ පුත් චතුර සේනාරත්න විසින් මේ ‍සඳහා බුලත්සිංහල ආසන සංවිධායකු සමඟ පසුගියදා  (28) කොබවක ගෝවින්න ප්‍රදේශයේ සාදයක් සංවිධානය කර තිබිණි.

කෙසේවුවද, එම සාදයට රාජිත මන්ත්‍රීවරයාගේ ආසනයේ කිසිවකු පැමිණ නැති බවත්, මීගමුවේ හා කඳානේ චතුරගේ ආධාරකරුවන් පිරිසක් පමණක් බස්වලින් ගෙනැවිත් එයට සම්බන්ධ කර සිටි බවත් පැවසේ.

රාජිතගේ ගමේ කිට්ටු අය අතරින් එහි සිට ඇත්තේ පූජ්‍ය ආනන්ද සාගර හිමියන් පමණක් බවද සදහන්වේ.

හිටපු ඇමතිවරයාගේ ආධාරකරුවන් නොමැති වුවද මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් රොත්තක් සහභාගිවී සිටි බවද වාර්තා වේ.

කෙසේවුවද, මේ සඳහා මාධ්‍ය ආවරණය ලබා ගැනීමට මාධ්‍යවේදීන් පිරිසක්ද එක්කරගෙන සිටි බව වාර්තා වේ.

රාජිතට සුබ පතන්නට මවුබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ද සාදයට ගොස් ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *